Friday, November 29, 2013

ප්‍රේමය වනාහී......



ප්‍රේමය ලොව හැම තැනම ඇතී..
හැමදෙනටම හමු වෙලා ඇතී..
එනමුදු ප්‍රේමය කිමැයි කියා..
හඳුනාගත් කිසි කෙනෙකු නැතී..

විල්තෙර දිය යට දියබුං නගනා..
ප්‍රේමයේ දිය උල්පත නිසලයි..
සියපත විල මත පුබුදන මුත් යස..
උල්පත හැමදාමත් නිසලයි..
ප්‍රේමය හැමදාමත් නිසලයි..

සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන..
ප්‍රේමයේ මුල් පස යට සැඟවේ..
නන් ඵල මල් දළු පුබුදන මුත් ගස..
මුල් රැස කිසිකෙනෙකුට නොපෙනෙයි..
ප්‍රේමය කිසිකෙනෙකකුට නොපෙනෙයි..


......................
එකඟ වෙනවද??
......................

මට නෙට් එකේ සින්දු හොයද්දි මේ සින්දුව මට දකින්න ලැබුනේ.. මම ඒ කාලේ ගොඩක් ආසාවෙන් අහපු සින්දුවක්.. ඇත්තටම ලොකු තේරුමක් තියනවා..

අපි හැමෝම කවදාහරි කාටහරි ආදරේ කරනවා. කරලා ඇති.. ඒත් ඔයා ආදරය කියන අකුරු හතරේ නියම තේරුම කවදාහරි දැනගෙන ඉඳලා තියනවද?? කෙනෙක් කියන්න පුළුවන් අද කාලේ මෙහෙම ආදරේ කරන්නේ කවුද කියලා.. මම ඒ කෙනත් එක්ක 75%ක් එකඟ වෙනවා.. මොකද අද සමාජ රටාව අනුව ආදරේ කියන දේ තේරුම් අරන් ආදරේ කරන අය ගොඩක් අඩුයි.. ඒත් අවංකව ආදරේ කරන අය තාමත් මේ ලෝකේ ඉන්නවා.. එහෙම කෙනෙක් දැක්කම සමහරු ඒ අයට විහිලු කරනවා.. "අපෝ උඹ නම් උපාසකයෙක්.. තාම උඹ උඹේ කෙල්ලට මුකුත් කලේ නැද්ද?? ඔහොම නම් බෑ කොල්ලෝ ජීවිතේ ෆන් එකේ ගෙවන්න.." මේ මගේ කනට ඇහිලා තියන දෙයක්.. එහෙම දේවල් ගැන හිතන තරමට අද ලෝකේ ඉස්සරහට ගිහින්?? එහෙමද?? නෑ.. ලෝකේ දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ගේ අධ්‍යාත්මික දියුණුව අඩු වෙලා.. ඒකයි ඇත්ත..

ඒක ලෝක ස්වභාවය වෙන්න ඇති.. ඒක අද කාලේ කෙල්ලොන්ට වගේම කොල්ලොන්ටත් පොදු ධර්මතාවයක්.. කොල්ලෝ වගේම කෙල්ලොත් ඉන්නවා කොල්ලෙක්ගේ ඇඟේ එල්ලිලා ඌගේ ජීවිතේ අපායක් කරලා යන.. මට උදේ සින්දුව මතක් වුනාම හිතුනා මේක ස්ටේටස් එකක් විදිහට දාන්න ඕන කියලා.. ඒත් අද හවස වුන කතාවක් හින්දයි මෙහෙම දාන්න හිතුනේ..

