මේ ටිකේ ඉස්කෝලේ නිවාඩුව නිසා දවසම ගෙදර.. කරන්න දේකුත් නෑ යාලුවෝ දෙතුන් දෙනෙක් සා/පෙ ලියන්න ගිහින්.. ඉතින් හෙට ක්ලාස් එකේ විභාගයක් ඒකට උදේ පාඩම් කර කර ඉන්නකොට අම්මා කිව්වා මගේ කාමරේ ගොඩක් දේවල් ගොඩ ගැහිලා ඒ ටික අස්පස් කරලා දාමු කියලා.. මමත් රෙඩී වෙලා කාමරේ ගොඩගැහිලා තිබ්බ පොත්පත් ටික අයින් කරන්න ගත්තා.. එතකොට මට එතන තිබිලා හම්බ වුනා දෙයක්.. ඒක ප්‍රොජෙක්ට් එකක් ඔව් නිකන්ම නිකන් ඒලෙවල් ප්‍රොජෙක්ට් එකක්.. ඒත් ඒක දැක්ක ගමන් ගොඩක් දේවල් මතක් වුනා.. කෙලින්ම කියනවා නම් මතක මාවත දිගේ අතීතය කියන නැවතුම්පොළට මං ගියා නෙමෙයි යැවුනා..
සචින්, ඔයා ඒලෙවල් වලට මොකක්ද කරන ප්‍රොජෙක්ට් එක?? මගේ ප්‍රොජෙක්ට් එක දෙන්නම් ඔයා ඒක වෙනස් කරලා දෙන්න පාඩම් කරන්නත් එතකොට වෙලාව ඉතුරුයිනේ.. එයා එහෙම කිව්වා.. ඇත්තටම කිව්වොත් මං දෙන්න වෙනම පොඩි ප්‍රොජෙක්ට් එකක් හැදුවා.. මොකද එයාගෙයි මගෙයි අත් අකුරු ගොඩක් වෙනස් හින්දා.. ඒ වුනාට එයා ඒක දුන්න එක මට ලොකු උදව්වක් වුනා.. ඔව් කට්ටියට වැඩේ තේරිලා ඇති.. මම යාලු වෙලා හිටියේ අක්කා කෙනෙක් එක්ක තමා.. ගොඩක් අය හිතයි ඒක සම්මතේට පටහැනි දෙයක් කියලා.. ඒත් ඒක මගේ ජීවිතේට එච්චර බලපාන්නේ නෑ.. මට මෙච්චර කාලෙකට ඉදපු එකම පෙම්වතිය එයා නෙමෙයි කලින් තිබුනා නිකන්ම නිකන් බුකි ලව් එකක්.. ඒත් මම මුලින්ම කෙල්ලෙක් දැකලා ආශ්‍රය කරලා යාලු වුන පලවෙනි කෙල්ල එයා.. කරුමෙට වගේ එයා මට වඩා අවුරුද්දක් වැඩිමහල් වුනේ.. එහෙම නොවුනා නම් අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා..
කලින් දවසක මම දාලා තිබ්බා එයා මට අන්තිමට එව්ව ලියුම.. සමහරවිට එයාට කෙලින්ම කියන්න බැරි වෙන්න ඇති මගෙන් ඈත් වෙන්න ඕන කියලා.. සමහරවිට මගේ ආවේගශීලී කම ඒකට හේතුවක් වෙන්න ඇති.. මොනවා වුනත් මේ ගැන කිසිම දෙයක් කියලා නැති නිසයි අද මේක ගැන ලියන්න හිතුනේ.. පෝස්ට් එක ටිකක් දිග වෙයි අකමැති නම් කියෙව්වේ නෑ කියලා මම තරහා නෑ..
එයා අපේ ගමේම කෙල්ලෙක්.. මට එයාව හම්බ වුනේ මම ඕලෙවල් ක්ලාස් යද්දී.. එතකොට එයා ඒලෙවල් කරනවා.. ඒ කාලේ අපි දෙන්නා අතර එච්චර දැනහැඳුනුම්කමක් තිබ්බේ නෑ ඒ වුනාට මට එයාව දවසක අඳුනගන්න ලැබුනා.. ඒ අපේ පල්ලියෙන් සුපවත් අරණ කියන කතෝලික මධ්‍යස්ථානයේ තිබ්බ තරුණ මෙහෙයකට සෙට් වුන දවසේ.. දවස ඔහේ ගියා එයා ඉන්නවා දැක්කට මම එච්චර ගණන් ගත්තේ නෑ ඒ කාලේ එයා ගැන අනං මනං හිතේ තිබ්බෙත් නෑ.. ඉතින් ආයේ පල්ලියට එද්දී රෑ වුනා ඉතින් අරයට යන්න කෙනෙක් හිටියෙත් නෑ මාත් එක්ක සෙට් වෙලා එයා ආවේ එදා.. එදා එයා ගැන ගොඩක් විස්තර මට කිව්වා මගෙත් විස්තර එයාට කිව්වා.. එයා කිරිබත්ගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලක කියලත් කිව්වා.. කොහොමහරි එදා ඉදන් අපි දෙන්නා හොදම යාළුවො වුනා..
