Tuesday, May 28, 2013

මඤ්ඤොක්කා සමග සචින්ගේ ආතල් ගමනක්........

     ඔන්න වෙසක් මංගල්‍යයත් ආවා.. දන්සැල්වල ගිහින් ගිහින්ම මට හොඳටම මහන්සියි.. මං කතෝලිකයනෙ ඉතින් ඒ හින්දා වෙසක් සමරන්නෙ නැති වුනාට දන්සැලක් පැත්තෙ යනවමයි.. මොකද ඒ තරම් ආතල්  කාලයක් එන්නෙ ආයෙ පොසොන් වලනෙ..

     ඔයගොල්ලො අහලා ඇතිද කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය?? ඒ මං ශිෂ්‍යත්වය කරන කාලෙ ගිය ඉස්කෝලෙ.. ශිෂ්‍යත්වෙ පාස් වෙලා මං බණ්ඩාරනායකයට ගියානෙව(අනේ වාසනාවන්)


     ඉස්කෝලෙ 22වනිදා පෙරහැරක් තිබ්බා.. ඉතින් මමත් සෙට් වෙලා කොල්ලො ටිකදෙනෙක් එක්ක ආවා ඒ පැත්තෙ..ටිකක් වෙලා ගියා.. මෙන්න බොලේ පරන යාලුවො උඑහෙලියො සේරමල්ලා ඉන්නවා.. අඬෙනවා නෙව.. ඔන්න ඉද්දි ඒ කාලෙ මගෙ හොඳම යාලුවෙක් වෙලා හිටිය එකෙක් කිව්වා උන්ගෙ ගෙදර ගිහින් පහුවදා පලයන් කියලා.. මමත් ඔන්න හා කියලා දැන් කොල්ලො 3ක් 4ක් සෙට් කරන් පෙරහැර ඉවර වුනාම එතන තිබ්බ බත් පාර්සල් වගේකුත් අරන් අරුන්ගෙ ගෙවල් පැත්තට ඇද්දුවා.. ඔන්න ගිහින් කාලා බීලා නිදාගත්තා..

     වෙනදා වගේම පහුවදාට එලිවුනා.. යාලුවා මට යෝජනාවක් ගෙනාවා(උගෙ නම අමිල කියමුකො) උන්ගෙ පැත්තෙ දෙනවලු මඤ්ඤොක්කා දන්සලක්.. මගෙන් ඇහුවා මඤ්ඤොක්කා ගේන්න යමුද කියලා.. මමත් කාලා  බීලා වැඩේට එන්ටර් වුනා..

     අපි මඤ්ඤොක්කා ගේන්න යන්න සෙට් වුනේ දෙකටන පැත්තට.. ඇත්තටම මේ වෙලාවෙ ලොරිය ඩ්‍රයිවින් කරපු එකා ගැනත් කියන්නම එපයි.. ඌට ලයිසන් නම් තිබ්බෙ නෑ.. ඒත් සුපිරි ඩ්‍රයිවින්.. ඌ පොඩිම පාරක වුනත් ලොරිය රිවස් කරල හැරෙව්වෙ කිසිම ගේමක් නැතුව(මෝස්ට් වෝන්ටඩ් එකේ අපි කාර් හරවන විදිහ වගේ) කොයි තරම් හොඳට ඩ්‍රයිව් කලාද එහෙම කියනවා නම්. ඌ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනා නූලෙන්.. ඒ තරම්ම පට්ට ඩයල් එක..

     අපි පාරෙ ඉන්න ඈයොන්ට කොලොප්පන් කර කර දිගටම ඉස්සරහට යනවා.. ඒ අස්සෙ අපිට පාර වැරදිලා.. අපි එක්ක හිටියා අවිස්සාවේල්ල පැත්තෙ බුවෙක්.. උගේ නම සුරේෂ් කියමුකො.. මූට නහුතෙටම මල පැනලා දැන්.. මූ ඩ්‍රයිවර්ගෙ පලු අරිනවා තියාගෙන.. අපිට හිනා මූ බැන්න විදිහට..

"මොකාද යකෝ මේ ගොන් -රියා.. මොන -ත්තිගෙ කොල්ලද මූට එලවන්න දුන්නෙ.. යකෝ හිමින් පල්ල -න්නයො මාව වැටෙයි.. ආයෙ නම් මේ වගේ -ස කොල්ලොත් එක්ක කොහෙවත් යන්න එන්නෑ.."

     අනේ පව් ඩ්‍රයිවරයත් ඔහේ අහගෙන හිටියා.. සුරේෂයා හොඳටම අනුමත වෙලා හිටිය නිසා ඌ ගේමට එන්න නැතුව ඇති.. ඉතින් අපි ඉදිරියටම යනවා.. අපිට පාර අහගන්න ඕන නිසා ඔන්න කඩයක් ගාව නැවැත්තුවා.. අපේ මේනකයා කඩේ එකාට කතා කලා..

"මේනක - අයියෙ මේ ලුණුගම පීල්ලට යන්නෙ කොහොමද??"
"කඩේ අයියා - ඇයි මල්ලි නාන්නද??"
"සුරේෂ්  - මුගෙ අම්මට -කන්න -ත්තිගෙ පුතා.. යකෝ පීල්ලට යන්නෙ නාන්න විතරද??"(වෙලාවට අරූට ඒක ඇහුනෙ නෑ..)

     කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න අපි ගිය පාරෙම හැරිලා ටිකක් දුර ඇවිත් අතුරු පාරක යද්දි මෙන්න අපට ඕනකරන බුවා බලන් ඉන්නවා.. ඌ තමා වැඩේ බ්‍රෝකර්..

"බ්‍රෝකර් බුවා - අයියෝ මල්ලි මොකෝ බං පරක්කු?? කිව්වනම් මං මගට ඇවිල්ල ඉන්නවනෙ.."
"සුරේෂ් - උඹේ අම්මට -කන්න -රියො ඕක තෝ දැන්ද කියන්නෙ -කෝ.. තොට මගට ඇවිත් ඉන්න තිබ්බනෙ කියවන්නැතුව.."
"අමිල - මේ පිස්සු කෙලින්න එපා යකෝ කට වහගනින්.. තොගෙ කියවිල්ල නිසා අපිට පිට ගමකින් ගුටිකන්න බෑ ඔන්න.."
"මේනක - අඩෝ මේ මුන් අපිට ගහන්න ආවොත් මං නම් දුවනව උඹලා ඕන මගුලක් කරගනිං.."
"සුරෙෂ් - අඩේ මෙහෙමත් -න්නයො ටිකක් එක්කනෙ මං ආවෙ.."

