Friday, November 15, 2013

හද හැඬුවා රත්තරනේ ඔබ හින්දා...





සචින්, මට සමාවෙන්න
අවුරුදු 20ක් තිස්සේ මාව උස් මහත් කරලා හදපු වඩපු අම්මයි තාත්තයි වෙනුවෙන් විතරමයි මං මේ තීරණේ ගන්නේ. ඒ අයව රිද්දලා කවදාවත් මට සතුටු වෙන්න බෑ. ඒගොල්ලෝ මං වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. තිබුනු හැමදෙයින්ම හොදම දේ දුන්නේ මට. එහෙම කරපු අයව අතාරින්න බෑ මට කවදාවත්. ඔයාව මං තෝරගත්තොත් මං ඒ අයව අතාරින්න ඕනෙමයි. ඒ දේ කවදාවත් වෙනස් වෙන්නෙම නෑ. ඒ අයගේ තීරණයට පිටින් යන්න බෑ මට මෙච්චරකල් කලේ හැමදාම අඩ අඩ කවදාවත් සතුටක් නෑ. එහෙම ආදරය කරන්න බෑ. එහෙම ආදරය කරලා වැඩකුත් නෑ. මේ මං ඉන්න තත්ත්වය ඔයාට තේරුම් ගන්න බෑ මොකද ඔයාගේ ගෙදරින් කැමති නිසා.

අනිත් එක මං හවස කියපු දේ මං පවුලේ වැඩිමල් දරුවා විදිහට මට ලොකු වගකීමක් තියනවා මේ ටික කාලෙට මං ඒ හැමදෙයක්ම අමතක කරලා හිටියේ. ඒ වුනාට ඒක හැමදාම කරන්න බෑ. මේ හැමදේටම වඩා වටින්නේ අම්මයි තාත්තයි.... මගේ සතුටටත් වඩා...... මං මේ ඇත්ත හැමදාම දැනගෙන හිටියත් පුංචි හීනයක් හැමදාම තිබුනා අම්මලා දවසක කැමති වෙයි කියලා. ඒක හැමදාම හීනයක් විතරයි. ඒ හීනේ අපි දෙන්නම දැක්කා......

ඔයා සමහර විට මට සමාව දෙන එකක් නෑ..... ඒ වුනාට කමක් නෑ සචින් සමාව දෙන්න බැරිනම් වෛර කරන්න මට... ඒ වුනාට මං හින්දා නවත්තපු කිසිදෙයක් ආයෙමත් පටන් ගන්න එපා. ඒක අපි දෙන්නගේ ආදරේ වෙනුවෙන්වත් කරන්න. ඔයා ආයේ මං වෙනුවෙන් කවදාවත් බලන් ඉන්න එපා. මේ දේ අදින් ඉවර කරලා දාමු. ඒක කියන තරම් ලේසි නෑ තමයි. ඒ වුනත් කිහිපදෙනෙක්ම අඩවලා ඇවිත් අඩලා කරන ආදරේ කවදාවත් සාර්ථක වෙන්නේ නෑ. ඔයා ඊයේ ඇඩුවා. අද අඩන්න බැරිකමට හිනාවෙලා හිටියා. මං අද ඇඩුවා. මේ දවස් ටිකේම ඇඩුවා. ඉස්සරහටත් අඩයි. ඒත් ඔයා මගේ කදුළුත් අරන් හිනාවෙලා ඉන්න.

දවසක ඔයා ආසකරන ඔයාගේ ආදරේ ඔයාට ලැබෙයි. පන්ති ගිහින් හොදට පාඩම්කරලා විභාගේ ලියන්න. නරක වැඩකරන්න එපා.

ඔයාට ජේසු පිහිටයි! සුභ අනාගතයක්!
අදත් හෙටත් හැමදාමත් එදා වගේම ඔයාට ආදරෙයි!

මට සමාවෙන්න සචින්.

========================================================================

මේ ඔයාගේ පලවෙනි වගේම අන්තිම ලියුම.. මොන තරම් නපුරු දේවල් ඒකෙ තියනවද?? හ්ම්ම් ජීවිතේ මේ තරම් දුකයි කියලා මම කිසිම දවසක හිතුවේ නෑ. ඒත් මේ ආදරය කියන අකුරු 4 ඇතුලේ හැංගිලා තියන යතාර්ථය. මේ ඇත්ත මොන තරම් තිත්තද?? අපි අපේ ජීවිතේ කවුරුමහරි කෙනෙක්ට පණ වගේ ආදරේ කරනවා. ඒත් ඒ හැම කෙනෙක්ම අපිටත් ඒ වගේම ආදරේ කරනවද?? ගොඩක් අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේටත් එහා ගිය දේවල්.. ඔයාට මම පුළුවන් තරම් හොදට ආදරේ කළා. ඔයාව මම පුළුවන් තරම් පරිස්සම් කළා.. ඒත් මේ මාස 3දි ඔයා මගෙන් බලාපොරොත්තු වුන දේවල් මොනවද කියන්න මම දන්නේ නෑ.. කෙල්ලෝ කොහොමත් තේරුම් ගන්න අමාරු ජාතියක්.. ඔයාට මගෙන් ලැබුන දේවල් මදි වුනාද කියන්න මම දන්නේ නෑ.. ඒත් මම එකක් දන්නවා.. ඒ මම ඔයාට කිසිම අඩුපාඩුවක් කලේ නැහැයි කියන එක. ඒ මොනා වුනත් ඔයා මේ මාස 3ක ආදරේ නිසා අපේ අවුරුද්දක යාලුකමත් නැති කරලා දැම්මා.. මට ඒ ගැන ගොඩක් දුකයි..


