Thursday, May 9, 2013

කෙලවාගතිමි.. (oh shit)

ඔන්න හුඟ දවසකින් මම පෝස්ටුවක් දාන්න හිතුවා.. ජයග්‍රාහී දෙවැනි පෝස්ටුව.. මේක මට වුන එක කුප්ප සිද්දියක්.. අහ් අමතක වුනානේ.. සේරටම කලින් මගේ පලවෙනි පෝස්ටුවට කොමෙන්ටුවක් දාල මට ආයෙ බ්ලොග් ලියන්න දිරියක් දුන්න රජා අයියට ටැන්කූ කියන්න ඕනේ(වැඩිය කියවන්න යන්නෙ නෑ ඕං මටත් මඩ පෝස්ටුවක් ගැහුවොත් වසලා හමාරයි.. තිත් දෙකයි ඩී) අපි නම් අහිංසක කොල්ලෝ නෙහ්.. ඒ වගේමයි මෙඑකෙ සිංහල ගැන මටවත් සුවර් නෑ.. අපි එන්නෙ ජංගම ඒවයෙන් නේ..

    හුටා!! පැන්නා නේද කතාව පිට.. ඔන්න එහෙනම් කෑලි නෑ කෙලින්ම කතාව..

    ගිය ඉස්කෝලෙ නිවාඩුවෙදි මගේ යාලුවෙක් යෝජනා කළා සත්තු වත්තෙ යන්න.. මම වැඩිය සුවර් කලේ නෑ මූ කිවුවොත් කියන්නෙ කෙබ්බක් නිසා.. යාලුවගේ නම සුගී කියමුකො.. ඌ කිවුවේ නම් හෙන ගැන්සියක් යන්න ඉන්නවා කියලා.. දවසක් දාගත්තා ඕං.. ඒත් ගියාම මට ඇඬෙන්න ආව.. ඇයි යකෝ යන්න හිටියෙ මාත් එක්ක 4ක්.. මං ඉතින් උගේ ගුන වනලා එහෙම යන්න සෙට් වුනා කියමුකෝ.. දැන් කට්ටිය දෙහිවල.. ඒකෙ හිටිය සත්තුන්ට වඩා අපේ උන් බැලුවේ සත්තු බලන්ඩ ආව සුදු අක්කල දිහා(ඔන්න මං නම් බැලුවෙ නෑ.. අපි පොඩ්ඩො නේ) හරි අපි සේරම තැන් බලල 12ට විතර එන්න ආව.. අනේ අපේ එකෙක් හරි දුකෙන්.. ඌට ඔරන් උටන් ට බායි කියන්න බැරි වුනාලු.. කොහොමහරි දැන් ගැන්සිය ඌව ඇද ගෙන ආව.. දැන් අපිට මාර බඩගිනියි.. කන්න තැනක් හොය හොය අපි ගෑටුවා..

    මග දිගට කෑම කඩ ඒත් එකෙක්වත් යන්නෑ.. දැන් මට ඉන්නම බැරි තැන ඇහුවා ඇයි යකෝ මේකෙන්වත් කමුකෝ කියලා..

    ඔන්න ඒ පාර මගේ යාලුවා කියපි "නෑ බං ඒවයේ හලාල් කියලා.. මට දැන් බරටම මල.. ඇයි යකෝ මුන් කන එකෙත් මගුල් හොයන හින්දා.. අනේ මේ #$&&@@#$! තොපි එනවද නැත්තන් මං විතරක් කන්නද කියලා මං ගියාම මෙන්න බොලේ මුනුත් ඇවිත් කෑවා යස අගේට.. පවු....

    කට්ටියම කතා උනා කාල ගල්කිස්සෙ ගිහින් නාන්න.. කෝකටත් මං රෙඩි වෙලා ආව යාලුවටත් ශෝටක් ගෙනාවා.. මුං කිවුවා අපි ඇඳුම් ගෙනාව යං කියල.. ගියාට පස්සෙ මං යාලුවට ශෝට දීල මාත් ඇඳුම් මාරු කලා.. අරුන් බලාගන ඉන්නවා තාම..

    බොල හිපාටුවො ඇඳුම් මාරු කරන්නැතුවද තොපි නාන්නෙ?? මං හරිම ආදරෙන් ඇහුව..

    අනේ කොල්ලො අපි මෙහෙම ඉන්නම් ඇඳුම් ගෙනාවෙ නෑ.. උන් බොහොම අහිංසක විදිහට කිවුවම මට නහුතෙට මල. මොනා කරන්නද කියල මං සුගී එක්ක බැස්ස මුහුදට..