     මග දිගට යනකල්ම උගේ කියවිල්ල ඉවරයක් නෑ.. අපිත් දැන් නෑහුන ගානට යනවා..

     ඔන්න අන්තිමට අපි මඤ්ඤොක්කා කොරටුවට ආවා.. කට්ටිය හරි හරියට ගස් පිටින්ම මඤ්ඤොක්කා ගලවනවා.. අල ගලවගන්න වැඩේ සුරේෂයා කලේ.. එතනට ගිහිනුත් මුගෙ හරි කියවිල්ල..

"බලහං අයියෙ මුං මෙච්චර ගොඩක් ආවට එකෙක්ටවත් බෑනෙ වැඩක් කරන්න.. අන්න ඒකට අපි.. අපි වැඩකට අතගැහුවෙ නැත්තම් මුංට ඇපත් නෑනෙ.. අපි නම් දන්සල් කීයක් දුන්නද.. ඒකට මුං......."

"මලීෂ - අනේ මන්දා බං මේ -න්නයා කරන වැඩකුත් නෑ බොරු කයිවාරු විතරයි.. මූ දෙන දන්සල්"

     ඔන්න ඇති යන්තම් කිලෝ 250 හරි.. බලද්දි මෙච්චර දුර ඇවිල්ලත් මුන් ගාන කතාකරන් තියෙන්නෙ රුපියල් 32 ගානෙ.. මොනා කරන්නද?? අන්තිමට රුපියල් 8000ක්ම ගෙවලා මඤ්ඤොක්කා ටිකත් අරන් අපි ගෙදර බලා ආවා..



     දන්සල නම් හොඳට කෙරුනා.. මමත් ඒ පැත්තෙ ගියා.. නියමෙට මඤ්ඤොක්කා හදලා තිබ්බා.. කාලා බීලා මමත් ගෙවල් බලා ආවා.. :ඩී

ප.ලි
මේක මං 25වෙනිදා දාන්න හිටිය පෝස්ටුව.. විවිධ හේතු නිසා පබ්ලිශ් කරන්න කල් ගියා..

ඒ වගේම මම 24 නිශාන්ලගෙ දන්සල පැත්තෙ ගියා.. අපරාදෙ කියන්න බෑ එල කොල්ලො ටිකක් හිටියා.. කෑම ටිකත් සුපිරි.. ඒ වගේමයි නිශාන් උඹේ තිබ්බ සුහද ගතිය මගෙත් හිතට ඇල්ලුවා.. අපේ අම්මලත් කිව්වෙ හරි හොඳ කොල්ලෙක් කියලා.. ඉතින් උඹලට මේ වගේ තවත් පොදු වැඩ කරන්න ශක්තිය, ධෛර්‍ය, වාසනාව ලැබෙන්න ඕනෙ කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා... ජය ශ්‍රී!!!!!!

Wednesday, May 22, 2013

උන්ගෙ අම්මලට......

     මේ ලඟකදි මට මුහුණ පාන්න වුන අත්දැකීමක් ගැනයි මං කියන්නෙ.. ඇත්තටම මට පොලීසිය කියන තැන එපා වුන සිදුවීමක්..

හරි කතාවට යමු නේද එහෙනම්....

     අර මං කලින් පෝස්ට් එකකදි කිව්ව අවුරුදු උත්සවය ගැන කට්ටියට මතක ඇති සමහරවිට.. අන්න  ඒකෙ වැඩ ටික කරන්න ගිය දවසක මගෙ පර්ස් එක නැති වුනා.. මගෙ හැඳුනුම්පතයි, ස්විමින්ග් මෙම්බර්ශිප් කාඩ් එකයි, ගෙදර අමතර යතුරයි  වගේ තව වටින දේවල් වගයක් තිබුනා.. ඉතින් ආයෙ කොහෙන් කියලා හොයන්නද? හොයලා හොයල බැරිම තැන මං ගෙදර ගියා යාලුවෙක්ගෙන් සල්ලි ඉල්ලගෙන..

     මං ටික දවසක් බැලුවා එක්කො මොකාහරි පර්ස් එක තැපෑලෙන් හරි එවයි කියලා..  ආතල් එකට මොකාහරි හැන්ගුවා නම් මෙලහකටත් ඕක මගෙ අතේනෙ.. පස්සෙ බැරිම තැන මං ග්‍රාම සේවක ගාවට ගියා හැඳුනුම්පත ගැන පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න කියලා ලියුමක් ගන්න.. එතන ගිහින් බලාගෙන ඉඳලා ඉඳලා අන්තිමට උගෙන් බැනුනුත් අහගෙන ලියුම ගෙනාවයි කියමුකො.. දැන් යන්න ඕනෙ පොලීසි..

     පහුවෙනිදා උදේ මං ක්ලාස් ගිය වෙලේ අම්මලා ගිහින් පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. ගිහින් එතන පැයක් විතර බලන් ඉන්නවලු.. ම්හූ.. තාම ප්‍රතිචාරයක් නෑලු.. ඊට පස්සෙ  තව පැය භාගෙකින් විතර අම්මලට කතා කරාලු.. අම්මලා එතන සිද්ධිය කියන්න ගියාම උන් අම්මලට බැනලා  අයිඩෙන්ටියෙ අයිතිකාරයා නැතුව මොනා කරන්නද කියලා.. අපරාදෙ කාලෙ.. තාත්තා ගෙදර ඇවිත් තියෙන්නෙ මල අතේ අරගෙන..

     පස්සෙ මං ගෙදර ආවම අම්මා මට සිද්ධිය කිව්වා.. ඒක අහලා මටත් මල.. ඇයි යකෝ.. හරි මගුලක්නෙ.. පස්සෙ මායි තාත්තයි හවස පොලීසියට ගියා..




     ගිහින් බලන් ඉන්නව ඉන්නව තාම අපිට කතාකලේ නෑ.. ඔන්න පැයකින් විතර අපිට කතාකලා.. සිද්ධිය කිව්වට පස්සෙ මූ පොත හොයන්නයි කාබන් කොල හොයන්නයි වටේ යනවා.. තව ටික වෙලාවක් අපිට කට්ට කන්න වුනා.. ඔන්න දැන් මූ එක එක මගුල් දාල පැමිණිල්ල ලියලා ඉවර වෙලා කියනවා ඒකෙ රිපෝට්  එක ගන්න හෙට 4ට කලින් එන්නලු.. තවත් රස්තියාදුවක්..