ඔයා මට මොන තරම් බලාපොරොත්තු දුන්නද?? කවදාවත් මාව ඇත අරින්නේ නැහැයි කිව්වා.. මං නැතුව ඔයාට ජීවත් වෙන්න බැහැයි කිව්වා.. මොන බාධක තිබ්බත් ඔයා මගේම වෙනවයි කිව්වා.. තව හුගක් දේවල්.. ඒත් ඔයා මගේ ඇස් ඉස්සරහ මවලා පෙන්නපු ඒ ලස්සන හීන ඔයාම නැති කරලා දමාවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.. මම එපා කියද්දියි ඔයා රස්සාවක් කරන්න කියලා ගියේ.. ඒ ගිය මාසෙට ඔයා මොන තරම් වෙනස් වුනාද දේශි?? ඔයා දන්නවා මම විකාර විසිතුරු කැටයම් තියන කෙල්ලෙක්ට අකමැති බව.. මං ඔයාට කැමති වුනේ ඔයා ගෙවපු සරල ජීවිතේ නිසා.. ඒ හැමදේම අද වෙද්දී වෙනස් වෙලා.. එදා හිටපු දේශිනී නෙමෙයි අද ඉන්නේ සම්පුර්ණ වෙනස් කෙනෙක්.. ඔයා ඕන තරම් කොල්ලෝ යාළුවො විදිහට ආශ්‍රය කළා.. මම එකට අකමැති වුනත් ඔයාට මම වැඩි දෙයක් කිව්වේ නෑ.. දවසක් මට නින්ද ගිය වෙලාවක මං මැසේජ් නොකරපු නිසා ඔයා වෙන කොල්ලෙක් එක්ක මැසේජ් කළා කිව්වම මට පුදුම විදිහට තරහ ගියා.. ඔයාට මං කිව්වා මට ආදරේ නම් ආයේ යාලුවෝ කියලා හිතන් ඉන්න උන්ට මැසේජ් කරන්න එපා කියලා ඔයා මට කිව්වේ "ඔයා මොන දේ කලත් මට යාලුවෝ වටිනව" කියලා. ඇයි මම ඒ තරම්වත් ඔයාගේ ජීවිතේට ලං වෙලා නැද්ද??

අපේ අම්මා මගේ කැමැත්තට ඉඩ දුන්නට එයා ඔයාගේ හිතුවක්කාර පණ්ඩිත වැඩ වලට කැමති වුනේ නෑ.. මං නිසා එයා කටපියාගෙන හිටියා හැමවෙලේම.. කොහොමත් ඔයාගේ අම්මලා තාත්තලට වගේ මගේ අම්මලට පල්ලිය ඇතුලේ කෑගහන්න තරම් පිස්සුවක් නෑ. ඕන කෙනෙක් දන්නවා අපේ පවුල කාටවත් කරදරයක් නැතුව ජීවත් වුන අය කියලා. අම්මා අපිට මොන තරම් උදව් කලාද?? ඒත් ඔයා අන්තිමට එයාට කිව්වේ එයා මගේ ඔලුවට විෂබීජ දානවයි කියලා.. මං ඒ වෙලේ කටවහගෙන හිටියට ඔයා එහෙම ඉදීවිද?? ඔයාගේ අයට වචනයක් කියනවට ඔයා අකමැතියිනේ.. මට ඉක්මනට කේන්ති යනවා. ඒක දැන දැනම නිතරම මගේ කේන්තිය ඇවිස්සුවේ මොකද?? මගෙන් ඈත් වෙනන බලන්නද හේතුවක් හදන්??

