Wednesday, December 11, 2013

මතකයන් තුළ සිරවී...

   මේ ටිකේ ඉස්කෝලේ නිවාඩුව නිසා දවසම ගෙදර.. කරන්න දේකුත් නෑ යාලුවෝ දෙතුන් දෙනෙක් සා/පෙ ලියන්න ගිහින්.. ඉතින් හෙට ක්ලාස් එකේ විභාගයක් ඒකට උදේ පාඩම් කර කර ඉන්නකොට අම්මා කිව්වා මගේ කාමරේ ගොඩක් දේවල් ගොඩ ගැහිලා ඒ ටික අස්පස් කරලා දාමු කියලා.. මමත් රෙඩී වෙලා කාමරේ ගොඩගැහිලා තිබ්බ පොත්පත් ටික අයින් කරන්න ගත්තා.. එතකොට මට එතන තිබිලා හම්බ වුනා දෙයක්.. ඒක ප්‍රොජෙක්ට් එකක් ඔව් නිකන්ම නිකන් ඒලෙවල් ප්‍රොජෙක්ට් එකක්.. ඒත් ඒක දැක්ක ගමන් ගොඩක් දේවල් මතක් වුනා.. කෙලින්ම කියනවා නම් මතක මාවත දිගේ අතීතය කියන නැවතුම්පොළට මං ගියා නෙමෙයි යැවුනා..

   සචින්, ඔයා ඒලෙවල් වලට මොකක්ද කරන ප්‍රොජෙක්ට් එක?? මගේ ප්‍රොජෙක්ට් එක දෙන්නම් ඔයා ඒක වෙනස් කරලා දෙන්න පාඩම් කරන්නත් එතකොට වෙලාව ඉතුරුයිනේ.. එයා එහෙම කිව්වා.. ඇත්තටම කිව්වොත් මං දෙන්න වෙනම පොඩි ප්‍රොජෙක්ට් එකක් හැදුවා.. මොකද එයාගෙයි මගෙයි අත් අකුරු ගොඩක් වෙනස් හින්දා.. ඒ වුනාට එයා ඒක දුන්න එක මට ලොකු උදව්වක් වුනා.. ඔව් කට්ටියට වැඩේ තේරිලා ඇති.. මම යාලු වෙලා හිටියේ අක්කා කෙනෙක් එක්ක තමා.. ගොඩක් අය හිතයි ඒක සම්මතේට පටහැනි දෙයක් කියලා.. ඒත් ඒක මගේ ජීවිතේට එච්චර බලපාන්නේ නෑ.. මට මෙච්චර කාලෙකට ඉදපු එකම පෙම්වතිය එයා නෙමෙයි කලින් තිබුනා නිකන්ම නිකන් බුකි ලව් එකක්.. ඒත් මම මුලින්ම කෙල්ලෙක් දැකලා ආශ්‍රය කරලා යාලු වුන පලවෙනි කෙල්ල එයා.. කරුමෙට වගේ එයා මට වඩා අවුරුද්දක් වැඩිමහල් වුනේ.. එහෙම නොවුනා නම් අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා..




   කලින් දවසක මම දාලා තිබ්බා එයා මට අන්තිමට එව්ව ලියුම.. සමහරවිට එයාට කෙලින්ම කියන්න බැරි වෙන්න ඇති මගෙන් ඈත් වෙන්න ඕන කියලා.. සමහරවිට මගේ ආවේගශීලී කම ඒකට හේතුවක් වෙන්න ඇති.. මොනවා වුනත් මේ ගැන කිසිම දෙයක් කියලා නැති නිසයි අද මේක ගැන ලියන්න හිතුනේ.. පෝස්ට් එක ටිකක් දිග වෙයි අකමැති නම් කියෙව්වේ නෑ කියලා මම තරහා නෑ..

   එයා අපේ ගමේම කෙල්ලෙක්.. මට එයාව හම්බ වුනේ මම ඕලෙවල් ක්ලාස් යද්දී.. එතකොට එයා ඒලෙවල් කරනවා.. ඒ කාලේ අපි දෙන්නා අතර එච්චර දැනහැඳුනුම්කමක් තිබ්බේ නෑ ඒ වුනාට මට එයාව දවසක අඳුනගන්න ලැබුනා.. ඒ අපේ පල්ලියෙන් සුපවත් අරණ කියන කතෝලික මධ්‍යස්ථානයේ තිබ්බ තරුණ මෙහෙයකට සෙට් වුන දවසේ.. දවස ඔහේ ගියා එයා ඉන්නවා දැක්කට මම එච්චර ගණන් ගත්තේ නෑ ඒ කාලේ එයා ගැන අනං මනං හිතේ තිබ්බෙත් නෑ.. ඉතින් ආයේ පල්ලියට එද්දී රෑ වුනා ඉතින් අරයට යන්න කෙනෙක් හිටියෙත් නෑ මාත් එක්ක සෙට් වෙලා එයා ආවේ එදා.. එදා එයා ගැන ගොඩක් විස්තර මට කිව්වා මගෙත් විස්තර එයාට කිව්වා.. එයා කිරිබත්ගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලක කියලත් කිව්වා.. කොහොමහරි එදා ඉදන් අපි දෙන්නා හොදම යාළුවො වුනා..

   ඔහොම මාස 6ක් 7ක් ගියා.. ඒ කාලේ අපි දෙන්නා ඉඳහිට හම්බ වුනා පල්ලියේදී, පාරේදී වගේ.. ඒ කාලේ වෙද්දී මට නිකන් හිතුනා මම එයාට කැමතියි වගේදෝ කියලා.. දවසක් මැසේජ් කර කර ඉන්න ගමන් මම ඇහුවා දැන් කොහොමද කොල්ලට කියලා.. මෙයත් ඉතින් අනේ අපිට කොහෙද ඒ වගේ කිය කියා බයිලාවක් ගැහුවා.. පස්සේ ටිකකින් මම ඇහුවා ඔයා මට කැමති නැද්ද කියලා.. එයා මුලින්ම මට බැන බැන ඉදලා පොඩි පානියක් දාල කැමතියි කිව්වා.. ඒ අගෝස්තු 28 වෙනිදා..

   එදා අපි හම්බ වුනා.. මම ඒ ගැන අපේ අම්මට කියලයි තිබ්බේ මම දන්නවා අපේ අම්මලා ගොඩක් විවෘතව වැඩ කරන අය හින්දා මට අවුලක් වුනේ නෑ.. ඒත් එයත් ගොන් කමටද අත්දැකීම් නැතිකමටද මන්දා එදාම ගෙදරින් අහලා තිබ්බා.. ඉතින් එහෙන් ලොකු කේස් එකක් දාලා ප්‍රශ්න ඇති කරලා තිබ්බා.. මෙයා එවෙලේ ඔක්කොම ශේප් කරන් තිබ්බා වුනාට එයාගේ ගෙදරින් අපේ සම්බන්ධෙට ගොඩක් විරුද්ධ වුනා.. ඒ අයට ලොකුම ප්‍රශ්නේ වුනේ මගේ වයස.. එදා තමා මට මං ගැනම ලොකු දුකක් ඇති වුන දවස.. ඇයි දෙයියනේ එයාට වඩා අවුරුද්දක් බාල වුන එකට මම මොනා කරන්නද???

   අපි මුල් ටිකේ නිතරම හම්බ වුනා.. පාර දිගේ ඔහේ ඇවිදින එක අපේ විනෝදාංශයක් වුනා.. එයා ඉදලා හිටලා අපේ ගෙදරත් ආවා.. ඒත් ඒ හැම සිද්ධියටම පොල්ල වැටුනේ දවසක් එයා අපේ ගෙදර ආව එක මල්ලිට මාට්ටු වෙලා තිබ්බ එක.. එදා කෙල්ල ගොඩක් බය වෙලා හිටියේ.. මට බත් කව කව ඉදපු ගමන් හරියකට අතක් හෝදගන්නෙත් නැතුව අඩ අඩම ගෙදර ගියා..

   මම දන්නේ නෑ මොනවා වුනාද කියලා.. අපි මුල් දවස් ටිකේ ගොඩක් ආදරෙන් හිටියා.. ඒත් පස්සේ පස්සේ අපි දෙන්නා ටික ටික ඈත් වෙනවා වගේ කියලා මට දැනුනා.. ඒත් ඒක නිකන් හිතුනා වෙන්න ඇති කියලා හිතුනත් පස්සේ ඒක ඇත්ත කියන එක මට තේරුණා.. එයා ටික ටික මාව හම්බ වෙන එක නැවැත්තුවා.. මං කතා කලොත් එයා මොනවා හරි කියලා මගහැරියා.. කෝල් වලින් කතා කරන එක අඩු වුනා.. මැසේජ් වලට විතරක් ආදරේ සීමා වුනා.. ඒක මගේ හිතට ලොකු වදයක්.. ඉදලා ඉදලා ආදරයක් පටන් ගත්තම මට ඒ ආදරේට ලොකු බාධා එන එක මගේ හිතට ලොකු ප්‍රශ්නයක් වුනා.. මට ඉක්මනට කේන්ති යන්න ගත්තා.. පොඩි දේත් ඇති මට තරහා යන්න.. මටවත් මාව පාලනය කරගන්න බැරි වුනා වෙලාවකට.. වෙලාවකට මම කාමරේට වෙලා ඔහේ අඩ අඩ හිටියා.. කොහොමින් කොහොමින් හරි වුනේ අපේ ගෙදරිනුත් තිබ්බ කැමැත්ත නැති වුන එක..




   එයාට ඕන වුනා ජොබ් එකකට යන්න.. ඒත් මගේ හිත බය වුනා මම කැමති වුනේ නෑ එයා ඒකට යනවට ඒත් එයා ගියා.. කෙනෙක්ව ඕනෑවට වඩා පරිස්සම් කරන්නත් අපිට බෑනේ.. මොනා කරන්නද?? එයා දවසෙන් දවස ටික ටික වෙනස් වුනා.. එයාට මං ගැන මහා හැගීමක් තිබ්බේ නෑ වගෙයි එයා වැඩ කලේ.. මාව එච්චර ගණන් ගත්තේ නෑ.. මගේ සැපදුක හොයලා බැලුවේ නෑ.. මම ඉස්කෝලේ ගියේ නැත්තේ, පාඩම් කලේ නැත්තේ ඇයි කියලා ඇහුවේ නෑ.. මට අසනීපයක් හැදුනමත් එයා මට හිනා වුනා.. මොන දේ වුනත් ඒ හැම දේකින්ම අපි ඈත් වුනා.. එයා හැමදාම රණ්ඩු කරන්න ගත්තා.. මාත් රණ්ඩු වුනා.. එයා මට රිද්දන්න වගේ මම අකමැති දේම කළා.. විකාර කළා, වෙන කොල්ලෝ එක්ක මැසේජ් කළා.. දවසක් අපි හම්බ වුනාමත් රණ්ඩු වුනා.. අන්තිමට එයා ලියුමක් එවලා තිබ්බා මේක නවත්තමු කියලා.. ඒක කලින් පෝස්ට් වල ඇති.. ඉවරායි..




ප.ලි
මම මේක ලියන්න හිටියේ මෙහෙම නෙමෙයි.. පුළුවන් තරම් කොටස් අඩු කළා.. ලිවුවට මට මේ ලිවිල්ල මදි වගේ.. පබ්ලිෂ් කරන්නෑ කියලා හිතලත් අන්තිමට පබ්ලිෂ් කරනවා මේක.. කොහොමත් මතක මාවතේ කලින් හිටිය තරම් අදහස් දක්වන අය නෑනේ.. කීප දෙනයි ඉන්නේ.. අනික සින්ඩි වලිනුත් මාව අයින් කරලද කොහෙද දුක තමා සංසාරේ..

