Tuesday, June 4, 2013

මම බොහොම බය වුනා.. :O

     මේ සිද්ධිය මතක් වෙද්දිත් මට බය හිතෙනවා.. ඒ ත්ාරමටම එදා මං බය වුනා.. ඒ නිසා ඒ අත්දැකීමත් බෙදාගන්න ඕන කියලා මට හිතුනා.. :ඩී
ඇති යන්තම්..
එහෙනම් කතාවට යමු නේද??

     මේ සිදුවීම වුනේ මේ අවුරුද්දෙ පාස්කුවට කලින් දවසෙ(මහ බ්‍රහස්පතින්දා) එදා තමා මං අර ගල්කිස්සෙ ට්‍රිප් එක ගියෙ.. ගල්කිස්සෙ ඉඳන් එද්දි පල්ලියෙ අඳුනන අක්කා කෙනෙක් මට කෝල් කලා මල්ලි අද මහ බ්‍රහස්පතින්දා.. හවස 7ට පූජාව.. ඉක්මනට එන්න කියලා.. මමත් ඉතින් ඕනවට එපාවට වගේ හා කියලා  කිව්වා.. කොහොමහරි මං ගෙදර එද්දි වෙලාව හවස 6.40යි.. නාලා කරලා මං පල්ලියට යද්දි 7.30ත් පහු වෙලා.. කොහොමහරි දේව පූජාව 8ට ඉවරයි.. තව පූජා 3ක්ද කොහෙද තිබ්බා..

     මං පල්ලියෙ තරුණ කතෝලික සංගමේ ඉන්න නිසා 9 ඉඳන් 10 වෙනකල් පූජාවටත් මං හිටියා.. අම්මලා නම් කලින් ගියා.. ටිකකින් මට සෙට් වුනා අපේ වයසෙ කොල්ලෙක් නුවන් කියලා.. ඌයි රොමේෂ් කියලා මගේ අයියගෙ යාලුවෙකුයි හිටියා..

     ටිකක් කදේ දාගෙන ඉද්දි මට හිතුනා දැන් පූජාවට යන්න බෑ වගේ කියලා.. රොමේෂ් නම් පූජාවට ගියා.. මමයි නුවායි බයිලා ගගහා එලියට වෙලා හිටියා..

     මං හිතන් හිටියෙ අර අක්කලත් එක්ක ගෙදර යන්න.. 10 පූජාවත් ඉවරයි මුං නෑ.. අනිත් එක ඉවර වෙන්නෙ 12ට කිව්ව නිසා නුවා ඇහුවා මචං අපි මොනාහරි කාලා එමුද කියලා.. මාත් මාරම බඩගින්නෙ හිටිය නිසා යමු කියලා ආවා පල්ලිය ඉස්සරහ කඩේට.. අරූ බැලුවා ෂෝට් ඊට්ස් මොනාද තියෙන්නෙ කියලා.. ඒත් ඒ හවස ඒවනෙ.. ෆ්‍රෙෂ් පිට කන දෙයක් ගැන හිතනකොට මට මතක් වුනා "චිකන් කොත්තු".. පස්සෙ අපි කොත්තු කෑවා.. ඒත් සල්ලි දෙන්න අමතක වුනා කරුමෙට වගේ.. අපි ඉතින් ආයෙ සල්ලි දෙන්න ගියෙ නෑ.. ඔහේ ආවා..

     අපි යනකොට රොමේෂ් පල්ලියෙ ගේට්ටුව ලඟ.. අපිව හොයලා.. අපි කෑවා කිව්වම මූට අවුල් වගේ වුන නිසා අපි අර සල්ලි වලින් ආප්ප අරන් කෑවා.. කාලා අපි එලියට ආවා.. මට බැලුනෙ එක පාරටම පල්ලිය දිහා..

