Thursday, September 19, 2013

මතක මාවත ශුද්ධ පවිත්‍ර කරමු......

   
     කස්ටිය ඉතින් කොහොමද?? කට්ටිය හොදින් ඉන්නවද?? ඔන්න ආයේ මාස 02 දවස් 18කට පස්සේ සචින් ආයෙත් මතක මාවතේ ඇවිදින්නෙක් වුනා.. උඹලට මාව මතකද මන්දා?? ආයේ එන්න ලැබුන එක ගැන නම් ගොඩක් සතුටුයි..

     උඹලාට මතක ඇති මම මේ බ්ලොගේ මුල ඉදන්ම පෝස්ට් දැම්මේ මගේ ජංගම මෙව්වා එකෙන් කියලා.. ඒ කාලේ ආසාවටම බ්ලොගේ කළා මිසක් වෙන එකෙක්වත් මං තරම් පිස්සු වැඩක් කරන එකක් නෑ.. අන්තිමටම, ඒ කියන්නේ ජූලි පළවෙනිදා දැම්ම පෝස්ටුව ගොඩක් අය දකින්න ඇති කියලා හිතුනා.. එකට ලොකු හේතුවක් තිබ්බා.. දැන් හැමදෙයක්ම විසදිලා ඉවරයි.. දැන් මං ජීවිතේ සතුටෙන් ගතකරන්න ඉගෙන ගන්නවා ටික ටික.. එතකොට මාව උබලට අඳුනගන්න පුළුවන් වෙයිද මන්දා?? හිකි හිකි..

     මගේ තිබ්බ ඩොන්ගලේ ලැප් එක වික්ක වෙලාවේ මං අම්මට විකුනන්න කියලා දීලා තිබ්බා.. අම්මා මට සල්ලිත් දුන්නා.. බලද්දී එයා ඩොග තියන් ඉදලයි මට සල්ලි දීලා තියෙන්නේ.. ලගදි මල්ලිගේ කොම්පියුටරේට මං රැම් එකක් ගහපු වෙලේ එයා මට ආයේ ඒක දුන්නා.. ඉතින් උඹලා හිතන්නේ මට මොනා හිතෙන්න ඇති කියලද?? හිතලා කියපල්ලා බලන්න..

     අන්තිමට කියන්න ඕනා මට කාවවත් අමතක වුනේ නෑ.. රජා, නිශාන්, හෙන්රි අයියා, කරූ, ධාරා, කියාගන්න බෑ, ඩ්රැකී, ජෝන් අයියා, සුමිත් අයියා, මාතලන්, ශම්මි, අටමා, යසිත් සහ එකී මෙකී නොකී අය මට එක කමෙන්ට් එකකින් හරි දිරිය දීලා තියනවා.. ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.. ඉස්සරහට අධ්‍යයන වැඩ වැඩි වුනත් කොහොම හරි පෝස්ටුවක් කොටලා යන්න එන්නම්.. නම් නොකිව්ව අය තරහ වෙන්න එපා.. උඹලව අමතක නෑ මට.. පස්සේ හම්බ වෙමු.. සුබ අනාගතයක්...!!!!!!


13 comments:

  1. දිරිය දීපු අයට අම්මගේ නමත් දැම්මනම් තමයි හොඳ. අම්ම මරු වැඩක් නේ කරලා තියෙන්නේ.

    හරිම සන්තෝසයි සචින් සතු‍ටුන් ඉන්නවා කියලා අහන්න ලැබීම. විශේෂයෙන්ම ලෝකෙ අසතුටෙන්ම ඉන්න ජාතීන් අතර අපිත් ඉන්නවා කියලා මේ ලඟදි ඔය කතාවකුත් ගිය එකේ.

    එහෙනම් උඹව මීට වඩා නිතර නිතර දකින්න ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. එල.. පලවෙනි කමෙන්ට් එකම හෙන්රි අයියගෙන්.. අයියට මාව මතක තිබිලා වගේ.