     ඔන්න පහුවදා තාත්තා ගියා රිපෝට් එක අරන් එන්න කියලා.. තව පැයකින් විතර තාත්තා එනවා තරහෙන් පුපුර පුපුර..

"මම - ඇයි තාත්තෙ??"
"තාත්තා - අනේ බං උබේ අයිඩෙන්ටියක් නිසා මං මාර කට්ටක් කෑවෙ..  අර ඊයෙ ඇන්ට්‍රිය ලියපු එකා ගාවට ගියාම ඌ කිව්වා ඌ නෙමෙයි රිපෝට් දෙන්නෙ වෙන තැනකට යන්න කියලා.. ඒ -රියා ගාවට ගියාම තව -ත්තිගෙ පුතෙක් ලඟට යන්නලු.. බැරිම තැන මං උන්ට බැනලා රන්ඩුත් වෙලයි මේක ගෙනාවෙ.. මීට පස්සෙවත් සිහිකල්පනාවෙන් වැඩ කරහන්"




ඔන්න දැක්කද ශ්‍රී ලංකා පොලීසියෙ සේවය.. ඇඬෙනවා නේද?

ප.ලි
කලින් පෝස්ටුවෙදි සුමිත් අයියා කියල තිබ්බ කතා 2ක් අතර ෆොන්ට් කල්‍ර් වෙනස් කරන්න කියලා.. ලොකු ජෝන් අයියා කියලා තිබ්බා පෝස්ට් එකේ අකුරු ලොකු කරන්න කියලා.. ඉතින් මගෙ අඩුපාඩුව පෙන්නලා දුන්න එක ගැන ඒ අයියලාටත්, මගේ ඒ අඩුපාඩු හදාගන්න උපදෙස් දුන්න ඩූඩ් අයියටත් ගොඩක් ස්තූතියි කිව්වා එහෙනම්.. ජය වේවා!!!

Sunday, May 19, 2013

කලිසම් කතා.. (18+ වගේ)

     ඔන්න අදත් මං ආවා පෝස්ටුවක් අරගෙන.. කලින් පෝස්ටුවෙදි ඩූඩ් අයියා කියලා තිබ්බා ඒ කතාවට කෙහෙල් ගෙඩියත් ගැලපෙනවා කියලා.. ඒ වෙලාවෙ තමා මටත් කෙහෙල් ගැන කතාවක් මතක් වුනේ.. මේකත් මං අහපු කතාවක් කවුරුත් දොස් කියන්න නම් එපා අපි අහලා තියනවා කියලා.. ගිය පෝස්ටුව ගොඩ දෙනෙක් රසවින්ද බව මං දැක්කා.. ඒ නිසාමයි මේ කතාවත් මේවට කැමති අය වෙනුවෙන්මයි(ඔන්න පොඩි එවුන් නම් බලන්න එපා මං වගකියන්නෙ නෑ හරිද?)
හරි අපි කතාවට යමු එහෙනම්..
     මේ සිද්ධියට සම්බන්ධ ගෑනු ලමයා එයාගෙ නෑදෑ කෙනෙක්ගෙ මගුල් ගෙදරක ගියා.. ගිහිල්ලා ඉද්දි ඔන්න වෙඩිමෙ චාරිත්‍ර අංග ටික එහෙම ඉවර කොරලා කට්ටිය කෑම මේසෙට ගියා..
     දැන් අපේ ගෑනු ලමයත් කෑම කනවා.. කොහොමහරි කාල කාල මෙයාගෙ බඩ දැන් හොඳටම පිරිලා.. කාලා අතුරුපසත් කාලා මෙයා ගෙදර ගිහින් කන්න කියලා එයාට හම්බ වුන කෙහෙල් ගෙඩියකුත් සාක්කුවෙ දාගත්තා..
     ඔන්න වෙඩිමත් ඉවර වුනා.. හොඳටම හවස් වෙලත් එක්ක නිසා ගෑනු ලමයා ඉක්මනට ඉක්මනට දුවලා ගිහින් බස් එකක එල්ලුනා.. බස් එකේ කට කපලා සෙනග.. මෙයා ඉතින් අස්සෙන් රිංගලා රිංගලා කොහොමහරි මුල්ලකට වුනා.. තදබදේ වැඩි නිසා කෙසෙල් ගෙඩිය පොඩි වෙයි කියලා හිතුව මෙයා එක අතකින් බස් එකේ පොල්ලක් අල්ලගෙන පරිස්සමටත් එක්ක පිටිපස්සට අත දාලා කෙහෙල් ගෙඩිය අල්ලගත්තා..
     දැන් බස් එකේ එනවා.. මෙයාටත් දැන් ප්‍රශ්නයක් නෑ.. ඇයි කෙහෙල් ගෙඩිය සුරක්ශිතයි නේ.. ටික වෙලාවකින් මෙයාගෙ පිටට කව්ද තට්ටු කරනවා දැනුනා.. මෙයා පිටිපස්ස හැරිලා බලද්දි පිරිමි කෙනෙක්ගෙ කටහඬක් ඇහුනා..
"නංගි දැන් මගෙ කලිසමෙන් ටිකක් අත ගන්නවද?? මං ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්නයි යන්නෙ..."
.
.
.
     ඔන්න කතාව නම් ඉවරයි.. කෙල්ලට මොනා හිතුනද කියන එක ඔයාලම තීරණය කරන්නකො.. මට නිකන් පෝස්ටුව දිග මදි වගේ.. ඒ නිසා තව කතාවක් දාන්න හිතුනා.. මේක කෙහෙල් වලට සම්බන්ද නෑ.. ඒත් කලිසම් වලට සම්බන්ධයි.. :ඩී
.
.
.
     ඔන්න වෙලාව දැන් 6ට විතර.. කට්ටිය වැඩ ඇරිලා යන වෙලාවනෙ.. මේ වෙලාවෙ කෝච්චියකට නගින්න තරුණ කෙල්ලෙක් ඉස්ටේශමට ආවා.. ඔන්න කෝච්චිය ඇවිත් නැවත්තුවා.. දැන් මිනිස්සු කෝච්චියට නගින්න පෝලිමේ ඉන්නවා(මං හිතන්නෙ ලංකාවෙ නෙමෙයිද කොහෙද.. :පී)
    ඔන්න දැන් අර ගෑල්ලමයත් කෝච්චියට නගින්න හදනවා.. මෙයා ඇඳලා හිටියෙ මාරම මාර ටයිට් ස්කර්ට් එකක්.. ඒකෙ හිර නිසා දැන් මෙයාට නැගගන්න බෑ..
     දැන් එයා එයාගෙ අත පිටිපස්සට දාලා ස්කර්ට් එකේ සිප් එක ටිකක් ඇරලා නගින්න හැදුවා.. ඒත් තාම බෑ.. ආයෙ තව ටිකක් පාත් කරලා බැලුවා.. ම්හු.. තාම බෑ.. ඔන්න ආයෙ පාරක් එයා සිප් එක පහලටම දැම්මා..
     ඒ වෙලාවෙ ටිකක් මැදි වයසෙ වගේ අංකල් කෙනක් මේ ලමයව උස්සල කෝච්චියෙ පඩිපෙල උඩින් තිබ්බා.. දැන් ගෑනු ලමයට මාර මල.. එයා අංකල්ට බනින්න ගත්ත..
"පල යන්න වනචරයා.. උඹ කවුරු කියලා හිතන්ද මගේ ඇගට අත තිබ්බෙ? ඔච්චර අමාරු නම් ගිහින් සල්ලි දීල ගෑනියෙක් එක්ක බුදියගනින්.. මුගෙ වයසටද වැඩ"
ඔන්න ඒ වෙලේ අර අංකලුත් කට ඇරියා..
"මං මොනා කරන්නද නංගි.. ඔයාමනෙ දැන් තුන් පාරක්ම මගෙ කලිසමේ සිප් එක ඇරියෙ.. මං හිතුවෙ ඔයාට මගෙන් මොනා හරි ඕන වෙලා කියලා" මිනිහත් කියපි.. :ඩී
ප.ලි
මෙතෙක් මගේ බ්ලොගේ බලපු, කොමෙන්ටු කරපු හෝ නැති සියලුම දෙනාට(ඇනෝලාද ඇතුලුව) මාගේ ස්තූතිය.. මගේ බ්ලොගේ බලපු අය ගණන දැන් 1200ටත් වැඩි වෙලා.. ගොඩක් සතුටුයි.. ඒ නිසා රජා, ඩ්‍රැකී, මාතලන්, ඩූඩ්, ධාරා,සෑමා, නිශාන්, කරූ ඇතුලු සියලුම දෙනාට මාගෙ ප්‍රණාමය.. නම් නොකියවුනු අයගෙන් සමාව අයදිනවා.. දිගටම මතක මාවතේ රස්තියාදු ගහන්න එන්න.. ජය ශ්‍රී!!!!!!!