ඔයා නිතරම අපේ ගෙදර ආවා. ඒත් අපේ අම්මා නිතරම ගෙදර ඉන්නවා.. ඒක නිසාද මට ඔයාලගේ ගෙදර එන්න කිව්වේ?? කවුරුත් නැති වෙලාවට?? කෙල්ලේ මම කිසි දවසක මම ආදරේ කරන කෙල්ලට අවැඩක් කරන්න කැමති නෑ.. මට මගේම කරගන්න බැරි වුනත් කවදාහරි ඔයා වෙනකෙනේක්ගේ හරි වෙනවනම් ඌට ඔයාගේ පිරිසිදුකම කියන දේ එක්කයි බාර දෙන්න ඕන.. තමන්ගේ චරිතේ නැතිකරගත්ත කෙල්ලෙක්ට සමාජයේ කිසිම පිළිගැනීමක් නෑ.. මම හැමවෙලේම ඔයා ගැන හිතලා මගේ සීමාවේ ඉදන් වැඩ කලේ.. ඒ හින්දමද මන්දා හැමදාම මට කෙලවුනෙත්.. හරිහමන් එකෙක්ට ඔයාව හම්බ වුනා නම් අද ඔයා ඉන්නේ ඔහොම නෙමෙයි බඩකුත් උස්සගෙන..

අන්තිමට මම එක දෙයක් කියන්නම්.. මම අම්මට පස්සේ කෙල්ලෙක්ගෙ කියලා අතකින් ඇල්ලුවේ ඔයාගේ.. බත් කටක් කාල තියෙන්නේ ඔයාගෙන්.. අද කාලේ ආදරේ ගැන කතා කරලා වැඩක්ම නෑ.. අද කාලේ හැම එකාටම ඕන ලව් නෙමෙයි සෙක්ස්.. ආදරේ වගේ පස්සෙන් ඇවිත් බලාපොරොත්තු වෙන්නේ ආදරේට එහා ගිය දේවල්.. මම පොන්නයෙක් නෙමෙයි.. මටත් තිබුනා ඔය ඕනම දෙයක් ඔයාට කරලා අනාත කරලා දාල යන්න.. ඒත් මම උඹට ආදරේ කළා.. ඒ වගේ බලු වැඩක් කරන්න කවදාවත් මට හිත දුන්නේ නෑ.. එහෙම කරන එකෙක්ට කවදාවත් හරියන්නෙත් නෑ.. කාගේහරි ජීවිතයක් වලපල්ලට යවන්න මං කැමති නෑ.. මම මට පුළුවන් හැම තැනකදීම අනිත් අයගේ කරදරවලට උදව් කරපු ඉස්සරහටත් එහෙම කරන මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්.. මට කාගේවත් චරිත සහතික ඕන නෑ.. මාව ලගින් ආශ්‍රය කරන ඕන කෙනෙක් දන්නවා මම කවුද කියන එක.. ඒ විදිහට ජීවත් වෙන නිසාද මන්දා මගේ ජීවිතේට හැමදාම හෙනහුරා කඩාපාත් වෙලා තියෙන්නේ.. අවංකව ජීවත් වෙන කෙනාට කවදාවත් වරදින්නේ නෑ කියලා මිනිස්සු කිව්වට ඌටම තමයි පුළුවන් තරම් වරදින්නේ.. ජීවිතේ කියන්නේ මඩ වගුරක්.. ඒකෙ ගිලුනොත් කවදාවත් ගොඩ එන්න බෑ.. පිටින් පේන ලස්සන කිසිදේක ඇතුලේ නෑ.. ඒ දේවල් තේරුම් කරලා දුන්නට ඔයාට ගොඩක් පින්.. ඉන්න තැනක සතුටෙන් ජීවත් වෙන්න.. ආයේ යාලු වෙන කිසිකෙනෙක්ට පිටුපාන්න එපා.. අවංක ආදරයක් ලබන්න ඔයත් ඒ ආදරේට අවංක වෙන්න.. ඔයා අද නැති වුනත් කවදාහරි දවසක මාව නැතිකරගත්ත එක ගැන දුක් වෙයි.. ඒත් එතකොට ඔයා ගොඩාක් පරක්කුයි රත්තරන්.. මොකද සචින්ට දෙයක් එපා කියලා හිතුනොත් එපාම තමා.. ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න.. ඔයා අතින් මට මොකක්හරි වැරද්දක් සිද්දවුනා නම් අනිවාර්යයෙන්ම ඔයාට මගෙන් සමාව ලැබෙන බව දෙවියන් වහන්සේ දන්නවා.. ගොඩක් ආදරෙයි ඔයාට.. අද නැතත් කවදාහරි ඔයා මේක දකීවි.. එතකොට ඔයා ගොඩක් පරක්කුයි..