ප.ප.ලි
මේ මතක මාවතේ අන්තිම ටිකේ ලියවුන ලිපි ගොඩක් අයට නොතේරෙන්න ඇති.. විශේෂයෙන් හෙන්රි අයියට නම් තේරුනේ නැද්ද මන්දා සමහර ඒවා.. ඒ ගොඩක් දේවල් වල ලියවුනේ මගේ ජීවිතේ.. මතක මාවතක මතකය දිගේ යද්දී මට හිතෙන දේ තමා ලියවෙන්නේ.. දැන් එයා හොදින් ඉන්නවාලු.. දැන් ප්‍රශ්න නැතුව ඇති ලොකුම ප්‍රශ්නේ වුනේ මමනේ.. දැන් වෙන කොල්ලෙකුත් ඇති සමහරවිට.. තරහා ගියාම මොනා කිව්වත් තාම මම එයාට ආදරෙයි ඒත් මගෙන් එක පාරක් ඈත් වුන කෙනෙක් ආයේ ජීවිතේට ලංකරගන්න මං ආස නෑ මොකද එක පාරක් ගිය කෙනා යනවාමයි.. ඉතින් ගොඩක් අයගේ ජීවිත මේ නත්තලේ ගොඩක් සරුසාරයි.. මේ සචින්ගේ ජීවිතේ පුරුදු විදිහටම දුක්බරයි..

Friday, November 29, 2013

ප්‍රේමය වනාහී......



ප්‍රේමය ලොව හැම තැනම ඇතී..
හැමදෙනටම හමු වෙලා ඇතී..
එනමුදු ප්‍රේමය කිමැයි කියා..
හඳුනාගත් කිසි කෙනෙකු නැතී..

විල්තෙර දිය යට දියබුං නගනා..
ප්‍රේමයේ දිය උල්පත නිසලයි..
සියපත විල මත පුබුදන මුත් යස..
උල්පත හැමදාමත් නිසලයි..
ප්‍රේමය හැමදාමත් නිසලයි..

සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන..
ප්‍රේමයේ මුල් පස යට සැඟවේ..
නන් ඵල මල් දළු පුබුදන මුත් ගස..
මුල් රැස කිසිකෙනෙකුට නොපෙනෙයි..
ප්‍රේමය කිසිකෙනෙකකුට නොපෙනෙයි..


......................
එකඟ වෙනවද??
......................

මට නෙට් එකේ සින්දු හොයද්දි මේ සින්දුව මට දකින්න ලැබුනේ.. මම ඒ කාලේ ගොඩක් ආසාවෙන් අහපු සින්දුවක්.. ඇත්තටම ලොකු තේරුමක් තියනවා..

අපි හැමෝම කවදාහරි කාටහරි ආදරේ කරනවා. කරලා ඇති.. ඒත් ඔයා ආදරය කියන අකුරු හතරේ නියම තේරුම කවදාහරි දැනගෙන ඉඳලා තියනවද?? කෙනෙක් කියන්න පුළුවන් අද කාලේ මෙහෙම ආදරේ කරන්නේ කවුද කියලා.. මම ඒ කෙනත් එක්ක 75%ක් එකඟ වෙනවා.. මොකද අද සමාජ රටාව අනුව ආදරේ කියන දේ තේරුම් අරන් ආදරේ කරන අය ගොඩක් අඩුයි.. ඒත් අවංකව ආදරේ කරන අය තාමත් මේ ලෝකේ ඉන්නවා.. එහෙම කෙනෙක් දැක්කම සමහරු ඒ අයට විහිලු කරනවා.. "අපෝ උඹ නම් උපාසකයෙක්.. තාම උඹ උඹේ කෙල්ලට මුකුත් කලේ නැද්ද?? ඔහොම නම් බෑ කොල්ලෝ ජීවිතේ ෆන් එකේ ගෙවන්න.." මේ මගේ කනට ඇහිලා තියන දෙයක්.. එහෙම දේවල් ගැන හිතන තරමට අද ලෝකේ ඉස්සරහට ගිහින්?? එහෙමද?? නෑ.. ලෝකේ දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ගේ අධ්‍යාත්මික දියුණුව අඩු වෙලා.. ඒකයි ඇත්ත..

ඒක ලෝක ස්වභාවය වෙන්න ඇති.. ඒක අද කාලේ කෙල්ලොන්ට වගේම කොල්ලොන්ටත් පොදු ධර්මතාවයක්.. කොල්ලෝ වගේම කෙල්ලොත් ඉන්නවා කොල්ලෙක්ගේ ඇඟේ එල්ලිලා ඌගේ ජීවිතේ අපායක් කරලා යන.. මට උදේ සින්දුව මතක් වුනාම හිතුනා මේක ස්ටේටස් එකක් විදිහට දාන්න ඕන කියලා.. ඒත් අද හවස වුන කතාවක් හින්දයි මෙහෙම දාන්න හිතුනේ..

අද මම යාලුවෙක් එක්ක පාරට ගියා රෙස්ලින් ඩීවීඩී එක ගන්න.. එන ගමන් ඌ උගේ කෙල්ලට කෝල් කරනවා කරනවා ඒකි ආන්සර් කරන්නේ නෑ.. මං කිව්වා මොකටද බන් ඔච්චර කෙල්ලොන්ගේ පන්දිතකම බලන්නේ උඹත් ගණන් උස්සපන් කියලා.. මූ මට කිව්වා මට වැඩක් නෑ බන් මං ඒකිගෙන් ගන්න ඕන හැම දෙයක්ම අරන් ඉවරයි කියලා.. මට හිතාගන්න බෑ එහෙම කෙල්ලෙක්ගෙ හෝ කොල්ලෙක්ගේ ජීවිතයක් විනාස කරලා දාල තව කෙනෙක් විඳින මානසික තෘප්තිය මොකක්ද කියලා.. කෙල්ලෙක්ට තමන්ගේ ජීවිතේ ගොඩක් වටිනවා පිරිසිදුකම කියන එක.. අද කාලේ ඒවා ගැන එච්චර හෙව්වේ නැති වුනාට.. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙනවා නම් ඉගෙන ගන්න ඕන තමන්ට ඒ කෙල්ලව ලබාගන්න බැරි වුනත් ඒ කෙල්ලගේ පිරිසිදුකම තියලා ඒ කෙල්ලගේ ජීවන සහකාරයාගේ අතට කවදාහරි දෙන්න.. මේ ලෝකේ ගොඩක් සැබෑ ආදරවන්තයන්ට එකතු වෙන්න ලැබෙන්නේ නෑ.. අනික අවුරුදු 22න් පහල වයසකදී පටන් ගන්න ලව් එකක් සාර්ථක වෙන්න තියන සම්භාවිතාව 0.01% වගේ.. ඒක මම ඉගෙන ගත්තේ මගේ සර් ගෙන්..

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි සහෝ.. මමත් ආදරේ කරපු කෙනෙක්.. ආදරේ නිසා විඳවපු තාමත් විඳවන කෙනෙක්.. මට මේක දාලා ඕන වුනේ මම සැබෑ ආදරවන්තයා මම පොර කියලා නෙමෙයි.. මාත් සාමාන්‍ය මිනිහෙක් මටත් හැගීම දැනීම් කියන දේවල් තියනවා.. ඒත් අපි දැනගන්න ඕන ඒ දේවල් පාලනය කරන් ජීවත් වෙන්න.. මචංලා මම කැමති නෑ මම ඉන්න තැනට තව කොල්ලෙක් ඇදන් වැටෙනවා දකින්න.. කෙල්ලෙක් අසරණ වෙනවටත් මම කැමති නෑ.. මොකද මටත් අම්මා කෙනෙක් ඉන්නවා මට සහෝදරියෝ නැති වුනාට මට නෑදෑ නංගිලා ඕන තරම් ඉන්නවා.. ඉතින් හිතලා බලන්න උඹලා කැමතිද උඹලගේ සහෝදර සහෝදරියෙක්ට මෙහෙම වෙනවා දකින්න?? විශේෂයෙන් නංගිලා ඉන්න අයියලා?? නෑ නේද?? ඒ වගේ තමා කවුරුත් එහෙම දේට අකමැතියි.. කවුරුත් ඒ වගේ දේවල් වල මිහිර විඳින්න කැමතියි ඒත් එකේ ප්‍රතිඵල මොන වගේ වෙයිද කියන්න බෑ.. අද කාලේ ඒ වගේ අසරණ වුන පවුල් ජීවිත කීයක් නම් මේ ලෝකේ ඉන්නවද?? ඒ නිසා මගේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මේක තේරුම් ගනින්.. ආදරේ කරන්න ඕන පිරිසිදුව අවංකව.. අති පාරිශුද්ධ ආදරේ ඒ අයගේ මරණයෙන් මතුවටත් දෝංකාර දෙනවයි කියලා මගේ ගුරුතුමා මට උගන්නල තියනවා.. මේ පෝස්ට් එක කියවලා කෙනෙක් ජීවිතේ තේරුම් ගත්තා නම් ඒක මටත් ලොකු පිනක් වෙයි.. හැමෝටම සුභ අනාගතයක්..


ලහිරු සචින්ද..




ප.ලි
මේක අද මම බුකියේ දැම්ම ස්ටේටස් එක.. හිතුනා බොගෙත් දාන්න.. මේ ගැන හිතෙන්නේ මොනාද??

Friday, November 15, 2013

හද හැඬුවා රත්තරනේ ඔබ හින්දා...





සචින්, මට සමාවෙන්න
අවුරුදු 20ක් තිස්සේ මාව උස් මහත් කරලා හදපු වඩපු අම්මයි තාත්තයි වෙනුවෙන් විතරමයි මං මේ තීරණේ ගන්නේ. ඒ අයව රිද්දලා කවදාවත් මට සතුටු වෙන්න බෑ. ඒගොල්ලෝ මං වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. තිබුනු හැමදෙයින්ම හොදම දේ දුන්නේ මට. එහෙම කරපු අයව අතාරින්න බෑ මට කවදාවත්. ඔයාව මං තෝරගත්තොත් මං ඒ අයව අතාරින්න ඕනෙමයි. ඒ දේ කවදාවත් වෙනස් වෙන්නෙම නෑ. ඒ අයගේ තීරණයට පිටින් යන්න බෑ මට මෙච්චරකල් කලේ හැමදාම අඩ අඩ කවදාවත් සතුටක් නෑ. එහෙම ආදරය කරන්න බෑ. එහෙම ආදරය කරලා වැඩකුත් නෑ. මේ මං ඉන්න තත්ත්වය ඔයාට තේරුම් ගන්න බෑ මොකද ඔයාගේ ගෙදරින් කැමති නිසා.

අනිත් එක මං හවස කියපු දේ මං පවුලේ වැඩිමල් දරුවා විදිහට මට ලොකු වගකීමක් තියනවා මේ ටික කාලෙට මං ඒ හැමදෙයක්ම අමතක කරලා හිටියේ. ඒ වුනාට ඒක හැමදාම කරන්න බෑ. මේ හැමදේටම වඩා වටින්නේ අම්මයි තාත්තයි.... මගේ සතුටටත් වඩා...... මං මේ ඇත්ත හැමදාම දැනගෙන හිටියත් පුංචි හීනයක් හැමදාම තිබුනා අම්මලා දවසක කැමති වෙයි කියලා. ඒක හැමදාම හීනයක් විතරයි. ඒ හීනේ අපි දෙන්නම දැක්කා......

ඔයා සමහර විට මට සමාව දෙන එකක් නෑ..... ඒ වුනාට කමක් නෑ සචින් සමාව දෙන්න බැරිනම් වෛර කරන්න මට... ඒ වුනාට මං හින්දා නවත්තපු කිසිදෙයක් ආයෙමත් පටන් ගන්න එපා. ඒක අපි දෙන්නගේ ආදරේ වෙනුවෙන්වත් කරන්න. ඔයා ආයේ මං වෙනුවෙන් කවදාවත් බලන් ඉන්න එපා. මේ දේ අදින් ඉවර කරලා දාමු. ඒක කියන තරම් ලේසි නෑ තමයි. ඒ වුනත් කිහිපදෙනෙක්ම අඩවලා ඇවිත් අඩලා කරන ආදරේ කවදාවත් සාර්ථක වෙන්නේ නෑ. ඔයා ඊයේ ඇඩුවා. අද අඩන්න බැරිකමට හිනාවෙලා හිටියා. මං අද ඇඩුවා. මේ දවස් ටිකේම ඇඩුවා. ඉස්සරහටත් අඩයි. ඒත් ඔයා මගේ කදුළුත් අරන් හිනාවෙලා ඉන්න.