Friday, May 17, 2013

ඒකෙ ඉතින් ඒ හැටි අමාරුවක් නෑ මහත්තයෝ.. (ලාවට 18+)

     අද මං කියන්න යන කතාව මට අහන්න ලැබුන එකක්.. ටිකක් පරණයි.. ඒත් අහල නැති අයට දැනගන්නයි අහල තියන අයට මතකෙ අලුත් කරගන්නයි තමා දාන්නෙ හොඳේ.. මේක ටිකක් 18+ වගේ නිසා පොඩි ලමයි නොබලා හිටියොත් හොඳයි (කොච්චර කිව්වත් උඹලා බලන බව මං දන්නවනේ..)

හරි කතාවට යමු එහෙනම්..

     එක පලාතක හිටියා ආච්චි කෙනෙකුයි මිනිබිරියෙකුයි.. මේ අය ටිකක් දුප්පත් අය.. එදා වේල පිරිමහ ගත්තෙ ආච්චි පොඩි කුලී වැඩ කරලා.. කොහොමහරි මේ අය එදාවේල කාල බීලා හිටියා කියමුකො..

     ඔන්න ටික කාලයක් යද්දි මේ දුවත් තරුණියක් වෙනවා.. එයත් රස්සාවක් කරන්න පටන් අරන් ආච්චිටත් උදව් කලා.. ඒත් එයා රස්සාව කලේ කොහෙද කියලා නම් ආච්චිට කිවුවෙ නෑ.. ආච්චිත් අහන්න ගියෙ නෑ ඕං..

     මිනිබිරී වැඩ කලේ ගමේ තිබ්බ ගණිකා නිවාසෙක.. එයාගෙ ඩියුටිය වුනේ එයා ළඟට එන පිරිමි අයව සතුටු කිරීම(දන්නෝ දනිති)

     දවසක් ඒ ගණිකා නිවාසෙට පොලීසියෙන් පැන්නා.. එතන අර කලින් කිව්ව ගෑනු ලමයත් හිටියා.. පොලීසියෙ අය කෙල්ලො ඔක්කොම එලියෙ පෝලිම් ගස්සලා තිබ්බා තොපිට අද දෙන්නම් සබ්බුව කියලා..

     දැන් ඔන්න ආච්චි එනවා කොහෙද ගිහිල්ලා.. එයා පෝලිම දැකලා මේ පැත්තට ආවා.. එයා දැක්කා එයාගෙ මිනිබිරිත් ඉන්නවා.. ටිකක් සැක හිතුනත් ආච්චි මිනිබිරීට කතා කරලා සිද්දිය ඇහුවා..

     අනේ අත්තම්මෙ අද පොලීසියෙන් දෙනවා දොඩං දන්සලක්.. මාත් මේ දොඩං ගන්න පෝලිමේ ඉන්නවා කියලා මිනිබිරී කිව්වා.. ආච්චිටත් දොඩං කන්න ආසාවක් ඇවිත් පෝලිමේ අන්තිමටම හිටගත්තා..

     ඔන්න දැන් පොලිස් නිලධාරීන් ආවා කෙල්ලො ටික අරන් යන්න.. දැන් අර ආච්චි දැක්කම මුන්ට මාර අව්ල්.. ඒ මදිවට මල.. එක පොලිස්කාරයෙක් ආච්චි ලඟට ආවා..

     හනේ හනේ මුන්ගෙ වයසටද වැඩ? ඇත්තට මේ වයසටත් තමාට මේ වැඩ කරන්න පුලුවන්ද කියලා පොලිස්කාරයා ඇහුවා.