     හුටා.. පල්ලියෙ දොරවල් වහලා.. ඔක්කොම ගෙවල්වල ගිහින්.. ඒක දැක්කම මට ඩෝප් වගේ වුනා.. ඇයි යකෝ පූජාව 12ට ඉවරයි කිව්වට 11.20 වෙද්දි පල්ලිය වහලා.. අරුන්ට කතාකලාම රොමේෂ් කිව්වා ඌට හෙට උදේ වැඩ ඒ නිසා එන්න වෙන්නෑ කියලා.. අරුත් ඌ එක්ක ගියා..



     දැන් ඉතින් තනියම අද්දපංකො ගෙදරට.. මං හැම එකාටම බැන බැන ගෙදර එනවා.. වෙනදා මේ වෙලාවට මිනිස්සු ඉන්න පාරෙ එවෙලෙ බලු බල්ලෙක් නෑ.. ඔය වගේ වෙලාවටනෙ අර මනස අවදි වෙන්න ගන්නෙ.. කලින් කියවපු හොල්මන් කතා, බලපු ෆිල්ම් මතක් වෙද්දි ඇඟ හිඑඉවැටිලා ගියා.. හැස්ම අඩු වෙන්න සින්දුවක් දැම්මා.. ම්හූ.. වැඩි වෙනසක් නෑ.. ඔහොම එද්දි මං දැක්කා පාරෙ නිදාගෙන හිටිය කලු බල්ලෙක්.. ඌ අඩි සද්දෙට ඔලුව උස්සල මං දිහා බැලුවා.. මගෙ හිත ටිකක් ගැස්සුනා.. මං අම්මට කෝල් කලා.. රින්ග් වෙලා රින්ග් වෙලා ඔන්න අන්තිමට ෆෝන් එක ඉස්සුවා..

අම්මා - හෙලෝ..
මම - අම්මෙ තාත්තව ඉක්මනට එවනවද හදිස්සියක්..
අම්මා - හරි මං එවන්නම්..

     ඇති යන්තම්.. මම සැනසුම් සුසුම් හෙල හෙල පාරෙ එනවා.. කිරි අප්පද බොල අර වගේම බල්ලෙක් පාරෙ ටිකක් එහාට වෙන්න නිදි.. ඌ ඔලුව උස්සලා මං දිහා බැලුවා.. මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුනා වගේ.. අර මූණමයි මුටත් තියෙන්නෙ..මං වේගෙන් වේගෙන් ඇවිදන් ආවෙ ඊලඟට මොන මරාලයක් කඩන් වැටෙයිද කියලා..



බ්‍රාස්ස්ස්... ඇති යන්තම් තාත්තා ඇවිත්..

     ගෙදර ගිහින් අම්මලට මං සිද්ධිය කිව්වා.. ඒ අයත් බය වෙලා.. අම්මා තව දෙයක් කිව්වා..

     අම්මා කෝල් එක දුන්න ගමන් තාත්තව ඇහැරලා.. අපේ තාත්තා සාමාන්‍යයෙන් කම්මැලි නෑ.. ඒත් එදා තාත්තව ඇහැරන්න හෙන අමාරු වෙලා.. අම්මා කාමරේට ගිහින් ආව ටිකට ආයෙ තාත්ත නිදිලු.. පස්සෙ කොහොමහරි අම්මා ආයෙ ඇහරවලා.. තාත්තා වාහනේ ස්ටාට් කරලා පාරට ගන්න යද්දි කවදාවත් නැතුව වාහනයක් හරස් කරගෙනලු.. හෙන අමාරුවෙන් තාත්තා ඇවිත් තියෙන්නෙ.. අම්මා කිව්වෙ එහෙමයි.. මටත් අග මුල පැටලිලා.. හිතාගන්නත් බෑ මොකක්ද ඒ කියලා..

ප.ලි
මේ ටිකේ පෝස්ට් වැඩිය ලියන්න බැරි වුනා.. සනීප තිබ්බෙත් නෑ, වැඩත් වැඩී.. ඉදිරියට දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා.. ජය ශ්‍රී!!!!!