ඔහොම මාස 6ක් 7ක් ගියා.. ඒ කාලේ අපි දෙන්නා ඉඳහිට හම්බ වුනා පල්ලියේදී, පාරේදී වගේ.. ඒ කාලේ වෙද්දී මට නිකන් හිතුනා මම එයාට කැමතියි වගේදෝ කියලා.. දවසක් මැසේජ් කර කර ඉන්න ගමන් මම ඇහුවා දැන් කොහොමද කොල්ලට කියලා.. මෙයත් ඉතින් අනේ අපිට කොහෙද ඒ වගේ කිය කියා බයිලාවක් ගැහුවා.. පස්සේ ටිකකින් මම ඇහුවා ඔයා මට කැමති නැද්ද කියලා.. එයා මුලින්ම මට බැන බැන ඉදලා පොඩි පානියක් දාල කැමතියි කිව්වා.. ඒ අගෝස්තු 28 වෙනිදා..
එදා අපි හම්බ වුනා.. මම ඒ ගැන අපේ අම්මට කියලයි තිබ්බේ මම දන්නවා අපේ අම්මලා ගොඩක් විවෘතව වැඩ කරන අය හින්දා මට අවුලක් වුනේ නෑ.. ඒත් එයත් ගොන් කමටද අත්දැකීම් නැතිකමටද මන්දා එදාම ගෙදරින් අහලා තිබ්බා.. ඉතින් එහෙන් ලොකු කේස් එකක් දාලා ප්‍රශ්න ඇති කරලා තිබ්බා.. මෙයා එවෙලේ ඔක්කොම ශේප් කරන් තිබ්බා වුනාට එයාගේ ගෙදරින් අපේ සම්බන්ධෙට ගොඩක් විරුද්ධ වුනා.. ඒ අයට ලොකුම ප්‍රශ්නේ වුනේ මගේ වයස.. එදා තමා මට මං ගැනම ලොකු දුකක් ඇති වුන දවස.. ඇයි දෙයියනේ එයාට වඩා අවුරුද්දක් බාල වුන එකට මම මොනා කරන්නද???
අපි මුල් ටිකේ නිතරම හම්බ වුනා.. පාර දිගේ ඔහේ ඇවිදින එක අපේ විනෝදාංශයක් වුනා.. එයා ඉදලා හිටලා අපේ ගෙදරත් ආවා.. ඒත් ඒ හැම සිද්ධියටම පොල්ල වැටුනේ දවසක් එයා අපේ ගෙදර ආව එක මල්ලිට මාට්ටු වෙලා තිබ්බ එක.. එදා කෙල්ල ගොඩක් බය වෙලා හිටියේ.. මට බත් කව කව ඉදපු ගමන් හරියකට අතක් හෝදගන්නෙත් නැතුව අඩ අඩම ගෙදර ගියා..
මම දන්නේ නෑ මොනවා වුනාද කියලා.. අපි මුල් දවස් ටිකේ ගොඩක් ආදරෙන් හිටියා.. ඒත් පස්සේ පස්සේ අපි දෙන්නා ටික ටික ඈත් වෙනවා වගේ කියලා මට දැනුනා.. ඒත් ඒක නිකන් හිතුනා වෙන්න ඇති කියලා හිතුනත් පස්සේ ඒක ඇත්ත කියන එක මට තේරුණා.. එයා ටික ටික මාව හම්බ වෙන එක නැවැත්තුවා.. මං කතා කලොත් එයා මොනවා හරි කියලා මගහැරියා.. කෝල් වලින් කතා කරන එක අඩු වුනා.. මැසේජ් වලට විතරක් ආදරේ සීමා වුනා.. ඒක මගේ හිතට ලොකු වදයක්.. ඉදලා ඉදලා ආදරයක් පටන් ගත්තම මට ඒ ආදරේට ලොකු බාධා එන එක මගේ හිතට ලොකු ප්‍රශ්නයක් වුනා.. මට ඉක්මනට කේන්ති යන්න ගත්තා.. පොඩි දේත් ඇති මට තරහා යන්න.. මටවත් මාව පාලනය කරගන්න බැරි වුනා වෙලාවකට.. වෙලාවකට මම කාමරේට වෙලා ඔහේ අඩ අඩ හිටියා.. කොහොමින් කොහොමින් හරි වුනේ අපේ ගෙදරිනුත් තිබ්බ කැමැත්ත නැති වුන එක..
