මේ ලඟකදි මට මුහුණ පාන්න වුන අත්දැකීමක් ගැනයි මං කියන්නෙ.. ඇත්තටම මට පොලීසිය කියන තැන එපා වුන සිදුවීමක්..
හරි කතාවට යමු නේද එහෙනම්....
අර මං කලින් පෝස්ට් එකකදි කිව්ව අවුරුදු උත්සවය ගැන කට්ටියට මතක ඇති සමහරවිට.. අන්න ඒකෙ වැඩ ටික කරන්න ගිය දවසක මගෙ පර්ස් එක නැති වුනා.. මගෙ හැඳුනුම්පතයි, ස්විමින්ග් මෙම්බර්ශිප් කාඩ් එකයි, ගෙදර අමතර යතුරයි වගේ තව වටින දේවල් වගයක් තිබුනා.. ඉතින් ආයෙ කොහෙන් කියලා හොයන්නද? හොයලා හොයල බැරිම තැන මං ගෙදර ගියා යාලුවෙක්ගෙන් සල්ලි ඉල්ලගෙන..
මං ටික දවසක් බැලුවා එක්කො මොකාහරි පර්ස් එක තැපෑලෙන් හරි එවයි කියලා.. ආතල් එකට මොකාහරි හැන්ගුවා නම් මෙලහකටත් ඕක මගෙ අතේනෙ.. පස්සෙ බැරිම තැන මං ග්‍රාම සේවක ගාවට ගියා හැඳුනුම්පත ගැන පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න කියලා ලියුමක් ගන්න.. එතන ගිහින් බලාගෙන ඉඳලා ඉඳලා අන්තිමට උගෙන් බැනුනුත් අහගෙන ලියුම ගෙනාවයි කියමුකො.. දැන් යන්න ඕනෙ පොලීසි..
පහුවෙනිදා උදේ මං ක්ලාස් ගිය වෙලේ අම්මලා ගිහින් පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. ගිහින් එතන පැයක් විතර බලන් ඉන්නවලු.. ම්හූ.. තාම ප්‍රතිචාරයක් නෑලු.. ඊට පස්සෙ තව පැය භාගෙකින් විතර අම්මලට කතා කරාලු.. අම්මලා එතන සිද්ධිය කියන්න ගියාම උන් අම්මලට බැනලා අයිඩෙන්ටියෙ අයිතිකාරයා නැතුව මොනා කරන්නද කියලා.. අපරාදෙ කාලෙ.. තාත්තා ගෙදර ඇවිත් තියෙන්නෙ මල අතේ අරගෙන..
පස්සෙ මං ගෙදර ආවම අම්මා මට සිද්ධිය කිව්වා.. ඒක අහලා මටත් මල.. ඇයි යකෝ.. හරි මගුලක්නෙ.. පස්සෙ මායි තාත්තයි හවස පොලීසියට ගියා..
ගිහින් බලන් ඉන්නව ඉන්නව තාම අපිට කතාකලේ නෑ.. ඔන්න පැයකින් විතර අපිට කතාකලා.. සිද්ධිය කිව්වට පස්සෙ මූ පොත හොයන්නයි කාබන් කොල හොයන්නයි වටේ යනවා.. තව ටික වෙලාවක් අපිට කට්ට කන්න වුනා.. ඔන්න දැන් මූ එක එක මගුල් දාල පැමිණිල්ල ලියලා ඉවර වෙලා කියනවා ඒකෙ රිපෝට් එක ගන්න හෙට 4ට කලින් එන්නලු.. තවත් රස්තියාදුවක්..
ඔන්න පහුවදා තාත්තා ගියා රිපෝට් එක අරන් එන්න කියලා.. තව පැයකින් විතර තාත්තා එනවා තරහෙන් පුපුර පුපුර..
"මම - ඇයි තාත්තෙ??"
"තාත්තා - අනේ බං උබේ අයිඩෙන්ටියක් නිසා මං මාර කට්ටක් කෑවෙ.. අර ඊයෙ ඇන්ට්‍රිය ලියපු එකා ගාවට ගියාම ඌ කිව්වා ඌ නෙමෙයි රිපෝට් දෙන්නෙ වෙන තැනකට යන්න කියලා.. ඒ -රියා ගාවට ගියාම තව -ත්තිගෙ පුතෙක් ලඟට යන්නලු.. බැරිම තැන මං උන්ට බැනලා රන්ඩුත් වෙලයි මේක ගෙනාවෙ.. මීට පස්සෙවත් සිහිකල්පනාවෙන් වැඩ කරහන්"
ඔන්න දැක්කද ශ්‍රී ලංකා පොලීසියෙ සේවය.. ඇඬෙනවා නේද?
ප.ලි
කලින් පෝස්ටුවෙදි සුමිත් අයියා කියල තිබ්බ කතා 2ක් අතර ෆොන්ට් කල්ර් වෙනස් කරන්න කියලා.. ලොකු ජෝන් අයියා කියලා තිබ්බා පෝස්ට් එකේ අකුරු ලොකු කරන්න කියලා.. ඉතින් මගෙ අඩුපාඩුව පෙන්නලා දුන්න එක ගැන ඒ අයියලාටත්, මගේ ඒ අඩුපාඩු හදාගන්න උපදෙස් දුන්න ඩූඩ් අයියටත් ගොඩක් ස්තූතියි කිව්වා එහෙනම්.. ජය වේවා!!!
!!!
ReplyDeleteසචින් මලයා මේ පෝස්ට් එක කියවන්න අමාරුයි.. පාට ඉවත් කරපං මලයා.
ReplyDeleteඉවත් කරන්නෙ කොහොමද අයියෙ??
