Tuesday, May 28, 2013

මඤ්ඤොක්කා සමග සචින්ගේ ආතල් ගමනක්........

     ඔන්න වෙසක් මංගල්‍යයත් ආවා.. දන්සැල්වල ගිහින් ගිහින්ම මට හොඳටම මහන්සියි.. මං කතෝලිකයනෙ ඉතින් ඒ හින්දා වෙසක් සමරන්නෙ නැති වුනාට දන්සැලක් පැත්තෙ යනවමයි.. මොකද ඒ තරම් ආතල්  කාලයක් එන්නෙ ආයෙ පොසොන් වලනෙ..

     ඔයගොල්ලො අහලා ඇතිද කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය?? ඒ මං ශිෂ්‍යත්වය කරන කාලෙ ගිය ඉස්කෝලෙ.. ශිෂ්‍යත්වෙ පාස් වෙලා මං බණ්ඩාරනායකයට ගියානෙව(අනේ වාසනාවන්)


     ඉස්කෝලෙ 22වනිදා පෙරහැරක් තිබ්බා.. ඉතින් මමත් සෙට් වෙලා කොල්ලො ටිකදෙනෙක් එක්ක ආවා ඒ පැත්තෙ..ටිකක් වෙලා ගියා.. මෙන්න බොලේ පරන යාලුවො උඑහෙලියො සේරමල්ලා ඉන්නවා.. අඬෙනවා නෙව.. ඔන්න ඉද්දි ඒ කාලෙ මගෙ හොඳම යාලුවෙක් වෙලා හිටිය එකෙක් කිව්වා උන්ගෙ ගෙදර ගිහින් පහුවදා පලයන් කියලා.. මමත් ඔන්න හා කියලා දැන් කොල්ලො 3ක් 4ක් සෙට් කරන් පෙරහැර ඉවර වුනාම එතන තිබ්බ බත් පාර්සල් වගේකුත් අරන් අරුන්ගෙ ගෙවල් පැත්තට ඇද්දුවා.. ඔන්න ගිහින් කාලා බීලා නිදාගත්තා..

     වෙනදා වගේම පහුවදාට එලිවුනා.. යාලුවා මට යෝජනාවක් ගෙනාවා(උගෙ නම අමිල කියමුකො) උන්ගෙ පැත්තෙ දෙනවලු මඤ්ඤොක්කා දන්සලක්.. මගෙන් ඇහුවා මඤ්ඤොක්කා ගේන්න යමුද කියලා.. මමත් කාලා  බීලා වැඩේට එන්ටර් වුනා..

     අපි මඤ්ඤොක්කා ගේන්න යන්න සෙට් වුනේ දෙකටන පැත්තට.. ඇත්තටම මේ වෙලාවෙ ලොරිය ඩ්‍රයිවින් කරපු එකා ගැනත් කියන්නම එපයි.. ඌට ලයිසන් නම් තිබ්බෙ නෑ.. ඒත් සුපිරි ඩ්‍රයිවින්.. ඌ පොඩිම පාරක වුනත් ලොරිය රිවස් කරල හැරෙව්වෙ කිසිම ගේමක් නැතුව(මෝස්ට් වෝන්ටඩ් එකේ අපි කාර් හරවන විදිහ වගේ) කොයි තරම් හොඳට ඩ්‍රයිව් කලාද එහෙම කියනවා නම්. ඌ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනා නූලෙන්.. ඒ තරම්ම පට්ට ඩයල් එක..

     අපි පාරෙ ඉන්න ඈයොන්ට කොලොප්පන් කර කර දිගටම ඉස්සරහට යනවා.. ඒ අස්සෙ අපිට පාර වැරදිලා.. අපි එක්ක හිටියා අවිස්සාවේල්ල පැත්තෙ බුවෙක්.. උගේ නම සුරේෂ් කියමුකො.. මූට නහුතෙටම මල පැනලා දැන්.. මූ ඩ්‍රයිවර්ගෙ පලු අරිනවා තියාගෙන.. අපිට හිනා මූ බැන්න විදිහට..