     ඒකෙ ඉතින් ඒ හැටි අමාරුවක් නෑ මහත්තයො.. මං කරන්නෙ මගෙ මේ බොරු දත් සැට් එක පැත්තකින් තියලා පොත්ත ඇරලා පැණි ඔක්කොම ටික එලියට එනකල් සූප්පන එක තමයි.. ආච්චි ඇඟට නොදැනිම කියලා දැම්මා..

ප.ලි
කලින් අහලා තියන අය ඔන්න බනින්න එහෙම එපා.. මං කතාව මගෙ ශෛලියට ටිකක් වෙනස් කලා.. හිතට දැනුන ඕන දෙයක් කොමෙන්ටුවක් විදීහට දාලා යන්න.. ඒක මට ලොකු ශක්තියක්.. ජය ශ්‍රී!!!!!

Wednesday, May 15, 2013

අඩෝ පාප මිත්‍රයා... (A Fake Friend)

     හ්ම්ම් අදත් මං අරගෙන ආවෙ මගේ පුංචි අත්දැකීමක්.. පුංචි වුනත් ලොකු පාඩමක් මට ඒ දේ ඉගැන්නුවා.. ඒ නිසාමයි මම මේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්නෙ.. අපි කවුරු අතරත් මේ වගේ අය ඉන්න පුලුවන්.. තමන් අවංකද නැද්ද කියලත් ටිකක් ඒ ගමන් හිතන්නකො :ඩී තමන්ගෙ හෘද සාක්ශියෙන් තමන්ම ටිකක් අහලා බැලුවා නම්(මාත් එක්ක මල පන්න ගන්න එපා හොඳේ මෙහෙම කිව්වට..

හරි.. වැඩි බයිලා ඕනෙ නෑ නේද?? කෙලින්ම යමු කතාවට..

     මේ සිද්ධිය වුනේ මීට සතියකට කලින්.. හරිහමන් දිනයක් නම් නෑ ඕං.. මම උ/පෙ වලට ක්ලාස් යන්නෙ ගම්පහ ජා-ඇල පාරෙ.. අපි 2014 උ/පෙ බැච් එකේ.. ඉතින් මේ අතරෙ අපේ පන්තියට ආවා මේ අවුරුද්දෙ උ/පෙ කරන එකෙක්.. අපි ඌට බාචා කියමුකො(උගෙ කාඩ් එක) ඉතින් මූ හොඳට ඉගෙන ගන්නවා ඒ වගේම සෙට් එක අතර ඉද්දි විනෝදෙට බරයි.. ඒ වගේම කතාවෙන් මිනිස්සුන්ගෙ හිත් දිනාගන්නත් හපනෙක්.. ඒ නිසාම ටික දවසක් යද්දි ඌ අපේ ගොඩක් බැචාලගෙ වගේම මගෙත් සමීප මිතුරෙක් වුනා..

     ක්ලාස් එකේ සර් වුනත් අපි එක්ක මාර ෆිට්.. හරියටම කියනවා නම් ගුරුවරයෙක්ටත් එහා ගිය ලෙන්ගතුකමක් අපි එක්ක තිබ්බා.. හරියට හොඳම යාලුවෙක්, තාත්තා කෙනෙක් වගේ(සර් ගැනත් වෙනම පෝස්ටුවක් දාන්නම්) :ඩී ඔන්න ඔය අතරෙ අපේ බැචාලා කතා වුනා ක්ලාස් එකේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න.. සර්ගෙනුත් අපිට අවසරය සහ සපෝට් එක ලැබුනා.. ගොඩක් හොඳට මහන්සි වෙලා අපිට පුලු පුලුවන් විදිහට මුදලුත් හොයාගෙන අපි නියමෙටම අවුරුදූ උත්සවේ තිබ්බා.. මහන්සියෙ උපරිම ඵලය නෙලාගන්න මට බැරි වුනා පොඩි සිද්දියක් හින්දා..

අයියෝ මෙයා කතාව නොකියා වටේ යනවනෙ කියලා හිතුනා නේද? නෑ කියන්න එපා..

මම මේ කතාවට පසුබිම සකසනවා බොලං..

     ඔන්න දැන් මං අර කලින් කිවුව අවුරුදු උත්සවේදි තමා මං බාචා එක්ක ගොඩක් ෆිට් වුනේ.. ඌත් අපිත් එක්ක හරි හරියට වැඩ කරපු නිසා අනිත් උන්ටත් ඌව සැටිස් වුනා.. ඒ නිසා අපි අතර තරමක් ජනප්‍රිය චරිතයක් වුනා ඌ.. ඔහොම තව සතියක් ගියා..

     දවසක් මමයි අපේ බැච් එකේ මලිඳු කියල කොල්ලෙකුයි(මෙයා ගැනත් කතා ගොඩක් තියනවා) බාචයි ක්ලාස් ඇරිල බස් හෝල්ට් එකේ ඉන්නකොට මලිඳුවා යෝජනාවක් ගෙනාව අද අපේ ගෙදර එන්නද කියලා.. මමත් ඉතින් ආගන්තුක සත්කාර දන්නා බුවා නිසා වගේම ලඟපාත උන් එක්ක වැඩි ආශ්‍රයක් අඩු හින්දම එන්න කීවා.. පස්සෙ උන් ඇවිල්ලා පැයක් විතර ඉඳලා ගියා.. ඒ ගමන් තමා බාචා මට උගේ ප්‍රශ්නයක් කිව්වෙ.. උගෙ පව්ලෙ ඌයි අයියයිලු.. අයියා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා.. ඒ අප්සට් එක නිසා ඌට ගෙදර ඉඳන් පාඩම් කරන්න අමාරුලු.. නිදහසේ පාඩම් කරන්න තැනක් හොයනවා කිව්වා.. මොනා වුනත් මගෙ යාලුවෙක්නෙ.. අනික මේ අවුරුද්දෙ උ/පෙත් එක්කනෙ.. ඒ නිසා මං අම්මගෙන් ඇහුව ඌට ටික දවසක් පාඩම් කරන්න මෙහෙ ඉන්න දෙන්නද කියලා.. ම්හු.. අම්මගෙ නම් අකමැත්තක් නෑ.. මොකද මං නිතරම තනියම හිටිය එකානෙ..