අද මම යාලුවෙක් එක්ක පාරට ගියා රෙස්ලින් ඩීවීඩී එක ගන්න.. එන ගමන් ඌ උගේ කෙල්ලට කෝල් කරනවා කරනවා ඒකි ආන්සර් කරන්නේ නෑ.. මං කිව්වා මොකටද බන් ඔච්චර කෙල්ලොන්ගේ පන්දිතකම බලන්නේ උඹත් ගණන් උස්සපන් කියලා.. මූ මට කිව්වා මට වැඩක් නෑ බන් මං ඒකිගෙන් ගන්න ඕන හැම දෙයක්ම අරන් ඉවරයි කියලා.. මට හිතාගන්න බෑ එහෙම කෙල්ලෙක්ගෙ හෝ කොල්ලෙක්ගේ ජීවිතයක් විනාස කරලා දාල තව කෙනෙක් විඳින මානසික තෘප්තිය මොකක්ද කියලා.. කෙල්ලෙක්ට තමන්ගේ ජීවිතේ ගොඩක් වටිනවා පිරිසිදුකම කියන එක.. අද කාලේ ඒවා ගැන එච්චර හෙව්වේ නැති වුනාට.. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙනවා නම් ඉගෙන ගන්න ඕන තමන්ට ඒ කෙල්ලව ලබාගන්න බැරි වුනත් ඒ කෙල්ලගේ පිරිසිදුකම තියලා ඒ කෙල්ලගේ ජීවන සහකාරයාගේ අතට කවදාහරි දෙන්න.. මේ ලෝකේ ගොඩක් සැබෑ ආදරවන්තයන්ට එකතු වෙන්න ලැබෙන්නේ නෑ.. අනික අවුරුදු 22න් පහල වයසකදී පටන් ගන්න ලව් එකක් සාර්ථක වෙන්න තියන සම්භාවිතාව 0.01% වගේ.. ඒක මම ඉගෙන ගත්තේ මගේ සර් ගෙන්..

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි සහෝ.. මමත් ආදරේ කරපු කෙනෙක්.. ආදරේ නිසා විඳවපු තාමත් විඳවන කෙනෙක්.. මට මේක දාලා ඕන වුනේ මම සැබෑ ආදරවන්තයා මම පොර කියලා නෙමෙයි.. මාත් සාමාන්‍ය මිනිහෙක් මටත් හැගීම දැනීම් කියන දේවල් තියනවා.. ඒත් අපි දැනගන්න ඕන ඒ දේවල් පාලනය කරන් ජීවත් වෙන්න.. මචංලා මම කැමති නෑ මම ඉන්න තැනට තව කොල්ලෙක් ඇදන් වැටෙනවා දකින්න.. කෙල්ලෙක් අසරණ වෙනවටත් මම කැමති නෑ.. මොකද මටත් අම්මා කෙනෙක් ඉන්නවා මට සහෝදරියෝ නැති වුනාට මට නෑදෑ නංගිලා ඕන තරම් ඉන්නවා.. ඉතින් හිතලා බලන්න උඹලා කැමතිද උඹලගේ සහෝදර සහෝදරියෙක්ට මෙහෙම වෙනවා දකින්න?? විශේෂයෙන් නංගිලා ඉන්න අයියලා?? නෑ නේද?? ඒ වගේ තමා කවුරුත් එහෙම දේට අකමැතියි.. කවුරුත් ඒ වගේ දේවල් වල මිහිර විඳින්න කැමතියි ඒත් එකේ ප්‍රතිඵල මොන වගේ වෙයිද කියන්න බෑ.. අද කාලේ ඒ වගේ අසරණ වුන පවුල් ජීවිත කීයක් නම් මේ ලෝකේ ඉන්නවද?? ඒ නිසා මගේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මේක තේරුම් ගනින්.. ආදරේ කරන්න ඕන පිරිසිදුව අවංකව.. අති පාරිශුද්ධ ආදරේ ඒ අයගේ මරණයෙන් මතුවටත් දෝංකාර දෙනවයි කියලා මගේ ගුරුතුමා මට උගන්නල තියනවා.. මේ පෝස්ට් එක කියවලා කෙනෙක් ජීවිතේ තේරුම් ගත්තා නම් ඒක මටත් ලොකු පිනක් වෙයි.. හැමෝටම සුභ අනාගතයක්..


ලහිරු සචින්ද..




ප.ලි
මේක අද මම බුකියේ දැම්ම ස්ටේටස් එක.. හිතුනා බොගෙත් දාන්න.. මේ ගැන හිතෙන්නේ මොනාද??

6 comments:

  1. Replies
    1. ස්තුතියි මචං..

      දිනේෂ් මතක මාවතට ගොඩවැදුන පලවෙනි පාර නේද?? දිගටම මේ පැත්තේ වරෙන් මචං..

