Monday, July 1, 2013

නොසිතූ සිතුම් අතර හුදකලා වූ සිතුවිලි...

කෙසේ කියන්නද මා..
සියල්ල නොසිතුනු අයුරින් විසඳී ඇත..
මැවූ සිහින බොඳවී වියැකෙද්දී..
මම මුනිවත රැක්කෙමි..
දෑස් පියාගතිමි..
එහෙත්..
නොසිතූ ලෙස මා දැවුනි..
එදා මා සිතූ සිතුම්..
කවදා සැබෑ වේවිද??
තෙවැන්නන්ට මා ද්වේශ කරද්දීත්..
ඔබ ඉදිරියේ මා..
තෙවැන්නෙකු වූ අයුරු..
ආදරය කොතරම් මායාකාරීද??
මා නිරුත්තර වුනෙමි..
මිරිඟුව පසුපස හඹා ගොස්..
හති වැටුනු මා හට..
කාගේ නම් පිළිසරණක්ද??
ප්‍රේමය මෙන්ම..
විරහවද..
එකම කාසියක දෙපැත්තක් බව..
වටහාගතිමි..
නොලැබුනු සෙනෙහස..
අන් හදකට හිමිවනු දැක..
මා අසරණ විය..
නමුත්..
කුමක් කරන්නද??
ඒක පාර්ශ්වික ප්‍රේමය උතුම් වූවද..
අසම්මත මිම්මකි..
ඔබේ ආදරය අන්සතුය..
කෙතරම් අවංක වූවත්..
මගේ නොපෙනෙන ආදරේ..
අඩ මස්සක් තරම් හෝ..
ඔබට නොවටිනා බව පසක් විය..
තවත් මා කුමක් කරන්නද??
මගෙන් පලක් නැත..
මන්ද..
මම අවලංගු කාසියක්මි..
ඉතින්..
පිළිගන්න සුබපැතුම් මා..
ඔබගේ දිවියට..
සදා වාසනා..!!

ප.ලි
අපි හැමෝම ආදරේ කරනවා.. අපි හැමෝම අපි ආදරේ කරන කෙනා ගැන ගොඩක් හීන මවනවා.. ඒත් අපි ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට අයිති නම්, අපිට මොනවා හිතෙනවා ඇතිද?? මාත් කෙනෙක්ට ආදරේ කළා.. එයා ගැන ගොඩක් හීන මැවුවා.. ඒත් ඒවා ඉපදිලා බොහොම ඉක්මනට මැරිලා ගියා.. ඒ එයා වෙන කෙනෙක්ගෙ උරුමයක් හින්දා.. මට දැනුනෙ මගෙ ජීවිතේ කවුරුහරි මගෙන් උදුරගෙන ගියා වගෙයි දැනුනෙ.. ඒ ගැන හිතද්දි එයාව මතක් වෙන්න මං කවි, නිසඳැස් ලියන්න ගත්තා.. මේ මගේ දෙවෙනි නිසඳැස.. මට පෙනුන විදීහට නම් නිසඳැසක්.. නිකන්ම නිකන් නිසඳසක්නෙමෙයි.. මගේ ආත්මීය හැඟීම් සේරම එකට එකතු කරලා ලියපු නිසඳසක්.. මේකෙ හැම වචනයක් ගානෙ මමයි මගේ ආදරෙයි ජීවත් වෙනවා.. හැම වචනයක් ගානෙ මං විඳවනවා..

හිතට දැනුනා නම් කියන්න.. විහිලුවක් වගේ පෙනුනා වුනත් කමක් නෑ.. කියන්න.. දෑස් කඩතිර හැර බලන්න කියලා අපේ කරූ කියනවා වගේ බලන්න.. එයා ලැබුනත් නැතත් මං ලියනවා.. ජීවිත කාලෙම හරි..

ලහිරු සචින්ද(සචින්)

18 comments:

  1. හ්ම්ම්, උඹේ නිසඳැස දැක්ක ම කමෙන්ටුවක් නොදා යන්න හිතුනේ නෑ බං. ඒත් ඉතින් කියන්න දේකුත් නෑ. මිනිස්සුන්ගේ හිත් හරි ඉක්මනට වෙනස් වෙනවා. ඔයාටත්, මටත්, එයාටත්, අනිත් හැමෝටමත් එහෙම තමයි. ඒක නතර කරන්න බැහැ අපිට. කාලයත් එක්ක අලුත් හීන එනවා හැම ජීවිතේකට ම . . . දීර්ඝ වස්සානයයෙන් පසු ව එළඹෙන වසන්තය අතිශය සුන්දර යි!

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. කතාව ඇත්ත.. කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා.. ඒත් මේ වුන දේ මට හීනයක් වගේ..