    මං ආතල් එකේ පීනනවා.. ඒ අස්සෙ එකෙක් රැල්ල පාගනව. අනේ සුගියො මේ හරියට වරෙන් බං.. මං කෑ ගැගහුවට හරි ගියෙ නෑ.

    මං අදමයි බං මුහුදෙ නාන්නෙ. බයයි බං.. මූ ගෑනි වගේ කිවුවා.. ඒ මදිවට ඌ රැල්ලක් එද්දි කෑ ගහගෙන දුවනවා. මං ඒ ලොල් සිද්දිය බලන් හිටියා.. පැයකට පස්සෙ ගොඩට ඇවිත් ආයෙ ඇඳගෙන ගෙදර එන්න ආවා.. මං යාලුවො එක්ක ගිය කුජීතම ට්‍රිප් එක ඒක කියල තමා හිතුනෙම. ආයෙ ඔය වගේ ගමනක් යද්දි යන එවුන්ගෙ මූන බලල මිසක් යන්නෑ කියලා හිතා ගත්ත අයියො.. ඒක මතක් වෙද්දි මං මටම #$%%#$ කියාගෙන දුක් වෙනව බොලන්..

ප.ලි
මොකක් හරි දෙයක් කරද්දි ඒ දේ කරන්න පුලුවන් එකෙක් එක්ක ඒ දේ කල යුතුමයි.. මොනා වුනත් ඌ අදටත් මගෙ එලම බොක්කක්..

ප.ප.ලි
පෝස්ටුව දිග වැඩි වුනා වගේ.. එහෙම හිතෙනවද????

35 comments:

  1. ආරම්භයක් විදියට හොදයි. ඉදිරියේදි අත්දැකීම් වැඩිවෙනකොට හොදට ලියන්න පුළුවන් වෙයි.

    සුබ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුමිත් අයියෙ.. ඔබේ වචන මට ලොකු හයියක්..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. රජා කියපු අඩි පාරේ ආවා කියා සනිටුහන් කිරීමට පැමිණියෙමි.. :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතී ශම්මි.

      Delete
  4. යකෝ උඹලා ගල්කිස්සේ ඇවිල්ලා මට කෝල් එකක්වත් දුන්නෑ නේද? උලමා! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගැත්තාට අනුකම්පා කරපිය රජතුමෝ..

      Delete
  5. ඔන්න ඉතින් මාත් ආවේ රජා කියපු අඩි පාරේම තමයි... :D

    එක සැරයක් අපිත් ඔහොම ගමනක් දාගත්තා සූ එක බලන්න යන්න 13න් දෙනෙක් හිට්යා ඒත් ගමන යන දවස වෙනකොට ඉතුරු උනේ දෙන්නයි :/ ඕනේ එකක් කියල ඉතින් අපි දෙන්නා ගියා :P

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අන්න දැක්කද සැබෑ යාලුවො.. හරි වටින උදවිය.. :D

      ගොඩක් ස්තූතියි පැමිනි එකට.. :P

      Delete
    3. ඔව් ඔව් කියලා වැඩක් නෑ ඉතින් 13න් දෙනෙක්ට ගෙනාපු කෑම ගැන නම් ;)

      සතුටුයි සතුටුයි

      Delete
    4. අපරාදෙ මටත් ඉන්න තිබ්බ..:p

      Delete
  6. නිතර ලියන්න, ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. ලොකු හයියක් ජෝන් අයියා.. ස්තූතියි

      Delete
  7. ශෝටක් මොකටද කොල්ලෙක්ට නාන්න නම්... හික්ස්..ලොල්
    සුගියට බාල්දියක් ගෙනත් දුන්න නම් හරි වෙරළට වෙලා නාපාං කියල

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙපා යසිත්.. අනික සුදු අයියල අක්කල‍ත් හිටියා.. වස නෝන්ඩිය ඌට.. :P

      උබවත් සාදරයෙන් පිලිගන්නවා මතක මාවතට.. ;)

      Delete
  8. දිගටම ලියන්නකෝ එහෙනම් ... අපි එන්නම් බලන්න ...

    ReplyDelete
    Replies
    1. ටැන්කූ වේවා සහෝ.. :D

      Delete
  9. Replies
    1. කඩවත මචෝ කඩවත

      සාදර‍යෙන් පිලිගන්නවා සෑමව.