මම,
ඔයාගෙම සචින්(ලහිරු සචින්ද) 



12 comments:

  1. //මට මගේ ම කරගන්න බැරි වුණත් කවදා හරි ඔයා වෙන කෙනෙක්ගේ හරි වෙනව නම් ඌට ඔයාගේ පිරිසිදුකම කියන දේ එක්ක යි බාර දෙන්න ඕන// මේ තමයි මම කොල්ලෙක් කියනවා දැක්ක ලස්සණ ම වචන පෙළ! උඹට වරදින්නේ නෑ, සචින්. උඹට කවදා හරි හොඳ කෙල්ලෙක් ලැබෙනවාම යි! ඒක විශ්වාස යි මට.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං.. එහෙම හිතලා වැඩ කරපු නිසාද මන්දා මට කෙලවිලා ගිහින් තියෙන්නේ?? යාලු වෙන කෙල්ල නන්නත්තාර කරලා දාන එවුන් ගොඩක් සතුටෙන් ඉන්නේ?? උන් ගාවටමනේ කෙල්ලෝ ඇදෙන්නෙත්.. ඕනවට වඩා ආදරෙයි පරිස්සමයි වැඩි වෙන එකත් ලොකු අවුලක්.. අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා.. මට හිමි කෙනා කොහෙහරි ඉන්නවා ඇති.. සමහර විට මේ පෝස්ට් එක කියවනවත් ඇති නේද බං.. ඕනවට වඩා හැමදේම හිතන, පොඩි දේකින් හිත කලබල කරගන්න, ඉක්මනට කේන්ති යන, ඉවසීම අඩු, කරන හැමදෙයක්ම වරදින, කිසිම පිළිවෙලක් නැති සචින්ව පිළිවෙලක් කරන්න පුළුවන් කෙනත් කොතැනක හරි ඉන්නවා ඇති.. කොයි වෙලේ හරි මාව තේරුම් ගත්තු කෙනෙක් මට ලැබෙයි..

      Delete
  2. මේක ඇත්තම කතාවක් නම් මට කියන්න තියෙන්නේ මේ අත්දැකීම ජීවත්වෙන තුරාවට අමතක නොවුනත්, මේකට තියෙන ප්‍රමුඛතාවය කාලයත් එක්ක පහල යන බවයි. අත්දැකීමෙන් කියන්නේ පුතා.
    Best of luck!

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තම කතාවක් අයියේ.. මේ එයා ඊයේ මට එවලා තිබ්බ ලියුම තමා මම උඩින් දැම්මේ.. ඊට පහලින් තියෙන්නේ මගේ රිප්ලයි එක.. හ්ම්ම්.. සිරා කතාවක්.. ප්‍රමුඛතාවය පහලට ගියත් මේ වගේ අත්දැකීමක් ජීවිත කාලෙටම අමතක වෙන්නේ නෑ.. ලෝක ස්වභාවය..

      අද මොකෝ කවදාවත් නැතුව අයියා මට පුතා කියලා?? මට මෙච්චර කල් අයියා කියලා ආයෙමත් මාමා කියන්න හිතෙන්නෑ බං..

      ගොඩක් ස්තුතියි අයියගේ කමෙන්ට් එකට හැමදාම මොන පෝස්ට් එකක් දැම්මත් අයියගේ කමෙන්ට් එකක් වැටෙන එක නම් වැරදුනේ නෑ.. ඒක මට ලොකු හයියක්..

      Delete
  3. අඩු හෝ වැඩි වශයෙන් මේ දවස් වල මමත් ඔය බෝට්ටුවෙම තමයි

    ReplyDelete
    Replies
    1. කොයි එකේද ආදරේද? විරහවේද?

      Delete
  4. හොද කොල්ලෙක්ට අවංක කෙල්ලෙක් ලැබෙන්නෙ නැ හොද කෙල්ලෙක්ට අවංක කොල්ලෙක් නෑ. එත් දවසක අවංක කෙනෙක් ලැබෙද්දි වෙන්න ඕනේ දෙවල් ඔක්කම වෙලා. හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. එහෙම දේකුත් වෙන්න පුළුවන් නේද?? හ්ම් අනේ මන්දා..

      සිහින මදාරා අද නේද මුලින්ම මේ පැත්තේ ගොඩවැදුනේ?? සාදරයෙන් පිලිගන්නවා..!!!! ආයෙත් එන්න..

      Delete
  5. මාත් ඔමා අක්කගේ බොගේ ඉදන් මේ පැත්තට අදමයි ආවේ.මොනවා කරන්නද බං ජීවිතේ ඔහොම තමයි.මහා ඹබා උබට කොටපු එක කවදහරි හම්බෙයි.එතකන් ඉවසන් හිටු

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචෝ.. අද ආයේ යාලු වුනා..

      ඉදපන් මම උඹේ බ්ලොගේ පැත්තේ එන්නම්..

      Delete
    2. අම්මටඋඩු...අද ආයේ යාලු වුනාද?? ඒ උනත් පරිස්සමින් පුතේ

      Delete
    3. හ්ම්ම් එල එල මචෝ

      Delete