"මොකාද යකෝ මේ ගොන් -රියා.. මොන -ත්තිගෙ කොල්ලද මූට එලවන්න දුන්නෙ.. යකෝ හිමින් පල්ල -න්නයො මාව වැටෙයි.. ආයෙ නම් මේ වගේ -ස කොල්ලොත් එක්ක කොහෙවත් යන්න එන්නෑ.."

     අනේ පව් ඩ්‍රයිවරයත් ඔහේ අහගෙන හිටියා.. සුරේෂයා හොඳටම අනුමත වෙලා හිටිය නිසා ඌ ගේමට එන්න නැතුව ඇති.. ඉතින් අපි ඉදිරියටම යනවා.. අපිට පාර අහගන්න ඕන නිසා ඔන්න කඩයක් ගාව නැවැත්තුවා.. අපේ මේනකයා කඩේ එකාට කතා කලා..

"මේනක - අයියෙ මේ ලුණුගම පීල්ලට යන්නෙ කොහොමද??"
"කඩේ අයියා - ඇයි මල්ලි නාන්නද??"
"සුරේෂ්  - මුගෙ අම්මට -කන්න -ත්තිගෙ පුතා.. යකෝ පීල්ලට යන්නෙ නාන්න විතරද??"(වෙලාවට අරූට ඒක ඇහුනෙ නෑ..)

     කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න අපි ගිය පාරෙම හැරිලා ටිකක් දුර ඇවිත් අතුරු පාරක යද්දි මෙන්න අපට ඕනකරන බුවා බලන් ඉන්නවා.. ඌ තමා වැඩේ බ්‍රෝකර්..

"බ්‍රෝකර් බුවා - අයියෝ මල්ලි මොකෝ බං පරක්කු?? කිව්වනම් මං මගට ඇවිල්ල ඉන්නවනෙ.."
"සුරේෂ් - උඹේ අම්මට -කන්න -රියො ඕක තෝ දැන්ද කියන්නෙ -කෝ.. තොට මගට ඇවිත් ඉන්න තිබ්බනෙ කියවන්නැතුව.."
"අමිල - මේ පිස්සු කෙලින්න එපා යකෝ කට වහගනින්.. තොගෙ කියවිල්ල නිසා අපිට පිට ගමකින් ගුටිකන්න බෑ ඔන්න.."
"මේනක - අඩෝ මේ මුන් අපිට ගහන්න ආවොත් මං නම් දුවනව උඹලා ඕන මගුලක් කරගනිං.."
"සුරෙෂ් - අඩේ මෙහෙමත් -න්නයො ටිකක් එක්කනෙ මං ආවෙ.."

     මග දිගට යනකල්ම උගේ කියවිල්ල ඉවරයක් නෑ.. අපිත් දැන් නෑහුන ගානට යනවා..

     ඔන්න අන්තිමට අපි මඤ්ඤොක්කා කොරටුවට ආවා.. කට්ටිය හරි හරියට ගස් පිටින්ම මඤ්ඤොක්කා ගලවනවා.. අල ගලවගන්න වැඩේ සුරේෂයා කලේ.. එතනට ගිහිනුත් මුගෙ හරි කියවිල්ල..

"බලහං අයියෙ මුං මෙච්චර ගොඩක් ආවට එකෙක්ටවත් බෑනෙ වැඩක් කරන්න.. අන්න ඒකට අපි.. අපි වැඩකට අතගැහුවෙ නැත්තම් මුංට ඇපත් නෑනෙ.. අපි නම් දන්සල් කීයක් දුන්නද.. ඒකට මුං......."

"මලීෂ - අනේ මන්දා බං මේ -න්නයා කරන වැඩකුත් නෑ බොරු කයිවාරු විතරයි.. මූ දෙන දන්සල්"

     ඔන්න ඇති යන්තම් කිලෝ 250 හරි.. බලද්දි මෙච්චර දුර ඇවිල්ලත් මුන් ගාන කතාකරන් තියෙන්නෙ රුපියල් 32 ගානෙ.. මොනා කරන්නද?? අන්තිමට රුපියල් 8000ක්ම ගෙවලා මඤ්ඤොක්කා ටිකත් අරන් අපි ගෙදර බලා ආවා..