දවසක ඔයා ආසකරන ඔයාගේ ආදරේ ඔයාට ලැබෙයි. පන්ති ගිහින් හොදට පාඩම්කරලා විභාගේ ලියන්න. නරක වැඩකරන්න එපා.

ඔයාට ජේසු පිහිටයි! සුභ අනාගතයක්!
අදත් හෙටත් හැමදාමත් එදා වගේම ඔයාට ආදරෙයි!

මට සමාවෙන්න සචින්.

========================================================================

මේ ඔයාගේ පලවෙනි වගේම අන්තිම ලියුම.. මොන තරම් නපුරු දේවල් ඒකෙ තියනවද?? හ්ම්ම් ජීවිතේ මේ තරම් දුකයි කියලා මම කිසිම දවසක හිතුවේ නෑ. ඒත් මේ ආදරය කියන අකුරු 4 ඇතුලේ හැංගිලා තියන යතාර්ථය. මේ ඇත්ත මොන තරම් තිත්තද?? අපි අපේ ජීවිතේ කවුරුමහරි කෙනෙක්ට පණ වගේ ආදරේ කරනවා. ඒත් ඒ හැම කෙනෙක්ම අපිටත් ඒ වගේම ආදරේ කරනවද?? ගොඩක් අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේටත් එහා ගිය දේවල්.. ඔයාට මම පුළුවන් තරම් හොදට ආදරේ කළා. ඔයාව මම පුළුවන් තරම් පරිස්සම් කළා.. ඒත් මේ මාස 3දි ඔයා මගෙන් බලාපොරොත්තු වුන දේවල් මොනවද කියන්න මම දන්නේ නෑ.. කෙල්ලෝ කොහොමත් තේරුම් ගන්න අමාරු ජාතියක්.. ඔයාට මගෙන් ලැබුන දේවල් මදි වුනාද කියන්න මම දන්නේ නෑ.. ඒත් මම එකක් දන්නවා.. ඒ මම ඔයාට කිසිම අඩුපාඩුවක් කලේ නැහැයි කියන එක. ඒ මොනා වුනත් ඔයා මේ මාස 3ක ආදරේ නිසා අපේ අවුරුද්දක යාලුකමත් නැති කරලා දැම්මා.. මට ඒ ගැන ගොඩක් දුකයි..


ඔයා මට මොන තරම් බලාපොරොත්තු දුන්නද?? කවදාවත් මාව ඇත අරින්නේ නැහැයි කිව්වා.. මං නැතුව ඔයාට ජීවත් වෙන්න බැහැයි කිව්වා.. මොන බාධක තිබ්බත් ඔයා මගේම වෙනවයි කිව්වා.. තව හුගක් දේවල්.. ඒත් ඔයා මගේ ඇස් ඉස්සරහ මවලා පෙන්නපු ඒ ලස්සන හීන ඔයාම නැති කරලා දමාවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.. මම එපා කියද්දියි ඔයා රස්සාවක් කරන්න කියලා ගියේ.. ඒ ගිය මාසෙට ඔයා මොන තරම් වෙනස් වුනාද දේශි?? ඔයා දන්නවා මම විකාර විසිතුරු කැටයම් තියන කෙල්ලෙක්ට අකමැති බව.. මං ඔයාට කැමති වුනේ ඔයා ගෙවපු සරල ජීවිතේ නිසා.. ඒ හැමදේම අද වෙද්දී වෙනස් වෙලා.. එදා හිටපු දේශිනී නෙමෙයි අද ඉන්නේ සම්පුර්ණ වෙනස් කෙනෙක්.. ඔයා ඕන තරම් කොල්ලෝ යාළුවො විදිහට ආශ්‍රය කළා.. මම එකට අකමැති වුනත් ඔයාට මම වැඩි දෙයක් කිව්වේ නෑ.. දවසක් මට නින්ද ගිය වෙලාවක මං මැසේජ් නොකරපු නිසා ඔයා වෙන කොල්ලෙක් එක්ක මැසේජ් කළා කිව්වම මට පුදුම විදිහට තරහ ගියා.. ඔයාට මං කිව්වා මට ආදරේ නම් ආයේ යාලුවෝ කියලා හිතන් ඉන්න උන්ට මැසේජ් කරන්න එපා කියලා ඔයා මට කිව්වේ "ඔයා මොන දේ කලත් මට යාලුවෝ වටිනව" කියලා. ඇයි මම ඒ තරම්වත් ඔයාගේ ජීවිතේට ලං වෙලා නැද්ද??

අපේ අම්මා මගේ කැමැත්තට ඉඩ දුන්නට එයා ඔයාගේ හිතුවක්කාර පණ්ඩිත වැඩ වලට කැමති වුනේ නෑ.. මං නිසා එයා කටපියාගෙන හිටියා හැමවෙලේම.. කොහොමත් ඔයාගේ අම්මලා තාත්තලට වගේ මගේ අම්මලට පල්ලිය ඇතුලේ කෑගහන්න තරම් පිස්සුවක් නෑ. ඕන කෙනෙක් දන්නවා අපේ පවුල කාටවත් කරදරයක් නැතුව ජීවත් වුන අය කියලා. අම්මා අපිට මොන තරම් උදව් කලාද?? ඒත් ඔයා අන්තිමට එයාට කිව්වේ එයා මගේ ඔලුවට විෂබීජ දානවයි කියලා.. මං ඒ වෙලේ කටවහගෙන හිටියට ඔයා එහෙම ඉදීවිද?? ඔයාගේ අයට වචනයක් කියනවට ඔයා අකමැතියිනේ.. මට ඉක්මනට කේන්ති යනවා. ඒක දැන දැනම නිතරම මගේ කේන්තිය ඇවිස්සුවේ මොකද?? මගෙන් ඈත් වෙනන බලන්නද හේතුවක් හදන්??

ඔයා නිතරම අපේ ගෙදර ආවා. ඒත් අපේ අම්මා නිතරම ගෙදර ඉන්නවා.. ඒක නිසාද මට ඔයාලගේ ගෙදර එන්න කිව්වේ?? කවුරුත් නැති වෙලාවට?? කෙල්ලේ මම කිසි දවසක මම ආදරේ කරන කෙල්ලට අවැඩක් කරන්න කැමති නෑ.. මට මගේම කරගන්න බැරි වුනත් කවදාහරි ඔයා වෙනකෙනේක්ගේ හරි වෙනවනම් ඌට ඔයාගේ පිරිසිදුකම කියන දේ එක්කයි බාර දෙන්න ඕන.. තමන්ගේ චරිතේ නැතිකරගත්ත කෙල්ලෙක්ට සමාජයේ කිසිම පිළිගැනීමක් නෑ.. මම හැමවෙලේම ඔයා ගැන හිතලා මගේ සීමාවේ ඉදන් වැඩ කලේ.. ඒ හින්දමද මන්දා හැමදාම මට කෙලවුනෙත්.. හරිහමන් එකෙක්ට ඔයාව හම්බ වුනා නම් අද ඔයා ඉන්නේ ඔහොම නෙමෙයි බඩකුත් උස්සගෙන..

අන්තිමට මම එක දෙයක් කියන්නම්.. මම අම්මට පස්සේ කෙල්ලෙක්ගෙ කියලා අතකින් ඇල්ලුවේ ඔයාගේ.. බත් කටක් කාල තියෙන්නේ ඔයාගෙන්.. අද කාලේ ආදරේ ගැන කතා කරලා වැඩක්ම නෑ.. අද කාලේ හැම එකාටම ඕන ලව් නෙමෙයි සෙක්ස්.. ආදරේ වගේ පස්සෙන් ඇවිත් බලාපොරොත්තු වෙන්නේ ආදරේට එහා ගිය දේවල්.. මම පොන්නයෙක් නෙමෙයි.. මටත් තිබුනා ඔය ඕනම දෙයක් ඔයාට කරලා අනාත කරලා දාල යන්න.. ඒත් මම උඹට ආදරේ කළා.. ඒ වගේ බලු වැඩක් කරන්න කවදාවත් මට හිත දුන්නේ නෑ.. එහෙම කරන එකෙක්ට කවදාවත් හරියන්නෙත් නෑ.. කාගේහරි ජීවිතයක් වලපල්ලට යවන්න මං කැමති නෑ.. මම මට පුළුවන් හැම තැනකදීම අනිත් අයගේ කරදරවලට උදව් කරපු ඉස්සරහටත් එහෙම කරන මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්.. මට කාගේවත් චරිත සහතික ඕන නෑ.. මාව ලගින් ආශ්‍රය කරන ඕන කෙනෙක් දන්නවා මම කවුද කියන එක.. ඒ විදිහට ජීවත් වෙන නිසාද මන්දා මගේ ජීවිතේට හැමදාම හෙනහුරා කඩාපාත් වෙලා තියෙන්නේ.. අවංකව ජීවත් වෙන කෙනාට කවදාවත් වරදින්නේ නෑ කියලා මිනිස්සු කිව්වට ඌටම තමයි පුළුවන් තරම් වරදින්නේ.. ජීවිතේ කියන්නේ මඩ වගුරක්.. ඒකෙ ගිලුනොත් කවදාවත් ගොඩ එන්න බෑ.. පිටින් පේන ලස්සන කිසිදේක ඇතුලේ නෑ.. ඒ දේවල් තේරුම් කරලා දුන්නට ඔයාට ගොඩක් පින්.. ඉන්න තැනක සතුටෙන් ජීවත් වෙන්න.. ආයේ යාලු වෙන කිසිකෙනෙක්ට පිටුපාන්න එපා.. අවංක ආදරයක් ලබන්න ඔයත් ඒ ආදරේට අවංක වෙන්න.. ඔයා අද නැති වුනත් කවදාහරි දවසක මාව නැතිකරගත්ත එක ගැන දුක් වෙයි.. ඒත් එතකොට ඔයා ගොඩාක් පරක්කුයි රත්තරන්.. මොකද සචින්ට දෙයක් එපා කියලා හිතුනොත් එපාම තමා.. ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න.. ඔයා අතින් මට මොකක්හරි වැරද්දක් සිද්දවුනා නම් අනිවාර්යයෙන්ම ඔයාට මගෙන් සමාව ලැබෙන බව දෙවියන් වහන්සේ දන්නවා.. ගොඩක් ආදරෙයි ඔයාට.. අද නැතත් කවදාහරි ඔයා මේක දකීවි.. එතකොට ඔයා ගොඩක් පරක්කුයි..

මම,
ඔයාගෙම සචින්(ලහිරු සචින්ද) 



Wednesday, September 25, 2013

ආදරණීය සිතුවිලි සමග මොහොතක්.....


නොසිතුනු අයුරින්.. මේ දිවි ගමනේ.. ඔබ මා මුණගැසුනු දින.. මසිත සලිත විය.. ඔබ මා දිවියේ පණ නල වේ යයි.. සිහිනෙකිනුදු නොසිතුනද.. මා දිවියේ ඔබ.. මුල් බැස ගත්තාය.. නොකිලිටි පිවිතුරු පරම ප්‍රේමය මාගේ.. ඔබට පුදන්නෙමි.. ඔබගේ සෙවණැල්ල වෙමි.. ඔබට මා ආදරෙයි.. ඔබට මා ආදරෙයි..