      මොනා වුනත් උඹ අර අන්තිමට කිව්ව දේට නම් මං ගොඩක් කැමතියි.. මාත් බලන් ඉන්නෙ ඒ වසන්තෙ මගේ ජීවිතේටත් ලං වෙනකල් බං.. :(

      Delete
    2. මේ දාල තියෙන පින්තූරේ උඹේ ආට් එකක් ද බං? අනේ, යකෝ, උඹත් ළහිරු ද? දැන් නං ළහිරුලා වැඩි බොලව්!

      Delete
    3. අනේ නෑ බං මට මේක හොයලා දුන්නෙ ගූගල් දෙයියා.. පට්ට නේද ඒක??

      මාත් ලහිරු තමා බොල ;)

      Delete
  2. කෙහෙම්මල ආදරේ කියලා දෙයක් නෑ බං ගනු දෙනු විතරයි තියෙන්නේ. ඔය මගුල් අමතක කරලා ලියපං දිගටම.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් ඇත්තක් තියනවා නේද නලින් අයියෙ?? එල එල

      දිගටම ලියන්නම්කො..

      Delete
  3. මේ දුක දන්නේ දුක වින්ද කෙනෙක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.. ඒ කතාවට මං එකඟයි.. කෙනෙක්ගෙ තුවාලයක් තියනවා කියලා හිතමුකො.. අපිට පේන්නෙ ඒ තුවාලෙ තරම විතරයි.. ඒත් තුවාලෙ තියන එකානෙ බං දන්නෙ ඒකෙ වේදනාව.. ඒ වගේම තමා මේකත්.. ඒත් මේක ඊට වඩා බරපතලයි බං.. මොකද මේක හිතේ ඇතිවෙච්ච තුවාලයක්නෙ..

      Delete
  4. ඔය වගේ අත්දැකීමක් අමතක වෙනවා කියන එක බොරුවක්. ඒක මතකේ තියෙනව. නමුත් වේදනාව දැනෙන ප්‍රමාණය ටික ටික අඩු වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත තමා ඩූඩ් අයියෙ.. ජීවිතේ හැටි ඔහොම තමා.. මොනා කරන්නද ඉතින්??

      Delete
  5. ආ.........බ්‍රෝකන් හාට් ඈ???
    හොදා හොදා :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ොව් බං.. මක් කොරන්නද?? :(

      Delete
  6. කාලෙකට පස්සෙ ගොඩවැදුනා බං බ්ලොග් එකට ...... දැං නිදිමතයි පස්සේ කියවන්නං ඇ ...!! රෑ වෙලානේ බං

    ReplyDelete
  7. හත්තිලව්වයි මෙන්න මමත් ඉන්නවා මේකේ!! කාලෙකින් බ්ලොග පැත්තේ කරක් ගැහුවේ නෑ මලයා මොකද මට මාර බ්ලොග් කියවීමේ තිබහක්නේ තියෙන්නේ,ඉස්සර වගේ කියව කියවා ඉන්න ගියෝතින් මම පේල් වෙලා තමයි ඕ0 නවතින්නේ විබාගේ.. ඒ හින්ද අමාරුවෙන් ඉවසා වදාරෙගෙන ඉන්නවා..

    කෙල්ලොද? කෙල්ලෝ ඔක්කොම ඔහොම තමයි මල්ලි නම් විතරයි වෙනස් :) කාට කාටත් එක පාරක් හරි ඔහොම පොල්ලක් සෙට් වෙනවායි මලය, ඕක අම්බානකට රිදෙන්න සෙට් වෙන තරමට හොඳයි මොකද පොලු පාර කාපු ගමන් රිදෙනවා වැඩි වුනත් පස්සේ කාලෙක හොඳ අත්දැකීමක්.. :) තව තව ඔය වගේ ඒවා උඹේ අතින් ලියවෙන්න විතරක් නෙවේ, ඉස්සරහට වෙන්න තියෙන දේවල් පාලනය කරගන්නත් හොඳ පිටුවහලක්.. දුක් වෙන්න එපා, හැමදාම රඹුටන් අවාරේ හිටින්නේ නෑ ;)ජය වේවා ඔන්න.. තව තව ලියපන් හෙට අනිද්දා නැතත් මේ "කරුමේ" ඉවර කරාට පස්සේ මැරෙන්න කලින් කොහොම හරි එනවා අතපහු වුන බ්ලොග් පොස්ට් කියවලා යන්න..

    ReplyDelete
    Replies
    1. අඩේ මාර දිග කොමෙන්ටුවක්නෙ බං.. සිරා කතාව බුද්ධි.. බලමු බලමු.. අපිටත් දවසක ෛර පායයිනෙ.. ලිවිල්ල ගැන ෛස්සරහට බලමු බං..

      Delete
  8. අනේ මන්ද මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ. කොහොමත් ගොඩක් වෙලාවට සිද්ද වෙන්නේ අපිට ඕන දේම නෙමෙයි. ඒ නිසා දුකෙන් හරි අපිට ඒ සත්‍යට මුන දෙන්නම වෙනවා.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම සමනළී.. ජීවිතේ හැටිනෙ.. මක් කොරන්නද ෛතින්???

      Delete