      අම්මගේ නම ඇතුල් වුනා නම් හොඳයි තමා අයියේ.. ඒත් අම්මලා අපි වෙනුවෙන් කරන දේවල් වලින් මේක බොහොම පුංචි දෙයක්.. එහෙම නේද??

      ජීවිතේ සතුට වෙලාවකට තියනවා වෙලාවකට නෑ හෙන්රි අයියේ.. එදා දුකෙන් අද සතුටෙන්.. ඒ සතුට දිගටම තියනවා නම් තවත් හොදා...

      පුළුවන් තරම් එන්න ට්‍රයි කරනවා අයියේ.. ලබන අවුරුද්දේ එක්සෑම් නිසා මේකෙම එල්ලිලා හිටියොත් අයියෝ සල්ලි තමා..

      Delete
    2. අනේ අම්මේ, විභාගෙ ගොඩ දාං හි‍ටු. බ්ලොග් කවදා ලියන්න බැරිද? උඹට පුලුවන් ඒක කරන්න පාඩම් කරලා අතරමග ඒකාකාරිත්වය නැතිකර ගන්න.

      Delete
    3. අනිවාර්යයෙන්ම අයියේ.. මගේ හිත ගත්ත කෙනාගෙත් හීනෙ මාව කැම්පස් යවන එක.. අම්මගේ හීනෙත් ඒක..

      Delete
  2. බලපං අම්මලා කියන්නෙ කෙච්චර දුර හිතන, දරුවො ගැන හිතන උදවියද කියල. මට ටිකක් දුක හිතුනා බං..

    අධ්‍යාපනේ බරටම කරපං. බ්ලොගත් ඒ අස්සෙ සතියට දෙපාරක් වත් පෝස්ටුවක් ඔබපං..

    ජය !

    ReplyDelete
    Replies
    1. එලනේ සෑමා.. දැක්ක කල් උඹව.. කොහොමද සැප දුක??

      ඒකනේ බං අම්මලා අපි ගැන කොච්චර හිතනවද නේ?? උඹට දුක හිතුනේ කොයි හරිය දැකලද??

      පුළුවන් තරම් ඉක්මනින් පොස්ට් දානවා බං.. ජය..!

      Delete
  3. මේ ඉන්නේ කොල්ලා.. ලියමු ලියමු හැකි විදියට විවේකයක් බලලා..

    ReplyDelete
    Replies
    1. එල එල.. අයියලව දැක්ක කල්.. දිගටම එන්න දැන් මේක ශුද්ධ පවිත්‍ර කළා...

      Delete
  4. මම වගේ ටික කාලෙකින් ග්‍රහ මාරුව වෙනස් වෙලා ඈවිත් වගේ. එල එල අමාරුවෙන් හරි ඇදගෙන යමු.

    ReplyDelete
  5. කොහේ අමතක වෙන්නද අන්තිමට දාපු පෝස්ටුව! මගේ ගැනත් කියල තිබ්බනේ ඒකෙ! පහු ගිය ටිකේ කොරපු රෙස්ලින් අඩව්ව දැන් කොහොමද ඈ? තව කී දවසද යකෝ තොපිට තියෙන්නේ කරපිය විබාගේ!

    ReplyDelete
    Replies
    1. කව්ද බොලේ අල්තයීර් කිව්වලු.. බලද්දී මේ අපේ කරූ නේ..

      රෙස්ලින් අඩව්වත් දැන් සුපිරියට කරන් යනවා බං.. ඒකත් ආතල් වැඩේ..

      ඔව් මාස ක් තියේ බොලව්..

      Delete
    2. කව්ද බොලේ අල්තයීර් කිව්වලු.. බලද්දී මේ අපේ කරූ නේ..

      රෙස්ලින් අඩව්වත් දැන් සුපිරියට කරන් යනවා බං.. ඒකත් ආතල් වැඩේ..

      ඔව් මාස ක් තියේ බොලව්..

      Delete