ප.ලි
දැන් මතක මාවතට එන ඈයෝ ගොඩක් අඩු වෙලා නේද?? හැමදාම එන කිහිප දෙනා විතරනේ එන්නේ.. අනේ මන්දා.. මගේ පෝස්ට් මෙලෝ රහක් නැද්ද කියල?? :(

Friday, September 20, 2013

පූදින පැතුම් මල්...

 
බිඳුනු සිතුවිලි අතර සිර වී..
සිටියදී මා ලොවම අතහැර..
ඔබ මා ලඟින් හිඳ සෙනේ පාමින්..
මහට නවමු පැතුමක් ලැබ දුනි..
පැවසිය හැකි වදන් අතුරින්..
ඔබට..
එකම නමයි මා තෝරාගන්නේ..
ඒ නම..
ආදරයම වේ.. 


Thursday, September 19, 2013

මතක මාවත ශුද්ධ පවිත්‍ර කරමු......

   
     කස්ටිය ඉතින් කොහොමද?? කට්ටිය හොදින් ඉන්නවද?? ඔන්න ආයේ මාස 02 දවස් 18කට පස්සේ සචින් ආයෙත් මතක මාවතේ ඇවිදින්නෙක් වුනා.. උඹලට මාව මතකද මන්දා?? ආයේ එන්න ලැබුන එක ගැන නම් ගොඩක් සතුටුයි..

     උඹලාට මතක ඇති මම මේ බ්ලොගේ මුල ඉදන්ම පෝස්ට් දැම්මේ මගේ ජංගම මෙව්වා එකෙන් කියලා.. ඒ කාලේ ආසාවටම බ්ලොගේ කළා මිසක් වෙන එකෙක්වත් මං තරම් පිස්සු වැඩක් කරන එකක් නෑ.. අන්තිමටම, ඒ කියන්නේ ජූලි පළවෙනිදා දැම්ම පෝස්ටුව ගොඩක් අය දකින්න ඇති කියලා හිතුනා.. එකට ලොකු හේතුවක් තිබ්බා.. දැන් හැමදෙයක්ම විසදිලා ඉවරයි.. දැන් මං ජීවිතේ සතුටෙන් ගතකරන්න ඉගෙන ගන්නවා ටික ටික.. එතකොට මාව උබලට අඳුනගන්න පුළුවන් වෙයිද මන්දා?? හිකි හිකි..

     මගේ තිබ්බ ඩොන්ගලේ ලැප් එක වික්ක වෙලාවේ මං අම්මට විකුනන්න කියලා දීලා තිබ්බා.. අම්මා මට සල්ලිත් දුන්නා.. බලද්දී එයා ඩොග තියන් ඉදලයි මට සල්ලි දීලා තියෙන්නේ.. ලගදි මල්ලිගේ කොම්පියුටරේට මං රැම් එකක් ගහපු වෙලේ එයා මට ආයේ ඒක දුන්නා.. ඉතින් උඹලා හිතන්නේ මට මොනා හිතෙන්න ඇති කියලද?? හිතලා කියපල්ලා බලන්න..

     අන්තිමට කියන්න ඕනා මට කාවවත් අමතක වුනේ නෑ.. රජා, නිශාන්, හෙන්රි අයියා, කරූ, ධාරා, කියාගන්න බෑ, ඩ්රැකී, ජෝන් අයියා, සුමිත් අයියා, මාතලන්, ශම්මි, අටමා, යසිත් සහ එකී මෙකී නොකී අය මට එක කමෙන්ට් එකකින් හරි දිරිය දීලා තියනවා.. ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.. ඉස්සරහට අධ්‍යයන වැඩ වැඩි වුනත් කොහොම හරි පෝස්ටුවක් කොටලා යන්න එන්නම්.. නම් නොකිව්ව අය තරහ වෙන්න එපා.. උඹලව අමතක නෑ මට.. පස්සේ හම්බ වෙමු.. සුබ අනාගතයක්...!!!!!!


Monday, July 1, 2013

නොසිතූ සිතුම් අතර හුදකලා වූ සිතුවිලි...

කෙසේ කියන්නද මා..
සියල්ල නොසිතුනු අයුරින් විසඳී ඇත..
මැවූ සිහින බොඳවී වියැකෙද්දී..
මම මුනිවත රැක්කෙමි..
දෑස් පියාගතිමි..
එහෙත්..
නොසිතූ ලෙස මා දැවුනි..
එදා මා සිතූ සිතුම්..
කවදා සැබෑ වේවිද??
තෙවැන්නන්ට මා ද්වේශ කරද්දීත්..
ඔබ ඉදිරියේ මා..
තෙවැන්නෙකු වූ අයුරු..
ආදරය කොතරම් මායාකාරීද??
මා නිරුත්තර වුනෙමි..
මිරිඟුව පසුපස හඹා ගොස්..
හති වැටුනු මා හට..
කාගේ නම් පිළිසරණක්ද??
ප්‍රේමය මෙන්ම..
විරහවද..
එකම කාසියක දෙපැත්තක් බව..
වටහාගතිමි..
නොලැබුනු සෙනෙහස..
අන් හදකට හිමිවනු දැක..
මා අසරණ විය..
නමුත්..
කුමක් කරන්නද??
ඒක පාර්ශ්වික ප්‍රේමය උතුම් වූවද..
අසම්මත මිම්මකි..
ඔබේ ආදරය අන්සතුය..
කෙතරම් අවංක වූවත්..
මගේ නොපෙනෙන ආදරේ..
අඩ මස්සක් තරම් හෝ..
ඔබට නොවටිනා බව පසක් විය..
තවත් මා කුමක් කරන්නද??
මගෙන් පලක් නැත..
මන්ද..
මම අවලංගු කාසියක්මි..
ඉතින්..
පිළිගන්න සුබපැතුම් මා..
ඔබගේ දිවියට..
සදා වාසනා..!!

ප.ලි
අපි හැමෝම ආදරේ කරනවා.. අපි හැමෝම අපි ආදරේ කරන කෙනා ගැන ගොඩක් හීන මවනවා.. ඒත් අපි ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට අයිති නම්, අපිට මොනවා හිතෙනවා ඇතිද?? මාත් කෙනෙක්ට ආදරේ කළා.. එයා ගැන ගොඩක් හීන මැවුවා.. ඒත් ඒවා ඉපදිලා බොහොම ඉක්මනට මැරිලා ගියා.. ඒ එයා වෙන කෙනෙක්ගෙ උරුමයක් හින්දා.. මට දැනුනෙ මගෙ ජීවිතේ කවුරුහරි මගෙන් උදුරගෙන ගියා වගෙයි දැනුනෙ.. ඒ ගැන හිතද්දි එයාව මතක් වෙන්න මං කවි, නිසඳැස් ලියන්න ගත්තා.. මේ මගේ දෙවෙනි නිසඳැස.. මට පෙනුන විදීහට නම් නිසඳැසක්.. නිකන්ම නිකන් නිසඳසක්නෙමෙයි.. මගේ ආත්මීය හැඟීම් සේරම එකට එකතු කරලා ලියපු නිසඳසක්.. මේකෙ හැම වචනයක් ගානෙ මමයි මගේ ආදරෙයි ජීවත් වෙනවා.. හැම වචනයක් ගානෙ මං විඳවනවා..

හිතට දැනුනා නම් කියන්න.. විහිලුවක් වගේ පෙනුනා වුනත් කමක් නෑ.. කියන්න.. දෑස් කඩතිර හැර බලන්න කියලා අපේ කරූ කියනවා වගේ බලන්න.. එයා ලැබුනත් නැතත් මං ලියනවා.. ජීවිත කාලෙම හරි..

ලහිරු සචින්ද(සචින්)

Tuesday, June 4, 2013

මම බොහොම බය වුනා.. :O

     මේ සිද්ධිය මතක් වෙද්දිත් මට බය හිතෙනවා.. ඒ ත්ාරමටම එදා මං බය වුනා.. ඒ නිසා ඒ අත්දැකීමත් බෙදාගන්න ඕන කියලා මට හිතුනා.. :ඩී
ඇති යන්තම්..
එහෙනම් කතාවට යමු නේද??

     මේ සිදුවීම වුනේ මේ අවුරුද්දෙ පාස්කුවට කලින් දවසෙ(මහ බ්‍රහස්පතින්දා) එදා තමා මං අර ගල්කිස්සෙ ට්‍රිප් එක ගියෙ.. ගල්කිස්සෙ ඉඳන් එද්දි පල්ලියෙ අඳුනන අක්කා කෙනෙක් මට කෝල් කලා මල්ලි අද මහ බ්‍රහස්පතින්දා.. හවස 7ට පූජාව.. ඉක්මනට එන්න කියලා.. මමත් ඉතින් ඕනවට එපාවට වගේ හා කියලා  කිව්වා.. කොහොමහරි මං ගෙදර එද්දි වෙලාව හවස 6.40යි.. නාලා කරලා මං පල්ලියට යද්දි 7.30ත් පහු වෙලා.. කොහොමහරි දේව පූජාව 8ට ඉවරයි.. තව පූජා 3ක්ද කොහෙද තිබ්බා..

     මං පල්ලියෙ තරුණ කතෝලික සංගමේ ඉන්න නිසා 9 ඉඳන් 10 වෙනකල් පූජාවටත් මං හිටියා.. අම්මලා නම් කලින් ගියා.. ටිකකින් මට සෙට් වුනා අපේ වයසෙ කොල්ලෙක් නුවන් කියලා.. ඌයි රොමේෂ් කියලා මගේ අයියගෙ යාලුවෙකුයි හිටියා..

     ටිකක් කදේ දාගෙන ඉද්දි මට හිතුනා දැන් පූජාවට යන්න බෑ වගේ කියලා.. රොමේෂ් නම් පූජාවට ගියා.. මමයි නුවායි බයිලා ගගහා එලියට වෙලා හිටියා..

     මං හිතන් හිටියෙ අර අක්කලත් එක්ක ගෙදර යන්න.. 10 පූජාවත් ඉවරයි මුං නෑ.. අනිත් එක ඉවර වෙන්නෙ 12ට කිව්ව නිසා නුවා ඇහුවා මචං අපි මොනාහරි කාලා එමුද කියලා.. මාත් මාරම බඩගින්නෙ හිටිය නිසා යමු කියලා ආවා පල්ලිය ඉස්සරහ කඩේට.. අරූ බැලුවා ෂෝට් ඊට්ස් මොනාද තියෙන්නෙ කියලා.. ඒත් ඒ හවස ඒවනෙ.. ෆ්‍රෙෂ් පිට කන දෙයක් ගැන හිතනකොට මට මතක් වුනා "චිකන් කොත්තු".. පස්සෙ අපි කොත්තු කෑවා.. ඒත් සල්ලි දෙන්න අමතක වුනා කරුමෙට වගේ.. අපි ඉතින් ආයෙ සල්ලි දෙන්න ගියෙ නෑ.. ඔහේ ආවා..

     අපි යනකොට රොමේෂ් පල්ලියෙ ගේට්ටුව ලඟ.. අපිව හොයලා.. අපි කෑවා කිව්වම මූට අවුල් වගේ වුන නිසා අපි අර සල්ලි වලින් ආප්ප අරන් කෑවා.. කාලා අපි එලියට ආවා.. මට බැලුනෙ එක පාරටම පල්ලිය දිහා..

     හුටා.. පල්ලියෙ දොරවල් වහලා.. ඔක්කොම ගෙවල්වල ගිහින්.. ඒක දැක්කම මට ඩෝප් වගේ වුනා.. ඇයි යකෝ පූජාව 12ට ඉවරයි කිව්වට 11.20 වෙද්දි පල්ලිය වහලා.. අරුන්ට කතාකලාම රොමේෂ් කිව්වා ඌට හෙට උදේ වැඩ ඒ නිසා එන්න වෙන්නෑ කියලා.. අරුත් ඌ එක්ක ගියා..