එයාට ඕන වුනා ජොබ් එකකට යන්න.. ඒත් මගේ හිත බය වුනා මම කැමති වුනේ නෑ එයා ඒකට යනවට ඒත් එයා ගියා.. කෙනෙක්ව ඕනෑවට වඩා පරිස්සම් කරන්නත් අපිට බෑනේ.. මොනා කරන්නද?? එයා දවසෙන් දවස ටික ටික වෙනස් වුනා.. එයාට මං ගැන මහා හැගීමක් තිබ්බේ නෑ වගෙයි එයා වැඩ කලේ.. මාව එච්චර ගණන් ගත්තේ නෑ.. මගේ සැපදුක හොයලා බැලුවේ නෑ.. මම ඉස්කෝලේ ගියේ නැත්තේ, පාඩම් කලේ නැත්තේ ඇයි කියලා ඇහුවේ නෑ.. මට අසනීපයක් හැදුනමත් එයා මට හිනා වුනා.. මොන දේ වුනත් ඒ හැම දේකින්ම අපි ඈත් වුනා.. එයා හැමදාම රණ්ඩු කරන්න ගත්තා.. මාත් රණ්ඩු වුනා.. එයා මට රිද්දන්න වගේ මම අකමැති දේම කළා.. විකාර කළා, වෙන කොල්ලෝ එක්ක මැසේජ් කළා.. දවසක් අපි හම්බ වුනාමත් රණ්ඩු වුනා.. අන්තිමට එයා ලියුමක් එවලා තිබ්බා මේක නවත්තමු කියලා.. ඒක කලින් පෝස්ට් වල ඇති.. ඉවරායි..
ප.ලි
මම මේක ලියන්න හිටියේ මෙහෙම නෙමෙයි.. පුළුවන් තරම් කොටස් අඩු කළා.. ලිවුවට මට මේ ලිවිල්ල මදි වගේ.. පබ්ලිෂ් කරන්නෑ කියලා හිතලත් අන්තිමට පබ්ලිෂ් කරනවා මේක.. කොහොමත් මතක මාවතේ කලින් හිටිය තරම් අදහස් දක්වන අය නෑනේ.. කීප දෙනයි ඉන්නේ.. අනික සින්ඩි වලිනුත් මාව අයින් කරලද කොහෙද දුක තමා සංසාරේ..
ප.ප.ලි
මේ මතක මාවතේ අන්තිම ටිකේ ලියවුන ලිපි ගොඩක් අයට නොතේරෙන්න ඇති.. විශේෂයෙන් හෙන්රි අයියට නම් තේරුනේ නැද්ද මන්දා සමහර ඒවා.. ඒ ගොඩක් දේවල් වල ලියවුනේ මගේ ජීවිතේ.. මතක මාවතක මතකය දිගේ යද්දී මට හිතෙන දේ තමා ලියවෙන්නේ.. දැන් එයා හොදින් ඉන්නවාලු.. දැන් ප්‍රශ්න නැතුව ඇති ලොකුම ප්‍රශ්නේ වුනේ මමනේ.. දැන් වෙන කොල්ලෙකුත් ඇති සමහරවිට.. තරහා ගියාම මොනා කිව්වත් තාම මම එයාට ආදරෙයි ඒත් මගෙන් එක පාරක් ඈත් වුන කෙනෙක් ආයේ ජීවිතේට ලංකරගන්න මං ආස නෑ මොකද එක පාරක් ගිය කෙනා යනවාමයි.. ඉතින් ගොඩක් අයගේ ජීවිත මේ නත්තලේ ගොඩක් සරුසාරයි.. මේ සචින්ගේ ජීවිතේ පුරුදු විදිහටම දුක්බරයි..
කාලෙකින් ආවේ.... ආපු ගමන් කියෙව්වෙත් මේක..... කියවගෙන යද්දී මගේ සමීපතමයන්ට වෙච්ච සිදුවීම් දෙක තුනකුත් මතක් නොවුනම නෙමෙයි ඊටත් වැඩිය විශේෂ කෙනෙකුත් මතක් උනා ඒ නිසාමද මන්දා දෙවෙනි පාරටත් කියවලා බැලුවේ... කොහොම උනත් තමන් මුණ දුන්න ජීවිත සිදුවීමක් අනිත් අයට දැනෙන්න හැමෝටම ලියන්න බෑ කියලයි මන් හිතන්නේ හැබැයි මේකනම් ලියලා තියෙන්නේ නොදැනෙන්නමත් නෙමෙයි .............
ReplyDeleteහ්ම්ම් එහෙමද?? ගොඩක් ස්තූතියි සහෝදරී ඔයාගේ අදහසට...