     මං ඌට ඉරිද ක්ලාස් එකේදි සිද්දිය කිව්වා.. ඌ එවෙලෙ මුකුත් කිවුවෙ නෑ.. ඒත් ආයෙ ඌ අඟහරුවාදාද කොහෙද කෝල් කරල එන්නද ඇහුවා.. මං ඉතින් හා කිව්වා.. මූට හැපි.. මූ පහුවදා ආවෙ අම්මත් එක්කමයි.. අම්මත් පැය ගානක් විස්තර අහලා අහලා ඔන්න ඌව තියල යන්න කැමති වුනා.. ඒකත් නිකන් හරියට අපි ඌව බලෙන් තියාගන්න හැදුව වගේ තමා ඇහුවෙ.. මට ඉතින් ටිකක් කේන්ති ගියත් පව්නේ මේ ලමයා විතරක් දැන් ඉන්න නිසා ඕනවට වඩා ඌ ගැන හිතනව ඇති කියලා හිතාගත්තා..

     ඔන්න අපි රෑ පාඩම් වැඩ කරලා කන්න ගියා.. බාචා හෙන දාර මහත පොරක්.. ඌට ලොරියක විතර කෑම කන්න පුලුවන් බව මට තේරුනේ අපෙ අම්මා ඌට දුන්න බත් පිඟාන ඌට මදි බව මූනෙන්ම පෙනුන නිසා.. ඉතින් අම්මා එයාගෙ බත් පංගුවද කොහෙද ආයෙ ඌට දාලා දුන්නා.. ඉතින් කෑම කාලා තව වැඩ මොනාද කරලා අපි නිදාගත්තා.. ආයෙ පාන්දරම නැගිටලා ඌ ලෑස්ති වුනා.. මං ඇහුවම ඌ කිවුවෙ ඌගෙ වෙසක් කූඩුවක් තියනවා ඒක කොලඹ වෙසක් කලාපෙට දෙන්න ඕනෙ ඒ වැඩේට යනවා කියලා මූ ගියා ගියාමයි ආයෙ දකින්නත් නෑ..

     කෝල් ගත්තම මූ ආන්සර් කරනනෑ.. ඊයෙ අම්ම කෝල් කලාම මූ සද්ද නැතුව උගෙ අම්මට පෝන් එක දීලා තිබ්බා.. ඒ මදිවට මූ ගිහින් කියලා එහෙ හරි නෑ අම්මෙ ඒ මල්ලි හරියට වැඩ කරන්නෙත් නෑ.. ටිකක් වැඩ කරලා පෝන් එක ඔබ ඔබ ඉන්නවා ගගා.. මූට ඒවා වැඩක් නෑනෙ.. ඌ ආවෙ උගෙ වැඩ කරගන්න මිසක් මට උගන්නන්නයැ.. මට අහන්න හිතුනෙම ඇයි ඇන්ටි පුතාට කන්න මදි වුනා කියලා කිව්වෙ නැද්ද කියලා.. ඒත් මං ඒක ඇහුවෙ නෑ..

එච්චරයි.. කෙනෙක්ගෙ කරදරේකදි උදව් කරන එක හොඳ වැඩක්.. ඒත් මේ වගේ උන් නිසා ඒ දේත් එපා වෙනවා.. හිතන්න, මගෙ තිබ්බ මනුස්සකම නිසයි යාලුකම නිසයි මං ඌට උදව් කරන්න ඉදිරිපත් වුනේ.. ඒත් අඩුම තරමෙ ස්තූතියි කියලා කියන්න තරම්වත් මනුස්ස ගතියක් ඌට නොතිබ්බෙ ඇයිද මන්දා.. මට ඒ සිද්ධිය මතක් වෙන කොට මාත් එක්කම ලොකු තරහක් දුකක් හිතට එන්නෙ..

ප.ලි
කලින් පෝස්ටුවට ලැබුන ප්‍රතිචාර ගොඩක් අඩුයි.. පෙම් කතා කියවන්න කට්ටිය අකමැතිද දන්නෑනෙ.. හොඳ හෝ නරක හෝ ඕනෑම අදහසක් දාලා යන්න.. ඒක මට ලොකු ශක්තියක් මගේ වැරදි හදාගෙන.. පස්සෙ තවත් පෝස්ටුවකින් හමුවෙමු.. ජය ශ්‍රී!!!!!!!

Monday, May 13, 2013

බිඳුනු පෙම....

මේ ලෝකෙ ජීවත් වෙන හැම කෙනෙක්ටම සතුටුදායක වගේම දුක්ඛදායක අත්දැකීම් ලැබිලා තියනවා.. සමහර අයට ඒ දුක දරා ගන්න පුලුවන්, ඒත් තවත් සමහරෙක්ගෙ ජීවිතයම නැති කරලා දාන්න ඒ දුක ප්‍රමාණවත් වෙන්න පුලුවන්.. උදාහරණයක් විදිහට මාවම ගත්තොත් මගේ ජීවිතේ ගෙවුනු අවුරුදු 18ට මං ලබපු අත්දැකීම් ගැන හිතල බැලුවොත් මම සතුටට වඩා දුක් විඳපු කොල්ලෙක් කියලයි මට හිතෙන්නෙ.. ඒ ගෙවුන අත්දැකීම් අතරින් අද මං අරන් ආවෙ කාලයක් මගෙ ජීවිතේට වද දුන්න, තාමත් ඒ සිදුවීම නිසා පීඩා විඳින අත්දැකීමක්.. මේ කතාව කෙනෙක්ට විකාරයක් වගේ වෙන්න පුලුවන්.. නමුත් මට ප්‍රශ්නයක් නෑ.. මොකද මම හැම කෙනාගෙන්ම හොඳ අහන්න නෙමෙයි මේ දේවල් ලියන්නෙ.. ඔබේ ඕනම විවේචනයක්, යෝජනාවක් මම සතුටින් භාරගන්නවා.. එහෙනම් කතාවට යමු නේද?? :ඩී

    එයාව මම මුලින්ම දැක්කෙ බුකියෙ වෙන යාලුවෙක්ගෙ පොටෝවකට කමෙන්ට් කරද්දි.. මම නිකමට වගෙයි එයාට රික්වෙස්ට් කලේ.. පහුවදා එයා මාව අනුමත කරල තිබ්බම මට අමුතු හැඟීමක් දැනුනා.. එයාට මං හායි කියලා මැසේජ් එකක් දැම්මා.. එයත් මට පිලිතුරු එව්වා.. එදායින් පටන් ගත්ත චැට් එක ඉවර වෙද්දි එයා කාගෙ කවුද? අනං මනං සේරම දැනගෙන ඉවරයි.. එයා නංගි කෙනෙක්.. මට වඩා අවුරුදූ 3ක් බාලයි(මගෙ මල්ලිගෙ වයසෙ) ගම්පහ නගරෙ ප්‍රසිද්ද බාලිකා පාසලකයි එයා ඉගෙන ගත්තෙ(මගෙ ඉස්කෝලෙ ඉඳන් හූවයි බල්ටියයි :ඩී) තව එයාගෙ පවුලෙ විස්තර අනං මනං දැනගන්න ලැබුනා.. මේ විදිහට මාස 3ක් විතර ගෙවිලා ගියා.. දැන් ඒ නංගි මගෙ හොඳ යාලුවෙක්..