     දැන් ඉතින් තනියම අද්දපංකො ගෙදරට.. මං හැම එකාටම බැන බැන ගෙදර එනවා.. වෙනදා මේ වෙලාවට මිනිස්සු ඉන්න පාරෙ එවෙලෙ බලු බල්ලෙක් නෑ.. ඔය වගේ වෙලාවටනෙ අර මනස අවදි වෙන්න ගන්නෙ.. කලින් කියවපු හොල්මන් කතා, බලපු ෆිල්ම් මතක් වෙද්දි ඇඟ හිඑඉවැටිලා ගියා.. හැස්ම අඩු වෙන්න සින්දුවක් දැම්මා.. ම්හූ.. වැඩි වෙනසක් නෑ.. ඔහොම එද්දි මං දැක්කා පාරෙ නිදාගෙන හිටිය කලු බල්ලෙක්.. ඌ අඩි සද්දෙට ඔලුව උස්සල මං දිහා බැලුවා.. මගෙ හිත ටිකක් ගැස්සුනා.. මං අම්මට කෝල් කලා.. රින්ග් වෙලා රින්ග් වෙලා ඔන්න අන්තිමට ෆෝන් එක ඉස්සුවා..

අම්මා - හෙලෝ..
මම - අම්මෙ තාත්තව ඉක්මනට එවනවද හදිස්සියක්..
අම්මා - හරි මං එවන්නම්..

     ඇති යන්තම්.. මම සැනසුම් සුසුම් හෙල හෙල පාරෙ එනවා.. කිරි අප්පද බොල අර වගේම බල්ලෙක් පාරෙ ටිකක් එහාට වෙන්න නිදි.. ඌ ඔලුව උස්සලා මං දිහා බැලුවා.. මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුනා වගේ.. අර මූණමයි මුටත් තියෙන්නෙ..මං වේගෙන් වේගෙන් ඇවිදන් ආවෙ ඊලඟට මොන මරාලයක් කඩන් වැටෙයිද කියලා..



බ්‍රාස්ස්ස්... ඇති යන්තම් තාත්තා ඇවිත්..

     ගෙදර ගිහින් අම්මලට මං සිද්ධිය කිව්වා.. ඒ අයත් බය වෙලා.. අම්මා තව දෙයක් කිව්වා..

     අම්මා කෝල් එක දුන්න ගමන් තාත්තව ඇහැරලා.. අපේ තාත්තා සාමාන්‍යයෙන් කම්මැලි නෑ.. ඒත් එදා තාත්තව ඇහැරන්න හෙන අමාරු වෙලා.. අම්මා කාමරේට ගිහින් ආව ටිකට ආයෙ තාත්ත නිදිලු.. පස්සෙ කොහොමහරි අම්මා ආයෙ ඇහරවලා.. තාත්තා වාහනේ ස්ටාට් කරලා පාරට ගන්න යද්දි කවදාවත් නැතුව වාහනයක් හරස් කරගෙනලු.. හෙන අමාරුවෙන් තාත්තා ඇවිත් තියෙන්නෙ.. අම්මා කිව්වෙ එහෙමයි.. මටත් අග මුල පැටලිලා.. හිතාගන්නත් බෑ මොකක්ද ඒ කියලා..

ප.ලි
මේ ටිකේ පෝස්ට් වැඩිය ලියන්න බැරි වුනා.. සනීප තිබ්බෙත් නෑ, වැඩත් වැඩී.. ඉදිරියට දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා.. ජය ශ්‍රී!!!!!

Tuesday, May 28, 2013

මඤ්ඤොක්කා සමග සචින්ගේ ආතල් ගමනක්........

     ඔන්න වෙසක් මංගල්‍යයත් ආවා.. දන්සැල්වල ගිහින් ගිහින්ම මට හොඳටම මහන්සියි.. මං කතෝලිකයනෙ ඉතින් ඒ හින්දා වෙසක් සමරන්නෙ නැති වුනාට දන්සැලක් පැත්තෙ යනවමයි.. මොකද ඒ තරම් ආතල්  කාලයක් එන්නෙ ආයෙ පොසොන් වලනෙ..

     ඔයගොල්ලො අහලා ඇතිද කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය?? ඒ මං ශිෂ්‍යත්වය කරන කාලෙ ගිය ඉස්කෝලෙ.. ශිෂ්‍යත්වෙ පාස් වෙලා මං බණ්ඩාරනායකයට ගියානෙව(අනේ වාසනාවන්)


     ඉස්කෝලෙ 22වනිදා පෙරහැරක් තිබ්බා.. ඉතින් මමත් සෙට් වෙලා කොල්ලො ටිකදෙනෙක් එක්ක ආවා ඒ පැත්තෙ..ටිකක් වෙලා ගියා.. මෙන්න බොලේ පරන යාලුවො උඑහෙලියො සේරමල්ලා ඉන්නවා.. අඬෙනවා නෙව.. ඔන්න ඉද්දි ඒ කාලෙ මගෙ හොඳම යාලුවෙක් වෙලා හිටිය එකෙක් කිව්වා උන්ගෙ ගෙදර ගිහින් පහුවදා පලයන් කියලා.. මමත් ඔන්න හා කියලා දැන් කොල්ලො 3ක් 4ක් සෙට් කරන් පෙරහැර ඉවර වුනාම එතන තිබ්බ බත් පාර්සල් වගේකුත් අරන් අරුන්ගෙ ගෙවල් පැත්තට ඇද්දුවා.. ඔන්න ගිහින් කාලා බීලා නිදාගත්තා..

     වෙනදා වගේම පහුවදාට එලිවුනා.. යාලුවා මට යෝජනාවක් ගෙනාවා(උගෙ නම අමිල කියමුකො) උන්ගෙ පැත්තෙ දෙනවලු මඤ්ඤොක්කා දන්සලක්.. මගෙන් ඇහුවා මඤ්ඤොක්කා ගේන්න යමුද කියලා.. මමත් කාලා  බීලා වැඩේට එන්ටර් වුනා..

     අපි මඤ්ඤොක්කා ගේන්න යන්න සෙට් වුනේ දෙකටන පැත්තට.. ඇත්තටම මේ වෙලාවෙ ලොරිය ඩ්‍රයිවින් කරපු එකා ගැනත් කියන්නම එපයි.. ඌට ලයිසන් නම් තිබ්බෙ නෑ.. ඒත් සුපිරි ඩ්‍රයිවින්.. ඌ පොඩිම පාරක වුනත් ලොරිය රිවස් කරල හැරෙව්වෙ කිසිම ගේමක් නැතුව(මෝස්ට් වෝන්ටඩ් එකේ අපි කාර් හරවන විදිහ වගේ) කොයි තරම් හොඳට ඩ්‍රයිව් කලාද එහෙම කියනවා නම්. ඌ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනා නූලෙන්.. ඒ තරම්ම පට්ට ඩයල් එක..

     අපි පාරෙ ඉන්න ඈයොන්ට කොලොප්පන් කර කර දිගටම ඉස්සරහට යනවා.. ඒ අස්සෙ අපිට පාර වැරදිලා.. අපි එක්ක හිටියා අවිස්සාවේල්ල පැත්තෙ බුවෙක්.. උගේ නම සුරේෂ් කියමුකො.. මූට නහුතෙටම මල පැනලා දැන්.. මූ ඩ්‍රයිවර්ගෙ පලු අරිනවා තියාගෙන.. අපිට හිනා මූ බැන්න විදිහට..

"මොකාද යකෝ මේ ගොන් -රියා.. මොන -ත්තිගෙ කොල්ලද මූට එලවන්න දුන්නෙ.. යකෝ හිමින් පල්ල -න්නයො මාව වැටෙයි.. ආයෙ නම් මේ වගේ -ස කොල්ලොත් එක්ක කොහෙවත් යන්න එන්නෑ.."

     අනේ පව් ඩ්‍රයිවරයත් ඔහේ අහගෙන හිටියා.. සුරේෂයා හොඳටම අනුමත වෙලා හිටිය නිසා ඌ ගේමට එන්න නැතුව ඇති.. ඉතින් අපි ඉදිරියටම යනවා.. අපිට පාර අහගන්න ඕන නිසා ඔන්න කඩයක් ගාව නැවැත්තුවා.. අපේ මේනකයා කඩේ එකාට කතා කලා..

"මේනක - අයියෙ මේ ලුණුගම පීල්ලට යන්නෙ කොහොමද??"
"කඩේ අයියා - ඇයි මල්ලි නාන්නද??"
"සුරේෂ්  - මුගෙ අම්මට -කන්න -ත්තිගෙ පුතා.. යකෝ පීල්ලට යන්නෙ නාන්න විතරද??"(වෙලාවට අරූට ඒක ඇහුනෙ නෑ..)

     කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න අපි ගිය පාරෙම හැරිලා ටිකක් දුර ඇවිත් අතුරු පාරක යද්දි මෙන්න අපට ඕනකරන බුවා බලන් ඉන්නවා.. ඌ තමා වැඩේ බ්‍රෝකර්..

"බ්‍රෝකර් බුවා - අයියෝ මල්ලි මොකෝ බං පරක්කු?? කිව්වනම් මං මගට ඇවිල්ල ඉන්නවනෙ.."
"සුරේෂ් - උඹේ අම්මට -කන්න -රියො ඕක තෝ දැන්ද කියන්නෙ -කෝ.. තොට මගට ඇවිත් ඉන්න තිබ්බනෙ කියවන්නැතුව.."
"අමිල - මේ පිස්සු කෙලින්න එපා යකෝ කට වහගනින්.. තොගෙ කියවිල්ල නිසා අපිට පිට ගමකින් ගුටිකන්න බෑ ඔන්න.."
"මේනක - අඩෝ මේ මුන් අපිට ගහන්න ආවොත් මං නම් දුවනව උඹලා ඕන මගුලක් කරගනිං.."
"සුරෙෂ් - අඩේ මෙහෙමත් -න්නයො ටිකක් එක්කනෙ මං ආවෙ.."

     මග දිගට යනකල්ම උගේ කියවිල්ල ඉවරයක් නෑ.. අපිත් දැන් නෑහුන ගානට යනවා..

     ඔන්න අන්තිමට අපි මඤ්ඤොක්කා කොරටුවට ආවා.. කට්ටිය හරි හරියට ගස් පිටින්ම මඤ්ඤොක්කා ගලවනවා.. අල ගලවගන්න වැඩේ සුරේෂයා කලේ.. එතනට ගිහිනුත් මුගෙ හරි කියවිල්ල..

"බලහං අයියෙ මුං මෙච්චර ගොඩක් ආවට එකෙක්ටවත් බෑනෙ වැඩක් කරන්න.. අන්න ඒකට අපි.. අපි වැඩකට අතගැහුවෙ නැත්තම් මුංට ඇපත් නෑනෙ.. අපි නම් දන්සල් කීයක් දුන්නද.. ඒකට මුං......."

"මලීෂ - අනේ මන්දා බං මේ -න්නයා කරන වැඩකුත් නෑ බොරු කයිවාරු විතරයි.. මූ දෙන දන්සල්"

     ඔන්න ඇති යන්තම් කිලෝ 250 හරි.. බලද්දි මෙච්චර දුර ඇවිල්ලත් මුන් ගාන කතාකරන් තියෙන්නෙ රුපියල් 32 ගානෙ.. මොනා කරන්නද?? අන්තිමට රුපියල් 8000ක්ම ගෙවලා මඤ්ඤොක්කා ටිකත් අරන් අපි ගෙදර බලා ආවා..



     දන්සල නම් හොඳට කෙරුනා.. මමත් ඒ පැත්තෙ ගියා.. නියමෙට මඤ්ඤොක්කා හදලා තිබ්බා.. කාලා බීලා මමත් ගෙවල් බලා ආවා.. :ඩී

ප.ලි
මේක මං 25වෙනිදා දාන්න හිටිය පෝස්ටුව.. විවිධ හේතු නිසා පබ්ලිශ් කරන්න කල් ගියා..

