Monday, July 1, 2013

නොසිතූ සිතුම් අතර හුදකලා වූ සිතුවිලි...

කෙසේ කියන්නද මා..
සියල්ල නොසිතුනු අයුරින් විසඳී ඇත..
මැවූ සිහින බොඳවී වියැකෙද්දී..
මම මුනිවත රැක්කෙමි..
දෑස් පියාගතිමි..
එහෙත්..
නොසිතූ ලෙස මා දැවුනි..
එදා මා සිතූ සිතුම්..
කවදා සැබෑ වේවිද??
තෙවැන්නන්ට මා ද්වේශ කරද්දීත්..
ඔබ ඉදිරියේ මා..
තෙවැන්නෙකු වූ අයුරු..
ආදරය කොතරම් මායාකාරීද??
මා නිරුත්තර වුනෙමි..
මිරිඟුව පසුපස හඹා ගොස්..
හති වැටුනු මා හට..
කාගේ නම් පිළිසරණක්ද??
ප්‍රේමය මෙන්ම..
විරහවද..
එකම කාසියක දෙපැත්තක් බව..
වටහාගතිමි..
නොලැබුනු සෙනෙහස..
අන් හදකට හිමිවනු දැක..
මා අසරණ විය..
නමුත්..
කුමක් කරන්නද??
ඒක පාර්ශ්වික ප්‍රේමය උතුම් වූවද..
අසම්මත මිම්මකි..
ඔබේ ආදරය අන්සතුය..
කෙතරම් අවංක වූවත්..
මගේ නොපෙනෙන ආදරේ..
අඩ මස්සක් තරම් හෝ..
ඔබට නොවටිනා බව පසක් විය..
තවත් මා කුමක් කරන්නද??
මගෙන් පලක් නැත..
මන්ද..
මම අවලංගු කාසියක්මි..
ඉතින්..
පිළිගන්න සුබපැතුම් මා..
ඔබගේ දිවියට..
සදා වාසනා..!!

ප.ලි
අපි හැමෝම ආදරේ කරනවා.. අපි හැමෝම අපි ආදරේ කරන කෙනා ගැන ගොඩක් හීන මවනවා.. ඒත් අපි ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට අයිති නම්, අපිට මොනවා හිතෙනවා ඇතිද?? මාත් කෙනෙක්ට ආදරේ කළා.. එයා ගැන ගොඩක් හීන මැවුවා.. ඒත් ඒවා ඉපදිලා බොහොම ඉක්මනට මැරිලා ගියා.. ඒ එයා වෙන කෙනෙක්ගෙ උරුමයක් හින්දා.. මට දැනුනෙ මගෙ ජීවිතේ කවුරුහරි මගෙන් උදුරගෙන ගියා වගෙයි දැනුනෙ.. ඒ ගැන හිතද්දි එයාව මතක් වෙන්න මං කවි, නිසඳැස් ලියන්න ගත්තා.. මේ මගේ දෙවෙනි නිසඳැස.. මට පෙනුන විදීහට නම් නිසඳැසක්.. නිකන්ම නිකන් නිසඳසක්නෙමෙයි.. මගේ ආත්මීය හැඟීම් සේරම එකට එකතු කරලා ලියපු නිසඳසක්.. මේකෙ හැම වචනයක් ගානෙ මමයි මගේ ආදරෙයි ජීවත් වෙනවා.. හැම වචනයක් ගානෙ මං විඳවනවා..

හිතට දැනුනා නම් කියන්න.. විහිලුවක් වගේ පෙනුනා වුනත් කමක් නෑ.. කියන්න.. දෑස් කඩතිර හැර බලන්න කියලා අපේ කරූ කියනවා වගේ බලන්න.. එයා ලැබුනත් නැතත් මං ලියනවා.. ජීවිත කාලෙම හරි..

ලහිරු සචින්ද(සචින්)