     මෙහෙම යද්දි මට ඒ නංගි ගැන එක එක දේවල් හිතෙන්න ගත්තා.. මං හිතං හිටියෙ මට ආදරේ පතන්න හොඳම තැන බුකිය කියලා.. මොකද මං සාමාන්‍ය ජීවිතේදි වැඩිය කෙල්ලො එක්ක කතාබහ කරලා නැති නිසා(මට වැරදුනේ එතනද මන්දා) වෙලාවකට එයා මොනා හිතයිද කියලා මට හිතුනත් අහලා දානවමයි කියලා මං හිතා ගත්තා..

     අන්තිමට මං එයාගෙන් කැමත්ත ඇහුවා.. එයාගෙන් උත්තර ලැබුනා.. හිතපු උත්තරේ නම් නෙමෙයි.. බැණුම් වැස්සක්..

  "තමුසෙ කවුරු කියල හිතාගෙනද මට මෙහෙම කියන්නෙ?? මොනාද තමුසෙට තියෙන්නෙ.. බලනවා තමුසෙගෙ කැත(මගෙ පොටෝ තිබ්බා) තමුසෙ වගේ රස්තියාදුකාරයෙක්ට මං කැමති නෑ"

     ඒ කෙල්ල එහෙම බනිද්දි මට තවත් පස්සෙන් යන්න හිතුනෙ ඇයි කියල මං දන්නෑ.. සමහරු බනීවි ඇයි උබ එහෙම කලේ කියලා.. ඒත් ඒ දේ ඒ විදිහටම වුනා..

     දවසක් මං ආයෙ ඇහුවම එයා මට කැමතී කිවුවා.. මට පුදූම සතුටක් දැනුනෙ.. එදා ඉඳන් අපි අතර 4න් එකෙන් වුන කතාවල් ඇරෙන්න බුකියෙ චැට් මැසේජ් ගාන 59900ත් පැනලා තිබ්බා.. ඒත් මට එයාව හම්බ වෙන්න ඕනෙ කිවුව හැම වෙලේම එයා මොකක් හරි කියලා ඒක මග ඇරියා.. ඒ නිසා මගේ හිතේ පොඩි අවුලක් තිබ්බත් මං ඒ ගැන එයාගෙන් ඇහුවෙ නෑ.. ඒ වගේම එයාට පොඩි දෙයක් වුනත් ඇති රණ්ඩු වෙන්න.. මොකක් හරි දේකට හැමදාම අපි අතරෙ රණ්ඩුවක් තිබ්බමයි.. ඒ අප්සට් එක අරවත් එක්ක එකතු වුනාම මට ලොකූ පීඩනයක් දැනුනෙ.. මං ඒ දේවල් වල දුක නැති කරගන්න නිතරම බුකියෙ ඉන්න පුරුදු වුනා.. ඒ දවස්වල මම සා/පෙ ඉවර වෙලා නිසා නිවාඩුවෙ ගෙදර හිටියෙ.. ඒ කාලෙ මං කොයි තරම් බුකියෙ හිටියද කිව්වොත් මං උදේට ඔන් කරපු ලැප පහුවදා උදේ වෙනකනුත් ඔන්.. මං දවස් ගානක් එක දිගටම නිදි මරල තියනවා.. හිතාගන්න බැරි දවස් ගානක්.. ඒ කාලෙදි තමා මට අහම්බෙන් බ්ලොග් එකක් කියවන්න ලැබුනෙ.. එදා ඉඳන් තාම බ්ලොග් කියවන්න මං පුරුදූ වුනා(එකම හොඳේ ඒකද මන්දා)

     ඔය කාලෙමයි මම අපේ ඉස්කෝලෙ ගුවන් හමුදා ශිශ්‍ය භට ඛන්ඩයට එකතු වුනේ.. 2011 ඔක්තෝම්බර් වල මං කෑම්ප් ගියා.. ඒත් එයා මාත් එක්ක ඒකට තරහ වෙලා හිටියෙ.. මං ගියේ ඒ අප්සට් එකෙන්මයි.. එහෙ ගිහිනුත් මට නිදහසේ ඉන්න බැරි වුනේ ඒ දේ හින්දමයි.. ආයෙ සති 2කින් මං එද්දි ගොඩක් දේ වෙනස් වෙලා.. මං පණ වගේ ආදරේ කරපු එයත්.. මාව සත 5කට එයා මායිම් කලේ නෑ.. ඒ අස්සෙ තමා මටත් එයාව එපා වෙන්න පටන් ගත්තෙ.. කාලයක් එයා නැතුව හිටිය නිසා මට එයා නැතුව ඉන්න පුලුවන් කියන දේ මට තේරුනා.. එයාගෙ පරන වැරදිත් අල්ලගෙන මං එයත් එක්ක රන්ඩු වුනා.. එහෙම දවසක එයාට කියවුනා එයා මාත් එක්ක යාලු වුනේ මාව පොඩි බයිට් එකකට ගන්න කියලා.. එතනින් මං තීරණයක් ගත්තා..

     මේක නවත්තල දාමු කියලා මං කිවුවම එයා බෑ කිවුවා.. ඒත් මං හිටියෙ කේන්තියෙන් නිසා මංම නැවත්තුවා එයාට හොඳටම බැනලා..

ප.ලි

එච්චරයි.. මං කියන්නෑ මං 100% හරි කියලා.. ඒත් මං එයාට ආදරේ කලා.. ඒක එයාට නොතේරුනේ ඇයි කියන්න මං දන්නෑ.. එදා ඉඳන් අද වෙනකල් ගෙවුන මේ මාස 7දි මං බලාපොරොත්තු වුන වෙන ආදරයක් හරි ගියෙ නෑ තාමත්..