ඒ වගේම මම 24 නිශාන්ලගෙ දන්සල පැත්තෙ ගියා.. අපරාදෙ කියන්න බෑ එල කොල්ලො ටිකක් හිටියා.. කෑම ටිකත් සුපිරි.. ඒ වගේමයි නිශාන් උඹේ තිබ්බ සුහද ගතිය මගෙත් හිතට ඇල්ලුවා.. අපේ අම්මලත් කිව්වෙ හරි හොඳ කොල්ලෙක් කියලා.. ඉතින් උඹලට මේ වගේ තවත් පොදු වැඩ කරන්න ශක්තිය, ධෛර්‍ය, වාසනාව ලැබෙන්න ඕනෙ කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා... ජය ශ්‍රී!!!!!!

Wednesday, May 22, 2013

උන්ගෙ අම්මලට......

     මේ ලඟකදි මට මුහුණ පාන්න වුන අත්දැකීමක් ගැනයි මං කියන්නෙ.. ඇත්තටම මට පොලීසිය කියන තැන එපා වුන සිදුවීමක්..

හරි කතාවට යමු නේද එහෙනම්....

     අර මං කලින් පෝස්ට් එකකදි කිව්ව අවුරුදු උත්සවය ගැන කට්ටියට මතක ඇති සමහරවිට.. අන්න  ඒකෙ වැඩ ටික කරන්න ගිය දවසක මගෙ පර්ස් එක නැති වුනා.. මගෙ හැඳුනුම්පතයි, ස්විමින්ග් මෙම්බර්ශිප් කාඩ් එකයි, ගෙදර අමතර යතුරයි  වගේ තව වටින දේවල් වගයක් තිබුනා.. ඉතින් ආයෙ කොහෙන් කියලා හොයන්නද? හොයලා හොයල බැරිම තැන මං ගෙදර ගියා යාලුවෙක්ගෙන් සල්ලි ඉල්ලගෙන..

     මං ටික දවසක් බැලුවා එක්කො මොකාහරි පර්ස් එක තැපෑලෙන් හරි එවයි කියලා..  ආතල් එකට මොකාහරි හැන්ගුවා නම් මෙලහකටත් ඕක මගෙ අතේනෙ.. පස්සෙ බැරිම තැන මං ග්‍රාම සේවක ගාවට ගියා හැඳුනුම්පත ගැන පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න කියලා ලියුමක් ගන්න.. එතන ගිහින් බලාගෙන ඉඳලා ඉඳලා අන්තිමට උගෙන් බැනුනුත් අහගෙන ලියුම ගෙනාවයි කියමුකො.. දැන් යන්න ඕනෙ පොලීසි..

     පහුවෙනිදා උදේ මං ක්ලාස් ගිය වෙලේ අම්මලා ගිහින් පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. ගිහින් එතන පැයක් විතර බලන් ඉන්නවලු.. ම්හූ.. තාම ප්‍රතිචාරයක් නෑලු.. ඊට පස්සෙ  තව පැය භාගෙකින් විතර අම්මලට කතා කරාලු.. අම්මලා එතන සිද්ධිය කියන්න ගියාම උන් අම්මලට බැනලා  අයිඩෙන්ටියෙ අයිතිකාරයා නැතුව මොනා කරන්නද කියලා.. අපරාදෙ කාලෙ.. තාත්තා ගෙදර ඇවිත් තියෙන්නෙ මල අතේ අරගෙන..

     පස්සෙ මං ගෙදර ආවම අම්මා මට සිද්ධිය කිව්වා.. ඒක අහලා මටත් මල.. ඇයි යකෝ.. හරි මගුලක්නෙ.. පස්සෙ මායි තාත්තයි හවස පොලීසියට ගියා..




     ගිහින් බලන් ඉන්නව ඉන්නව තාම අපිට කතාකලේ නෑ.. ඔන්න පැයකින් විතර අපිට කතාකලා.. සිද්ධිය කිව්වට පස්සෙ මූ පොත හොයන්නයි කාබන් කොල හොයන්නයි වටේ යනවා.. තව ටික වෙලාවක් අපිට කට්ට කන්න වුනා.. ඔන්න දැන් මූ එක එක මගුල් දාල පැමිණිල්ල ලියලා ඉවර වෙලා කියනවා ඒකෙ රිපෝට්  එක ගන්න හෙට 4ට කලින් එන්නලු.. තවත් රස්තියාදුවක්..

     ඔන්න පහුවදා තාත්තා ගියා රිපෝට් එක අරන් එන්න කියලා.. තව පැයකින් විතර තාත්තා එනවා තරහෙන් පුපුර පුපුර..

"මම - ඇයි තාත්තෙ??"
"තාත්තා - අනේ බං උබේ අයිඩෙන්ටියක් නිසා මං මාර කට්ටක් කෑවෙ..  අර ඊයෙ ඇන්ට්‍රිය ලියපු එකා ගාවට ගියාම ඌ කිව්වා ඌ නෙමෙයි රිපෝට් දෙන්නෙ වෙන තැනකට යන්න කියලා.. ඒ -රියා ගාවට ගියාම තව -ත්තිගෙ පුතෙක් ලඟට යන්නලු.. බැරිම තැන මං උන්ට බැනලා රන්ඩුත් වෙලයි මේක ගෙනාවෙ.. මීට පස්සෙවත් සිහිකල්පනාවෙන් වැඩ කරහන්"




ඔන්න දැක්කද ශ්‍රී ලංකා පොලීසියෙ සේවය.. ඇඬෙනවා නේද?

ප.ලි
කලින් පෝස්ටුවෙදි සුමිත් අයියා කියල තිබ්බ කතා 2ක් අතර ෆොන්ට් කල්‍ර් වෙනස් කරන්න කියලා.. ලොකු ජෝන් අයියා කියලා තිබ්බා පෝස්ට් එකේ අකුරු ලොකු කරන්න කියලා.. ඉතින් මගෙ අඩුපාඩුව පෙන්නලා දුන්න එක ගැන ඒ අයියලාටත්, මගේ ඒ අඩුපාඩු හදාගන්න උපදෙස් දුන්න ඩූඩ් අයියටත් ගොඩක් ස්තූතියි කිව්වා එහෙනම්.. ජය වේවා!!!

Sunday, May 19, 2013

කලිසම් කතා.. (18+ වගේ)

     ඔන්න අදත් මං ආවා පෝස්ටුවක් අරගෙන.. කලින් පෝස්ටුවෙදි ඩූඩ් අයියා කියලා තිබ්බා ඒ කතාවට කෙහෙල් ගෙඩියත් ගැලපෙනවා කියලා.. ඒ වෙලාවෙ තමා මටත් කෙහෙල් ගැන කතාවක් මතක් වුනේ.. මේකත් මං අහපු කතාවක් කවුරුත් දොස් කියන්න නම් එපා අපි අහලා තියනවා කියලා.. ගිය පෝස්ටුව ගොඩ දෙනෙක් රසවින්ද බව මං දැක්කා.. ඒ නිසාමයි මේ කතාවත් මේවට කැමති අය වෙනුවෙන්මයි(ඔන්න පොඩි එවුන් නම් බලන්න එපා මං වගකියන්නෙ නෑ හරිද?)
හරි අපි කතාවට යමු එහෙනම්..
     මේ සිද්ධියට සම්බන්ධ ගෑනු ලමයා එයාගෙ නෑදෑ කෙනෙක්ගෙ මගුල් ගෙදරක ගියා.. ගිහිල්ලා ඉද්දි ඔන්න වෙඩිමෙ චාරිත්‍ර අංග ටික එහෙම ඉවර කොරලා කට්ටිය කෑම මේසෙට ගියා..
     දැන් අපේ ගෑනු ලමයත් කෑම කනවා.. කොහොමහරි කාල කාල මෙයාගෙ බඩ දැන් හොඳටම පිරිලා.. කාලා අතුරුපසත් කාලා මෙයා ගෙදර ගිහින් කන්න කියලා එයාට හම්බ වුන කෙහෙල් ගෙඩියකුත් සාක්කුවෙ දාගත්තා..
     ඔන්න වෙඩිමත් ඉවර වුනා.. හොඳටම හවස් වෙලත් එක්ක නිසා ගෑනු ලමයා ඉක්මනට ඉක්මනට දුවලා ගිහින් බස් එකක එල්ලුනා.. බස් එකේ කට කපලා සෙනග.. මෙයා ඉතින් අස්සෙන් රිංගලා රිංගලා කොහොමහරි මුල්ලකට වුනා.. තදබදේ වැඩි නිසා කෙසෙල් ගෙඩිය පොඩි වෙයි කියලා හිතුව මෙයා එක අතකින් බස් එකේ පොල්ලක් අල්ලගෙන පරිස්සමටත් එක්ක පිටිපස්සට අත දාලා කෙහෙල් ගෙඩිය අල්ලගත්තා..
     දැන් බස් එකේ එනවා.. මෙයාටත් දැන් ප්‍රශ්නයක් නෑ.. ඇයි කෙහෙල් ගෙඩිය සුරක්ශිතයි නේ.. ටික වෙලාවකින් මෙයාගෙ පිටට කව්ද තට්ටු කරනවා දැනුනා.. මෙයා පිටිපස්ස හැරිලා බලද්දි පිරිමි කෙනෙක්ගෙ කටහඬක් ඇහුනා..
"නංගි දැන් මගෙ කලිසමෙන් ටිකක් අත ගන්නවද?? මං ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්නයි යන්නෙ..."
.
.
.
     ඔන්න කතාව නම් ඉවරයි.. කෙල්ලට මොනා හිතුනද කියන එක ඔයාලම තීරණය කරන්නකො.. මට නිකන් පෝස්ටුව දිග මදි වගේ.. ඒ නිසා තව කතාවක් දාන්න හිතුනා.. මේක කෙහෙල් වලට සම්බන්ද නෑ.. ඒත් කලිසම් වලට සම්බන්ධයි.. :ඩී
.
.
.
     ඔන්න වෙලාව දැන් 6ට විතර.. කට්ටිය වැඩ ඇරිලා යන වෙලාවනෙ.. මේ වෙලාවෙ කෝච්චියකට නගින්න තරුණ කෙල්ලෙක් ඉස්ටේශමට ආවා.. ඔන්න කෝච්චිය ඇවිත් නැවත්තුවා.. දැන් මිනිස්සු කෝච්චියට නගින්න පෝලිමේ ඉන්නවා(මං හිතන්නෙ ලංකාවෙ නෙමෙයිද කොහෙද.. :පී)
    ඔන්න දැන් අර ගෑල්ලමයත් කෝච්චියට නගින්න හදනවා.. මෙයා ඇඳලා හිටියෙ මාරම මාර ටයිට් ස්කර්ට් එකක්.. ඒකෙ හිර නිසා දැන් මෙයාට නැගගන්න බෑ..
     දැන් එයා එයාගෙ අත පිටිපස්සට දාලා ස්කර්ට් එකේ සිප් එක ටිකක් ඇරලා නගින්න හැදුවා.. ඒත් තාම බෑ.. ආයෙ තව ටිකක් පාත් කරලා බැලුවා.. ම්හු.. තාම බෑ.. ඔන්න ආයෙ පාරක් එයා සිප් එක පහලටම දැම්මා..
     ඒ වෙලාවෙ ටිකක් මැදි වයසෙ වගේ අංකල් කෙනක් මේ ලමයව උස්සල කෝච්චියෙ පඩිපෙල උඩින් තිබ්බා.. දැන් ගෑනු ලමයට මාර මල.. එයා අංකල්ට බනින්න ගත්ත..
"පල යන්න වනචරයා.. උඹ කවුරු කියලා හිතන්ද මගේ ඇගට අත තිබ්බෙ? ඔච්චර අමාරු නම් ගිහින් සල්ලි දීල ගෑනියෙක් එක්ක බුදියගනින්.. මුගෙ වයසටද වැඩ"
ඔන්න ඒ වෙලේ අර අංකලුත් කට ඇරියා..
"මං මොනා කරන්නද නංගි.. ඔයාමනෙ දැන් තුන් පාරක්ම මගෙ කලිසමේ සිප් එක ඇරියෙ.. මං හිතුවෙ ඔයාට මගෙන් මොනා හරි ඕන වෙලා කියලා" මිනිහත් කියපි.. :ඩී
ප.ලි
මෙතෙක් මගේ බ්ලොගේ බලපු, කොමෙන්ටු කරපු හෝ නැති සියලුම දෙනාට(ඇනෝලාද ඇතුලුව) මාගේ ස්තූතිය.. මගේ බ්ලොගේ බලපු අය ගණන දැන් 1200ටත් වැඩි වෙලා.. ගොඩක් සතුටුයි.. ඒ නිසා රජා, ඩ්‍රැකී, මාතලන්, ඩූඩ්, ධාරා,සෑමා, නිශාන්, කරූ ඇතුලු සියලුම දෙනාට මාගෙ ප්‍රණාමය.. නම් නොකියවුනු අයගෙන් සමාව අයදිනවා.. දිගටම මතක මාවතේ රස්තියාදු ගහන්න එන්න.. ජය ශ්‍රී!!!!!!!