      Delete
  10. ඒ වුනාට නොදන්න තැන්වල යාලුවොත් එක්ක නාන්න ගිහින් ජීවිතේ පූජා කරපු උන් අනන්තයි සචින්. ඒ හන්දා ඌ වැරදිමත් නෑ.

    මේකට ඔය හිට් කවුන්ටර් එකක්, බ්ලොග් රෝල් එකක් හෙමත් එල්ලුවානම් මොකෝ සචින්?

    ReplyDelete
    Replies
    1. ඒ ටිකත් ගන්න ඕනෙ අයියෙ..ඒත් මං හෑන්ඩ් පෝන් එකෙන්නෙ.. මේ ටික හදා ගන්නත් ‍රජා ලොකු උදව්වක් දුන්නා

      Delete
    2. ඔව් අනන්තවත් කීයක් නම් වෙරලෙ නාන්න ගිහින් ජීවිතේ පූජ කරල තියනවද.. අයියගෙ කතාවට එකඟ‍යි..

      Delete
  11. තනියම නාන්න වුනා නේද... පෝස්ට් දිග වැඩියි කියල හිතන්න එපා.ආරම්භයේ සිට අවසානය වෙනකන් එක හුස්මට කියවන්න පුලුවන් වෙන විදිහට ලියන්න.එතකොට දිගකියන එක අවුලක් නෙවේ.
    ඔබට ජය!
    මම දුලාගේ අඩවියේ දුලා...

    ReplyDelete
    Replies
    1. අනිවා දුලා ඒ කතාව නම් සිරාම තමා.. එල එල බොහොම ස්තූතියි.. සතුටුයි මතක මාවතට ගොඩවැදුනට..

      Delete
  12. දිග !!!!!! කවුද බං දිග ගනං ගන්නේ ............. එන්න පරක්කු වුනාට සමාවෙයං ...... මේ දවස්වල ඉන්ටර් නෙට් එන්නේ පැය දෙකේ පැකෙජ් එකෙං බං .......... වැඩිය දැඟලුවොත් මටත් ලියන්න වෙයි කෙලවා ගතිමි කියලා එකක් !!!!!!!!!

    කෝ බං මේකේ ෆලෝ කරන්න ගැජට් එකක් නෑනේ ? දාපං ඒකත් ඉක්මනට

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හිතන්න එපා බං.. පරක්කු වෙලා හරි ආව එක ගැන සතුටුයි..

      ෆලෝ ගැජට් එක නෑ කියල සුවර් ද? ආයේ බලපන්.

      Delete
  13. මතක මාවතට හැරුන පලවෙනි වතාව මේ.. සිරාවට ෆලෝ ගැජට් එක නෑ නේන්නම්,මගේ එකටත් දාන්න බෑ මොකද්ද වෙලා.. :( ආයේ මතක මාවතට ආවම පා සටහන් ඉතුරු කරලා යන්නම්කො.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා.. ෆලෝ ගැජට් එක ගැන බලන්නම්.. මං 4න් එකෙන් එන හින්ද තමා ගොඩක් අතපසුවීම් වෙලා තියෙන්නෙ.. රජාගෙ උදව් නැත්තම් මං නස්තාර් වෙලා දැනටත්..

      Delete
  14. හරිම කුප්ප කතාවක් බොල :D මං ආසාවෙන් කියෙව්වේ. දිගට ම ඇවිත් යන්න එන්නංකෝ. මොනවා වුණත් මුහුදේ නානකොට පරිස්සමින්, සහෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති‍යි මචං.. අඩේ අපි කොහොමත් සැලකිලිමත් සහෝ..

      සාදරයෙන් පිලිගන්නවා මතක මාවතට..

      Delete
  15. අනේ උඹේ කුප්ප කතාව. කුප්ප තියන එකේ තේරුම වත් අඩුගානෙ දැනගන්න කියවපං රත්ගමයගෙ බ්ලොග් එක.
    දිගටම ලියමු මචං. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඒක නම් සිරා බං රත්ගමයා තුමාගෙ කතා ලඟින්වත් ‍යන්න මට බෑ බං..

      ලඟකදි ඉඳන් ඌ පෝස්ට් දානවා අඩුයි..

      Delete
  16. හි හි.. ඕක හොදයි ඒත් සිරීපාදෙ නගින්න ගිහින් මගින් බැහැපු උන් ඉන්නව කියපුවාම... හි හි හිනා යනව නේ... මටත් හිතුණ ඒ ගැන දොඩන්න දවසක

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඉතින්

      Delete