       හැමදාමත් යාලුවේ..
       මං ඉන්නෙමි පාලුවේ..
       මගේ පාලු පැලට එන්න..
       කවුරුත් නෑ යාලුවේ..

Thursday, May 9, 2013

කෙලවාගතිමි.. (oh shit)

ඔන්න හුඟ දවසකින් මම පෝස්ටුවක් දාන්න හිතුවා.. ජයග්‍රාහී දෙවැනි පෝස්ටුව.. මේක මට වුන එක කුප්ප සිද්දියක්.. අහ් අමතක වුනානේ.. සේරටම කලින් මගේ පලවෙනි පෝස්ටුවට කොමෙන්ටුවක් දාල මට ආයෙ බ්ලොග් ලියන්න දිරියක් දුන්න රජා අයියට ටැන්කූ කියන්න ඕනේ(වැඩිය කියවන්න යන්නෙ නෑ ඕං මටත් මඩ පෝස්ටුවක් ගැහුවොත් වසලා හමාරයි.. තිත් දෙකයි ඩී) අපි නම් අහිංසක කොල්ලෝ නෙහ්.. ඒ වගේමයි මෙඑකෙ සිංහල ගැන මටවත් සුවර් නෑ.. අපි එන්නෙ ජංගම ඒවයෙන් නේ..

    හුටා!! පැන්නා නේද කතාව පිට.. ඔන්න එහෙනම් කෑලි නෑ කෙලින්ම කතාව..

    ගිය ඉස්කෝලෙ නිවාඩුවෙදි මගේ යාලුවෙක් යෝජනා කළා සත්තු වත්තෙ යන්න.. මම වැඩිය සුවර් කලේ නෑ මූ කිවුවොත් කියන්නෙ කෙබ්බක් නිසා.. යාලුවගේ නම සුගී කියමුකො.. ඌ කිවුවේ නම් හෙන ගැන්සියක් යන්න ඉන්නවා කියලා.. දවසක් දාගත්තා ඕං.. ඒත් ගියාම මට ඇඬෙන්න ආව.. ඇයි යකෝ යන්න හිටියෙ මාත් එක්ක 4ක්.. මං ඉතින් උගේ ගුන වනලා එහෙම යන්න සෙට් වුනා කියමුකෝ.. දැන් කට්ටිය දෙහිවල.. ඒකෙ හිටිය සත්තුන්ට වඩා අපේ උන් බැලුවේ සත්තු බලන්ඩ ආව සුදු අක්කල දිහා(ඔන්න මං නම් බැලුවෙ නෑ.. අපි පොඩ්ඩො නේ) හරි අපි සේරම තැන් බලල 12ට විතර එන්න ආව.. අනේ අපේ එකෙක් හරි දුකෙන්.. ඌට ඔරන් උටන් ට බායි කියන්න බැරි වුනාලු.. කොහොමහරි දැන් ගැන්සිය ඌව ඇද ගෙන ආව.. දැන් අපිට මාර බඩගිනියි.. කන්න තැනක් හොය හොය අපි ගෑටුවා..

    මග දිගට කෑම කඩ ඒත් එකෙක්වත් යන්නෑ.. දැන් මට ඉන්නම බැරි තැන ඇහුවා ඇයි යකෝ මේකෙන්වත් කමුකෝ කියලා..

    ඔන්න ඒ පාර මගේ යාලුවා කියපි "නෑ බං ඒවයේ හලාල් කියලා.. මට දැන් බරටම මල.. ඇයි යකෝ මුන් කන එකෙත් මගුල් හොයන හින්දා.. අනේ මේ #$&&@@#$! තොපි එනවද නැත්තන් මං විතරක් කන්නද කියලා මං ගියාම මෙන්න බොලේ මුනුත් ඇවිත් කෑවා යස අගේට.. පවු....

    කට්ටියම කතා උනා කාල ගල්කිස්සෙ ගිහින් නාන්න.. කෝකටත් මං රෙඩි වෙලා ආව යාලුවටත් ශෝටක් ගෙනාවා.. මුං කිවුවා අපි ඇඳුම් ගෙනාව යං කියල.. ගියාට පස්සෙ මං යාලුවට ශෝට දීල මාත් ඇඳුම් මාරු කලා.. අරුන් බලාගන ඉන්නවා තාම..

    බොල හිපාටුවො ඇඳුම් මාරු කරන්නැතුවද තොපි නාන්නෙ?? මං හරිම ආදරෙන් ඇහුව..

    අනේ කොල්ලො අපි මෙහෙම ඉන්නම් ඇඳුම් ගෙනාවෙ නෑ.. උන් බොහොම අහිංසක විදිහට කිවුවම මට නහුතෙට මල. මොනා කරන්නද කියල මං සුගී එක්ක බැස්ස මුහුදට..

    මං ආතල් එකේ පීනනවා.. ඒ අස්සෙ එකෙක් රැල්ල පාගනව. අනේ සුගියො මේ හරියට වරෙන් බං.. මං කෑ ගැගහුවට හරි ගියෙ නෑ.

    මං අදමයි බං මුහුදෙ නාන්නෙ. බයයි බං.. මූ ගෑනි වගේ කිවුවා.. ඒ මදිවට ඌ රැල්ලක් එද්දි කෑ ගහගෙන දුවනවා. මං ඒ ලොල් සිද්දිය බලන් හිටියා.. පැයකට පස්සෙ ගොඩට ඇවිත් ආයෙ ඇඳගෙන ගෙදර එන්න ආවා.. මං යාලුවො එක්ක ගිය කුජීතම ට්‍රිප් එක ඒක කියල තමා හිතුනෙම. ආයෙ ඔය වගේ ගමනක් යද්දි යන එවුන්ගෙ මූන බලල මිසක් යන්නෑ කියලා හිතා ගත්ත අයියො.. ඒක මතක් වෙද්දි මං මටම #$%%#$ කියාගෙන දුක් වෙනව බොලන්..

ප.ලි
මොකක් හරි දෙයක් කරද්දි ඒ දේ කරන්න පුලුවන් එකෙක් එක්ක ඒ දේ කල යුතුමයි.. මොනා වුනත් ඌ අදටත් මගෙ එලම බොක්කක්..

ප.ප.ලි
පෝස්ටුව දිග වැඩි වුනා වගේ.. එහෙම හිතෙනවද????