Friday, May 17, 2013

ඒකෙ ඉතින් ඒ හැටි අමාරුවක් නෑ මහත්තයෝ.. (ලාවට 18+)

     අද මං කියන්න යන කතාව මට අහන්න ලැබුන එකක්.. ටිකක් පරණයි.. ඒත් අහල නැති අයට දැනගන්නයි අහල තියන අයට මතකෙ අලුත් කරගන්නයි තමා දාන්නෙ හොඳේ.. මේක ටිකක් 18+ වගේ නිසා පොඩි ලමයි නොබලා හිටියොත් හොඳයි (කොච්චර කිව්වත් උඹලා බලන බව මං දන්නවනේ..)

හරි කතාවට යමු එහෙනම්..

     එක පලාතක හිටියා ආච්චි කෙනෙකුයි මිනිබිරියෙකුයි.. මේ අය ටිකක් දුප්පත් අය.. එදා වේල පිරිමහ ගත්තෙ ආච්චි පොඩි කුලී වැඩ කරලා.. කොහොමහරි මේ අය එදාවේල කාල බීලා හිටියා කියමුකො..

     ඔන්න ටික කාලයක් යද්දි මේ දුවත් තරුණියක් වෙනවා.. එයත් රස්සාවක් කරන්න පටන් අරන් ආච්චිටත් උදව් කලා.. ඒත් එයා රස්සාව කලේ කොහෙද කියලා නම් ආච්චිට කිවුවෙ නෑ.. ආච්චිත් අහන්න ගියෙ නෑ ඕං..

     මිනිබිරී වැඩ කලේ ගමේ තිබ්බ ගණිකා නිවාසෙක.. එයාගෙ ඩියුටිය වුනේ එයා ළඟට එන පිරිමි අයව සතුටු කිරීම(දන්නෝ දනිති)

     දවසක් ඒ ගණිකා නිවාසෙට පොලීසියෙන් පැන්නා.. එතන අර කලින් කිව්ව ගෑනු ලමයත් හිටියා.. පොලීසියෙ අය කෙල්ලො ඔක්කොම එලියෙ පෝලිම් ගස්සලා තිබ්බා තොපිට අද දෙන්නම් සබ්බුව කියලා..

     දැන් ඔන්න ආච්චි එනවා කොහෙද ගිහිල්ලා.. එයා පෝලිම දැකලා මේ පැත්තට ආවා.. එයා දැක්කා එයාගෙ මිනිබිරිත් ඉන්නවා.. ටිකක් සැක හිතුනත් ආච්චි මිනිබිරීට කතා කරලා සිද්දිය ඇහුවා..

     අනේ අත්තම්මෙ අද පොලීසියෙන් දෙනවා දොඩං දන්සලක්.. මාත් මේ දොඩං ගන්න පෝලිමේ ඉන්නවා කියලා මිනිබිරී කිව්වා.. ආච්චිටත් දොඩං කන්න ආසාවක් ඇවිත් පෝලිමේ අන්තිමටම හිටගත්තා..

     ඔන්න දැන් පොලිස් නිලධාරීන් ආවා කෙල්ලො ටික අරන් යන්න.. දැන් අර ආච්චි දැක්කම මුන්ට මාර අව්ල්.. ඒ මදිවට මල.. එක පොලිස්කාරයෙක් ආච්චි ලඟට ආවා..

     හනේ හනේ මුන්ගෙ වයසටද වැඩ? ඇත්තට මේ වයසටත් තමාට මේ වැඩ කරන්න පුලුවන්ද කියලා පොලිස්කාරයා ඇහුවා.

     ඒකෙ ඉතින් ඒ හැටි අමාරුවක් නෑ මහත්තයො.. මං කරන්නෙ මගෙ මේ බොරු දත් සැට් එක පැත්තකින් තියලා පොත්ත ඇරලා පැණි ඔක්කොම ටික එලියට එනකල් සූප්පන එක තමයි.. ආච්චි ඇඟට නොදැනිම කියලා දැම්මා..

ප.ලි
කලින් අහලා තියන අය ඔන්න බනින්න එහෙම එපා.. මං කතාව මගෙ ශෛලියට ටිකක් වෙනස් කලා.. හිතට දැනුන ඕන දෙයක් කොමෙන්ටුවක් විදීහට දාලා යන්න.. ඒක මට ලොකු ශක්තියක්.. ජය ශ්‍රී!!!!!

Wednesday, May 15, 2013

අඩෝ පාප මිත්‍රයා... (A Fake Friend)

     හ්ම්ම් අදත් මං අරගෙන ආවෙ මගේ පුංචි අත්දැකීමක්.. පුංචි වුනත් ලොකු පාඩමක් මට ඒ දේ ඉගැන්නුවා.. ඒ නිසාමයි මම මේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්නෙ.. අපි කවුරු අතරත් මේ වගේ අය ඉන්න පුලුවන්.. තමන් අවංකද නැද්ද කියලත් ටිකක් ඒ ගමන් හිතන්නකො :ඩී තමන්ගෙ හෘද සාක්ශියෙන් තමන්ම ටිකක් අහලා බැලුවා නම්(මාත් එක්ක මල පන්න ගන්න එපා හොඳේ මෙහෙම කිව්වට..

හරි.. වැඩි බයිලා ඕනෙ නෑ නේද?? කෙලින්ම යමු කතාවට..

     මේ සිද්ධිය වුනේ මීට සතියකට කලින්.. හරිහමන් දිනයක් නම් නෑ ඕං.. මම උ/පෙ වලට ක්ලාස් යන්නෙ ගම්පහ ජා-ඇල පාරෙ.. අපි 2014 උ/පෙ බැච් එකේ.. ඉතින් මේ අතරෙ අපේ පන්තියට ආවා මේ අවුරුද්දෙ උ/පෙ කරන එකෙක්.. අපි ඌට බාචා කියමුකො(උගෙ කාඩ් එක) ඉතින් මූ හොඳට ඉගෙන ගන්නවා ඒ වගේම සෙට් එක අතර ඉද්දි විනෝදෙට බරයි.. ඒ වගේම කතාවෙන් මිනිස්සුන්ගෙ හිත් දිනාගන්නත් හපනෙක්.. ඒ නිසාම ටික දවසක් යද්දි ඌ අපේ ගොඩක් බැචාලගෙ වගේම මගෙත් සමීප මිතුරෙක් වුනා..

     ක්ලාස් එකේ සර් වුනත් අපි එක්ක මාර ෆිට්.. හරියටම කියනවා නම් ගුරුවරයෙක්ටත් එහා ගිය ලෙන්ගතුකමක් අපි එක්ක තිබ්බා.. හරියට හොඳම යාලුවෙක්, තාත්තා කෙනෙක් වගේ(සර් ගැනත් වෙනම පෝස්ටුවක් දාන්නම්) :ඩී ඔන්න ඔය අතරෙ අපේ බැචාලා කතා වුනා ක්ලාස් එකේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න.. සර්ගෙනුත් අපිට අවසරය සහ සපෝට් එක ලැබුනා.. ගොඩක් හොඳට මහන්සි වෙලා අපිට පුලු පුලුවන් විදිහට මුදලුත් හොයාගෙන අපි නියමෙටම අවුරුදූ උත්සවේ තිබ්බා.. මහන්සියෙ උපරිම ඵලය නෙලාගන්න මට බැරි වුනා පොඩි සිද්දියක් හින්දා..

අයියෝ මෙයා කතාව නොකියා වටේ යනවනෙ කියලා හිතුනා නේද? නෑ කියන්න එපා..

මම මේ කතාවට පසුබිම සකසනවා බොලං..

     ඔන්න දැන් මං අර කලින් කිවුව අවුරුදු උත්සවේදි තමා මං බාචා එක්ක ගොඩක් ෆිට් වුනේ.. ඌත් අපිත් එක්ක හරි හරියට වැඩ කරපු නිසා අනිත් උන්ටත් ඌව සැටිස් වුනා.. ඒ නිසා අපි අතර තරමක් ජනප්‍රිය චරිතයක් වුනා ඌ.. ඔහොම තව සතියක් ගියා..

     දවසක් මමයි අපේ බැච් එකේ මලිඳු කියල කොල්ලෙකුයි(මෙයා ගැනත් කතා ගොඩක් තියනවා) බාචයි ක්ලාස් ඇරිල බස් හෝල්ට් එකේ ඉන්නකොට මලිඳුවා යෝජනාවක් ගෙනාව අද අපේ ගෙදර එන්නද කියලා.. මමත් ඉතින් ආගන්තුක සත්කාර දන්නා බුවා නිසා වගේම ලඟපාත උන් එක්ක වැඩි ආශ්‍රයක් අඩු හින්දම එන්න කීවා.. පස්සෙ උන් ඇවිල්ලා පැයක් විතර ඉඳලා ගියා.. ඒ ගමන් තමා බාචා මට උගේ ප්‍රශ්නයක් කිව්වෙ.. උගෙ පව්ලෙ ඌයි අයියයිලු.. අයියා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා.. ඒ අප්සට් එක නිසා ඌට ගෙදර ඉඳන් පාඩම් කරන්න අමාරුලු.. නිදහසේ පාඩම් කරන්න තැනක් හොයනවා කිව්වා.. මොනා වුනත් මගෙ යාලුවෙක්නෙ.. අනික මේ අවුරුද්දෙ උ/පෙත් එක්කනෙ.. ඒ නිසා මං අම්මගෙන් ඇහුව ඌට ටික දවසක් පාඩම් කරන්න මෙහෙ ඉන්න දෙන්නද කියලා.. ම්හු.. අම්මගෙ නම් අකමැත්තක් නෑ.. මොකද මං නිතරම තනියම හිටිය එකානෙ..

     මං ඌට ඉරිද ක්ලාස් එකේදි සිද්දිය කිව්වා.. ඌ එවෙලෙ මුකුත් කිවුවෙ නෑ.. ඒත් ආයෙ ඌ අඟහරුවාදාද කොහෙද කෝල් කරල එන්නද ඇහුවා.. මං ඉතින් හා කිව්වා.. මූට හැපි.. මූ පහුවදා ආවෙ අම්මත් එක්කමයි.. අම්මත් පැය ගානක් විස්තර අහලා අහලා ඔන්න ඌව තියල යන්න කැමති වුනා.. ඒකත් නිකන් හරියට අපි ඌව බලෙන් තියාගන්න හැදුව වගේ තමා ඇහුවෙ.. මට ඉතින් ටිකක් කේන්ති ගියත් පව්නේ මේ ලමයා විතරක් දැන් ඉන්න නිසා ඕනවට වඩා ඌ ගැන හිතනව ඇති කියලා හිතාගත්තා..