Deleteපොලීසිය නම් .... අනේ මන්දා
ReplyDeleteඅනිවා බං.. පිස්සු -ත්තලා..
Deleteසචින් සුමිත් කිව්වේ මම හිතන්නේ කතා දෙකක් අතර තියෙන වාක්‍ය ඛණ්ඩයේ පාට ගැන. කතා දෙකක් අතර නෙවෙයි :මෙන්න මේ වගෙ.
ReplyDelete>>ඔන්න කතාව නම් ඉවරයි.. කෙල්ලට මොනා හිතුනද කියන එක ඔයාලම තීරණය කරන්නකො.. මට නිකන් පෝස්ටුව දිග මදි වගේ.. ඒ නිසා තව කතාවක් දාන්න හිතුනා.. මේක කෙහෙල් වලට සම්බන්ද නෑ.. ඒත් කලිසම් වලට සම්බන්ධයි.. :ඩී<<
නලීන් කියනවා වගේ මේකෙ කලු,දම් රතුපාට වල් පේනවා,
කොළ කහ නිල් කියවන්න අමාරුයි. මමත් සිලෙක්ට් කරලා බැලුවේ.
උඹ කරන්නම ඕනෙ වැඩේ ගෙදර ලොක් එක මාරු කරන එක. ඒක වියදම් වැඩි නිසා ඕනෙනෙම ඒ බැරල් එක විතරක් ගන්නත් පුලුවන් යතුරු සෙට් එකක් එක්ක. ඕක දාපස් ගෙයි ඇතුලෙ කාමරේකට. ඇයි කියලා දන්නවනේ. ඒක ඔය නැති වෙච්ච ඔක්ක්ටම වඩා වැදගත්. හරි නම් මේක උඹලට කියන්න ඕනෙ පොලීසියෙන්.
මමත් පොලිස් කතා කීපයක්ම ලියලා තියෙනවා සචින්.
මාවත් මතක් කලාට ස්තුතියි සචින්. දිගටම ලියමු.
.
ටැන්කූ ටැන්කූ අයියෙ.. වැරදි ටිකත් ඉස්සරහට හදාගෙන දිගටම ලියමු.. එල එල
Deleteපාට පාට අකුරු දැම්මම කියවන්න අමාරුයි මචන්,සයිස් එකනම් අවුලක් නැහැ!
ReplyDeleteඕවා ඔහොම තමා බන් මට නම් පොලිස් *රියෝ පෙන්නන්න බැහැ ඔය *රියෝ ඔක්කොම එකයි!
අනිවා අනිවා නිශාන්.. පිස්සු -ක්කු..
Deleteකොයි පාට දැම්මත් කහ පාට නම් දාන්න එපා මලයෝ.මම බෝම අමාරුවෙන් කියවගත්තේ.. පොලෝසිය ගැන නම් කතා කරලා වැඩක් නෑ,මගේ අත්දැකීමුත් ඔයිට දෙවෙනි නෑ පොලෝසිය ගැන.. අර ඉරාජ්ද කව්ද එකෙක් කියන සින්දුව එහෙමත් අහල ඇතිනේ ;)
ReplyDeleteඔව් ඔව් කරූ අහල තියනවා.. කවදාවත් වැඩක් කරගන්න පුලුවන් ජාතියක් නෙමෙයි මුන්..
Deleteලා පාටවල්, දිස්න පාටවල් දාන්නෙ නැතුව, තද පාටවල් සීතල පාටවල් දාපන්. ඒ වගේම, තමන්ට හයිලයිට් කරන්න ඕනෙ දේ විතරක් පාටවලින් කරපන්. හැම එකකටම එක එක පාටවල් දැම්මම නිකං තොරණක් වගේ වෙයි.
ReplyDeleteෆෝන් එකෙන් නෙ කරන්නෙ. උඹ කරන්නෙ අමාරු දෙයක්. ජය වේවා!
පොලිසිය ගැනනම් ඉතින් කියනුම කවරේද? මගෙ තියෙනවා කතා කලෙක්ෂන් එකක් උන් ගැන. තව ටික කාලෙකින් පබ්ලිෂ් කරනවා.
අනිවා මචං ඩ්රැකී.. මං පෝස්ට් එක දාද්දි ඒ ගැන හිතුවෙ නෑ බං.. මං ලස්සනටත් එක්ක දැම්මා.. :ඩී
Deleteමේකේ පාටවල් පෙන්නේ නැහැ බං. වහාම වෙනස් කරහං. නැත්තං හරියට කියව ගන්න බැරි වෙයි. ලංකාවේ පොලිසිනේ. ආයේ ඉතින් අහන්නත් දෙයක් ද?
ReplyDeleteකොහොමද බං වෙනස් කරන්නෙ ඉතින්??
Deleteblogger dashboard postsවලට ගිහින් මේ post එකට යටින් තියෙන edit button එක select කරන්න. ඊට පස්සේ ආයෙත් සැරයක් පාට මාරු කරලා update කරන්න. එතකොට හරි යනවා.
Deleteටැන්කූ මචෝ.. ට්‍රයි කරලා බලන්නම්..
Deleteඅද තමයි යාලු මෙහෙට ආවේ ..වැරදි නම් හැමෝම පෙන්නලා දුන්නනේ ..පොලිසිය ගැන පැහැදීමක් තියෙන්නේ ඉතින් කාටද යාලුවා ...
ReplyDeleteඅනිවා රෙහානි.. ඒ කතාව ඇත්ත..
Deleteදිගටම මේ පැත්තෙ ඇවිත් යන්න එන්න යාලු... :ඩී