Deleteඔයාට තේරෙන්න ලියන්න ඒ ඇති.. අපිට කමෙන්කටු දාලා අවශ්‍ය දේ දැනගන්න පුළුවන් නේ. වැදගත්ම දේ ඔයාව නිදහස් වීමයි සචින්..
ReplyDeleteඒකත් ඇත්ත නේද මචං.. එල එල..
Deleteසචින්, වෙච්ච දේවල් මතක් කරා කියලා දැන් වැඩක් වෙන්නේ නෑ :( ඒක ඔළුවේ තියාගෙන වැඩ කරපන්. උඹ දැන් කරන්න ඕනේ අතීත මතක් කර කර අඬා වැටෙන එක නෙමෙයි. ඔක්කොට ම කලින් විභාගෙට ලෑස්ති වෙයන්. තව මාස 8 ක් වගේ ඉතුරු වෙලා තියෙන්නේ. උඹේ හිතේ දුක කියන්න මේ දේවල් ලිව්වට කමක් නෑ. හැබැයි, මුළු ජීවිතේ ම දුකින් පුරවා ගන්න උත්සාහ කරන්න එපා!
ReplyDeleteමේකයි ධාරා.. මම හැමදෙයක්ම අමතක කරලා මගේ පාඩුවේ ඉන්න හදද්දී එයා ආයේ මැසේජ් කරනවා.. ඒකෙන් වෙන්නේ මට ආයේ මේ හැමදෙයක්ම මතක් වෙන එක.. උඹේ කතාව හරි බන් ඒත් මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා..
Deleteහ්ම්ම් ,,සචින් ලිපිය කියවගෙන යද්දී සමහර දේ තුල මාත් සංවේදී වුණා..මොන දේ වුණත් ජිවිතේ තව දුරයි..අරමුණක් දිහා බලාගෙන යන්න ,, මගේ ආදර්ශ පාඨය අනුගමනය කරන්න "දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි ; ගමේ කෙල්ලෙක් නෙමේ රාජ කුමාරියක් මං"
ReplyDeleteඔව් ඒකත් නරකම නෑ නේද?? එහෙම ආදර්ශ පාඨයක් තියාගන්න එක??
Deleteසාදරයෙන් පිලිගන්නවා අපූර්වී මතක මාවතට..
වෙච්ච දේවල් මතක් කරලා දුක් වෙන එක නෙමෙයි මචං ජීවිතේ කියන්නේ.. එතනින් ඉස්සරහට යන එක..
ReplyDeleteඒ කතාව සහතික ඇත්ත බන්
Deleteජීවිතේ ඔහොම අත්දැකීම දුකක් වුනත් සුන්දරයි., අක්කා ලව් වලට උපදෙස ගන්නවානම් හොඳම පොර තමයි අපේ දේශකයා
ReplyDeleteඔව් ගොඩක් සුන්දර අත්දැකීමක්.. හැමදාම අවුරුදුත් නෑනේ..
Deleteඉදපන් මං දේශකයාගෙන් අහන්නම්කො..
සාදරයෙන් පිලිගන්නවා ඉවාන්..
ලොක්ක මම කලින් මෙක කියෙව්ව.කමෙන්ට් නොකලේ මටත් ඔයවගෙ අත්දැකිමක් තියෙනව කියනෑක සාමන්‍ය දෙයක් නිසා.ඔය අත්දැකිම වටිනාකම උබට අනාගතෙදි දැනෙයි.කාටවත් උබෙ ජිවිතෙ පාලනෙ කරන්න දෙන්න එප.විශෙෂයෙන් උබට ආදරෙ නැති අයට.සිරාට මාසකිපෙක වෙනසක් නිසාත් අහිමිවිමක් වෙලා තිබුන.උබ ටිකක් හයියට ඉදල උබෙ ජිවිතෙ ගොඩ දාගනින්.
ReplyDeleteඔව් ඇත්ත කතාවක් මචං.. සහතික ඇත්ත..
Deleteඅත්දැකීම්........සිදුවීම්.....ඔළුව කෙලින් තියන්....ගමනේ යා...
ReplyDeleteමේ තමයි ජීවිතය!!!!!!
අනිවා මචෝ.. ඒක තමා යතාර්ථය..
Deleteඅපි පරණ උණත් මතක හැමදාම අළුත් සහෝ.. ඒක ස්වභාවය
ReplyDeleteඅනිවා මචං ඒකයි යතාර්ථය..
Deleteසාදරයෙන් පිලිගන්නවා මහේෂ් මතක මාවතට.. අර මල් මල් අඩවිය බ්ලොගෙත් උබේ නෙමේ නේද?? අවන්හල විතරනේ??