     ඔන්න අපි රෑ පාඩම් වැඩ කරලා කන්න ගියා.. බාචා හෙන දාර මහත පොරක්.. ඌට ලොරියක විතර කෑම කන්න පුලුවන් බව මට තේරුනේ අපෙ අම්මා ඌට දුන්න බත් පිඟාන ඌට මදි බව මූනෙන්ම පෙනුන නිසා.. ඉතින් අම්මා එයාගෙ බත් පංගුවද කොහෙද ආයෙ ඌට දාලා දුන්නා.. ඉතින් කෑම කාලා තව වැඩ මොනාද කරලා අපි නිදාගත්තා.. ආයෙ පාන්දරම නැගිටලා ඌ ලෑස්ති වුනා.. මං ඇහුවම ඌ කිවුවෙ ඌගෙ වෙසක් කූඩුවක් තියනවා ඒක කොලඹ වෙසක් කලාපෙට දෙන්න ඕනෙ ඒ වැඩේට යනවා කියලා මූ ගියා ගියාමයි ආයෙ දකින්නත් නෑ..

     කෝල් ගත්තම මූ ආන්සර් කරනනෑ.. ඊයෙ අම්ම කෝල් කලාම මූ සද්ද නැතුව උගෙ අම්මට පෝන් එක දීලා තිබ්බා.. ඒ මදිවට මූ ගිහින් කියලා එහෙ හරි නෑ අම්මෙ ඒ මල්ලි හරියට වැඩ කරන්නෙත් නෑ.. ටිකක් වැඩ කරලා පෝන් එක ඔබ ඔබ ඉන්නවා ගගා.. මූට ඒවා වැඩක් නෑනෙ.. ඌ ආවෙ උගෙ වැඩ කරගන්න මිසක් මට උගන්නන්නයැ.. මට අහන්න හිතුනෙම ඇයි ඇන්ටි පුතාට කන්න මදි වුනා කියලා කිව්වෙ නැද්ද කියලා.. ඒත් මං ඒක ඇහුවෙ නෑ..

එච්චරයි.. කෙනෙක්ගෙ කරදරේකදි උදව් කරන එක හොඳ වැඩක්.. ඒත් මේ වගේ උන් නිසා ඒ දේත් එපා වෙනවා.. හිතන්න, මගෙ තිබ්බ මනුස්සකම නිසයි යාලුකම නිසයි මං ඌට උදව් කරන්න ඉදිරිපත් වුනේ.. ඒත් අඩුම තරමෙ ස්තූතියි කියලා කියන්න තරම්වත් මනුස්ස ගතියක් ඌට නොතිබ්බෙ ඇයිද මන්දා.. මට ඒ සිද්ධිය මතක් වෙන කොට මාත් එක්කම ලොකු තරහක් දුකක් හිතට එන්නෙ..

ප.ලි
කලින් පෝස්ටුවට ලැබුන ප්‍රතිචාර ගොඩක් අඩුයි.. පෙම් කතා කියවන්න කට්ටිය අකමැතිද දන්නෑනෙ.. හොඳ හෝ නරක හෝ ඕනෑම අදහසක් දාලා යන්න.. ඒක මට ලොකු ශක්තියක් මගේ වැරදි හදාගෙන.. පස්සෙ තවත් පෝස්ටුවකින් හමුවෙමු.. ජය ශ්‍රී!!!!!!!

Monday, May 13, 2013

බිඳුනු පෙම....

මේ ලෝකෙ ජීවත් වෙන හැම කෙනෙක්ටම සතුටුදායක වගේම දුක්ඛදායක අත්දැකීම් ලැබිලා තියනවා.. සමහර අයට ඒ දුක දරා ගන්න පුලුවන්, ඒත් තවත් සමහරෙක්ගෙ ජීවිතයම නැති කරලා දාන්න ඒ දුක ප්‍රමාණවත් වෙන්න පුලුවන්.. උදාහරණයක් විදිහට මාවම ගත්තොත් මගේ ජීවිතේ ගෙවුනු අවුරුදු 18ට මං ලබපු අත්දැකීම් ගැන හිතල බැලුවොත් මම සතුටට වඩා දුක් විඳපු කොල්ලෙක් කියලයි මට හිතෙන්නෙ.. ඒ ගෙවුන අත්දැකීම් අතරින් අද මං අරන් ආවෙ කාලයක් මගෙ ජීවිතේට වද දුන්න, තාමත් ඒ සිදුවීම නිසා පීඩා විඳින අත්දැකීමක්.. මේ කතාව කෙනෙක්ට විකාරයක් වගේ වෙන්න පුලුවන්.. නමුත් මට ප්‍රශ්නයක් නෑ.. මොකද මම හැම කෙනාගෙන්ම හොඳ අහන්න නෙමෙයි මේ දේවල් ලියන්නෙ.. ඔබේ ඕනම විවේචනයක්, යෝජනාවක් මම සතුටින් භාරගන්නවා.. එහෙනම් කතාවට යමු නේද?? :ඩී

    එයාව මම මුලින්ම දැක්කෙ බුකියෙ වෙන යාලුවෙක්ගෙ පොටෝවකට කමෙන්ට් කරද්දි.. මම නිකමට වගෙයි එයාට රික්වෙස්ට් කලේ.. පහුවදා එයා මාව අනුමත කරල තිබ්බම මට අමුතු හැඟීමක් දැනුනා.. එයාට මං හායි කියලා මැසේජ් එකක් දැම්මා.. එයත් මට පිලිතුරු එව්වා.. එදායින් පටන් ගත්ත චැට් එක ඉවර වෙද්දි එයා කාගෙ කවුද? අනං මනං සේරම දැනගෙන ඉවරයි.. එයා නංගි කෙනෙක්.. මට වඩා අවුරුදූ 3ක් බාලයි(මගෙ මල්ලිගෙ වයසෙ) ගම්පහ නගරෙ ප්‍රසිද්ද බාලිකා පාසලකයි එයා ඉගෙන ගත්තෙ(මගෙ ඉස්කෝලෙ ඉඳන් හූවයි බල්ටියයි :ඩී) තව එයාගෙ පවුලෙ විස්තර අනං මනං දැනගන්න ලැබුනා.. මේ විදිහට මාස 3ක් විතර ගෙවිලා ගියා.. දැන් ඒ නංගි මගෙ හොඳ යාලුවෙක්..

     මෙහෙම යද්දි මට ඒ නංගි ගැන එක එක දේවල් හිතෙන්න ගත්තා.. මං හිතං හිටියෙ මට ආදරේ පතන්න හොඳම තැන බුකිය කියලා.. මොකද මං සාමාන්‍ය ජීවිතේදි වැඩිය කෙල්ලො එක්ක කතාබහ කරලා නැති නිසා(මට වැරදුනේ එතනද මන්දා) වෙලාවකට එයා මොනා හිතයිද කියලා මට හිතුනත් අහලා දානවමයි කියලා මං හිතා ගත්තා..

     අන්තිමට මං එයාගෙන් කැමත්ත ඇහුවා.. එයාගෙන් උත්තර ලැබුනා.. හිතපු උත්තරේ නම් නෙමෙයි.. බැණුම් වැස්සක්..

  "තමුසෙ කවුරු කියල හිතාගෙනද මට මෙහෙම කියන්නෙ?? මොනාද තමුසෙට තියෙන්නෙ.. බලනවා තමුසෙගෙ කැත(මගෙ පොටෝ තිබ්බා) තමුසෙ වගේ රස්තියාදුකාරයෙක්ට මං කැමති නෑ"

     ඒ කෙල්ල එහෙම බනිද්දි මට තවත් පස්සෙන් යන්න හිතුනෙ ඇයි කියල මං දන්නෑ.. සමහරු බනීවි ඇයි උබ එහෙම කලේ කියලා.. ඒත් ඒ දේ ඒ විදිහටම වුනා..

     දවසක් මං ආයෙ ඇහුවම එයා මට කැමතී කිවුවා.. මට පුදූම සතුටක් දැනුනෙ.. එදා ඉඳන් අපි අතර 4න් එකෙන් වුන කතාවල් ඇරෙන්න බුකියෙ චැට් මැසේජ් ගාන 59900ත් පැනලා තිබ්බා.. ඒත් මට එයාව හම්බ වෙන්න ඕනෙ කිවුව හැම වෙලේම එයා මොකක් හරි කියලා ඒක මග ඇරියා.. ඒ නිසා මගේ හිතේ පොඩි අවුලක් තිබ්බත් මං ඒ ගැන එයාගෙන් ඇහුවෙ නෑ.. ඒ වගේම එයාට පොඩි දෙයක් වුනත් ඇති රණ්ඩු වෙන්න.. මොකක් හරි දේකට හැමදාම අපි අතරෙ රණ්ඩුවක් තිබ්බමයි.. ඒ අප්සට් එක අරවත් එක්ක එකතු වුනාම මට ලොකූ පීඩනයක් දැනුනෙ.. මං ඒ දේවල් වල දුක නැති කරගන්න නිතරම බුකියෙ ඉන්න පුරුදු වුනා.. ඒ දවස්වල මම සා/පෙ ඉවර වෙලා නිසා නිවාඩුවෙ ගෙදර හිටියෙ.. ඒ කාලෙ මං කොයි තරම් බුකියෙ හිටියද කිව්වොත් මං උදේට ඔන් කරපු ලැප පහුවදා උදේ වෙනකනුත් ඔන්.. මං දවස් ගානක් එක දිගටම නිදි මරල තියනවා.. හිතාගන්න බැරි දවස් ගානක්.. ඒ කාලෙදි තමා මට අහම්බෙන් බ්ලොග් එකක් කියවන්න ලැබුනෙ.. එදා ඉඳන් තාම බ්ලොග් කියවන්න මං පුරුදූ වුනා(එකම හොඳේ ඒකද මන්දා)

     ඔය කාලෙමයි මම අපේ ඉස්කෝලෙ ගුවන් හමුදා ශිශ්‍ය භට ඛන්ඩයට එකතු වුනේ.. 2011 ඔක්තෝම්බර් වල මං කෑම්ප් ගියා.. ඒත් එයා මාත් එක්ක ඒකට තරහ වෙලා හිටියෙ.. මං ගියේ ඒ අප්සට් එකෙන්මයි.. එහෙ ගිහිනුත් මට නිදහසේ ඉන්න බැරි වුනේ ඒ දේ හින්දමයි.. ආයෙ සති 2කින් මං එද්දි ගොඩක් දේ වෙනස් වෙලා.. මං පණ වගේ ආදරේ කරපු එයත්.. මාව සත 5කට එයා මායිම් කලේ නෑ.. ඒ අස්සෙ තමා මටත් එයාව එපා වෙන්න පටන් ගත්තෙ.. කාලයක් එයා නැතුව හිටිය නිසා මට එයා නැතුව ඉන්න පුලුවන් කියන දේ මට තේරුනා.. එයාගෙ පරන වැරදිත් අල්ලගෙන මං එයත් එක්ක රන්ඩු වුනා.. එහෙම දවසක එයාට කියවුනා එයා මාත් එක්ක යාලු වුනේ මාව පොඩි බයිට් එකකට ගන්න කියලා.. එතනින් මං තීරණයක් ගත්තා..

     මේක නවත්තල දාමු කියලා මං කිවුවම එයා බෑ කිවුවා.. ඒත් මං හිටියෙ කේන්තියෙන් නිසා මංම නැවත්තුවා එයාට හොඳටම බැනලා..

ප.ලි

එච්චරයි.. මං කියන්නෑ මං 100% හරි කියලා.. ඒත් මං එයාට ආදරේ කලා.. ඒක එයාට නොතේරුනේ ඇයි කියන්න මං දන්නෑ.. එදා ඉඳන් අද වෙනකල් ගෙවුන මේ මාස 7දි මං බලාපොරොත්තු වුන වෙන ආදරයක් හරි ගියෙ නෑ තාමත්..

       හැමදාමත් යාලුවේ..
       මං ඉන්නෙමි පාලුවේ..
       මගේ පාලු පැලට එන්න..
       කවුරුත් නෑ යාලුවේ..