      Delete
  2. මමත් 100% ක් එකඟ යි. හ්ම්ම්, මම කලින් කිව්වා වගේ නැති වුණ දේ ගැන නොහිතා උඹ ඉගෙන ගනිං. තව මාස කීය ද විභාගෙට තියෙන්නෙ? හොඳ‍ට ඉගෙන ගත්ත ම දාල ගිය අය එයි පතුල් දෙක ගාවට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් බං මොනා හිතන්නද ගිය එකා ගියා.. ඒත් මට වෙලාවකට ඒක මතක් වෙද්දී මාර විදිහට හිතට අමාරුයි.. මොකද මං කිසිම දවසක ආදරෙන් දිනලා නෑනේ අනිත් අයට උපදෙස් දුන්නට..

      "හොඳ‍ට ඉගෙන ගත්ත ම දාල ගිය අය එයි පතුල් දෙක ගාවට" අනිවාර්යයෙන්ම එන්න වෙයි බං.. හැබැයි එතකොට පරක්කු වැඩි වෙයි..

      Delete
  3. මුල් දවසෙ කැමැත්ත අහනවා
    දෙවෙනි දවසෙම රූම් අදිනවා

    ඕක තමයි දැන් කන්සෙප්ට් එක. එහෙම නොකරන කොල්ලො දිහා අනිත් උන් බලන්නෙ පො $$$$ කියල හිතාගෙන...
    ඇහුවම කියන්නෙ ඒක කරාම පිට යන්නෙ නැතිළු. යන එකා කොහොමත් යනවා. මං ඕන තමර් දැකල තියෙනව කොල්ලො 4,5 එක්ක යන කෙල්ලො (ගෑණු)

    කෙල්ලොත් මේකට වග කියන්න ඕන. කෙල්ලෙක්ට පුළුවන් වෙන්න ඕන තමන්ගෙ කොල්ලව මේන්ටේන් කරන්න.. හැබැයි දැන් ඒකෙ අනිත් පැත්ත. මං අඳුරන ගොඩක් උන් ඕවට රිංඟන්නෙ කෙල්ලගෙ සල්ලි වලින්, උන්ගෙ උවමනාවට

    ReplyDelete
    Replies
    1. යසිත් කාලෙකින් නේ??

      ඔව්. අද කාලේ මේක යන රැල්ලක් වගේ බං.. අද කාලේ ගොඩක් කෙල්ලොන්ට පුදුම විසයක් තියෙන්නේ.. අද කාලේ කොල්ලොන්ට කලින් කෙල්ලෝ තමා හැමදේටම ඉස්සර වෙන්නේ.. එහෙම කිව්වත් කොල්ලත් වැරදියි.. මොකද ඌ කෙල්ලට ඇත්තට ආදරෙයි නම් කෙල්ලට ඒ දේ කරන්නේ නෑනේ.. එහෙම නොකලාම කෙල්ල වෙන ඒකිට ඕන දේ දෙන එකා යනවා.. ඒත් ඒකිට බඩක් උස්සගන්න වුන දවසට ආයේ අරූ ගාවටම එන්න වෙනවා ගොඩක් උන්ට.. එතකොට ඉතින් පරක්කුයි..

      අනිත් උන් කියනවා ඒ දේ නොකරන එකා පො$$$ කියලා.. ඒත් මොනා හරි දෙයක් වුනාම ඔය එකෙක්වත් උදව්වට එන්නේ නෑනේ කොල්ලෝ.. අරුන් දෙගොල්ලොටම තමා පරිප්පු කන්න වෙන්නේ.. හැබැයි ඔය ඒ දේ කලාම කෙල්ල පිට යන්නේ නෑ කියන එකේ පොඩි ප්‍රායෝගික කමක් තියනවා.. කොල්ලට ආදරේ කෙල්ලෙක් නම් ඉදීවි.. ඒත් අමාරුව තියන එකෙක් නම් මොනා වුනත් යනවා.. ගොඩක් කෙල්ලෝ අද ඔය දේවල්වලට වියදම් කරනවා කියලත් මං අහලා තියනවා.. ඒත් ඒකෙන් ලැබෙන සතුට තාවකාලිකයි කියලා උන්ට නොතේරෙන එකයි දුක..

      Delete