     දන්සල නම් හොඳට කෙරුනා.. මමත් ඒ පැත්තෙ ගියා.. නියමෙට මඤ්ඤොක්කා හදලා තිබ්බා.. කාලා බීලා මමත් ගෙවල් බලා ආවා.. :ඩී

ප.ලි
මේක මං 25වෙනිදා දාන්න හිටිය පෝස්ටුව.. විවිධ හේතු නිසා පබ්ලිශ් කරන්න කල් ගියා..

ඒ වගේම මම 24 නිශාන්ලගෙ දන්සල පැත්තෙ ගියා.. අපරාදෙ කියන්න බෑ එල කොල්ලො ටිකක් හිටියා.. කෑම ටිකත් සුපිරි.. ඒ වගේමයි නිශාන් උඹේ තිබ්බ සුහද ගතිය මගෙත් හිතට ඇල්ලුවා.. අපේ අම්මලත් කිව්වෙ හරි හොඳ කොල්ලෙක් කියලා.. ඉතින් උඹලට මේ වගේ තවත් පොදු වැඩ කරන්න ශක්තිය, ධෛර්‍ය, වාසනාව ලැබෙන්න ඕනෙ කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා... ජය ශ්‍රී!!!!!!

20 comments:

  1. හොඳට විනෝද වෙලා තියෙන හැඩයි කොල්ල.. මං එත් බැලුව මොකෝ මේ මාවත පැත්තේ නැත්තේ මූ කියල.. නිකමට හිතුන කූඩුවක් වත් ගහල ඇති කියල.. අපිත් එක්ක අත්දැකීම බෙදාගත්තට ඉස්තුතියි.. :D

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනා අහනවද බං.. එලටම විනෝද වුනා.. අපරාදෙ උඹටත් ‍යන්න තිබ්බා..

      මාවත නම් අමතක නෑ බං.. පෝස්ට් දාන්න කම්මැලිකමේ හිටියෙ.. කූඩු ගහන්නත් බැරි වුනා.. ඒත් ගොඩක් පැතිවල ඇවිදින්න නම් ගියා බං.. :ඩී

      Delete
  2. මේ ලියල තියන විදියෙන් නං පොඩි එකෙක් වෙන්න බැ.. මේකා තාත්තෙක්.යකෝ මෙච්චර කරලා දුන්නේ කිලෝ 250 ද බං. අපේ ගමේ දුන්නනේ කිලෝ 2400ක්ම. අපි ගත්තේ කිලෝව 30 ගානේ.
    ලියවිල්ල රහයි බං දන්සලට වඩා.

    ReplyDelete
    Replies
    1. අයියත් පිස්සු කතා කරනවනෙ.. ඒ කිලෝ 250 ගලවන්න ගිහින්ම අපේ හොඳ පණ ගියා.. කිලෝ 300ක් ගන්න ආපුු උන් අරන් ගියෙ මෙච්චරයි..

      අනේ අපි නම් ලොකු මිනිස්සු නෙමෙයි අයියෙ.. මං තාම සුට්ටි කොලුවනෙ.. තාම 17යි.. :ඩී

      ලිවිල්ල ගැන කරපු ප්‍රශංසාවට ගොඩක් ස්තූතියි අයියෙ.. ජය ශ්‍රී!!!!!!!!

      Delete
  3. මමත් මඤ්ඤොක්කා දන්සැලකින් කෑවා පූගොඩ වෙල මැද්දෙදි, ගිය අවුරුද්දෙදි. තාම මතකයි ඒ රහ!

    ෆෝන් එකෙන් පෝස්ට් දාන්න මාර කට්ටක් කන්නේ නේද සචින්? එතකොට ෆෝන් එකේ සිංහල තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. එල එල ආ.. එහෙනම් ඩූඩ් අයියත් දන්සලක මඤ්ඤොක්කා වල රස දන්නවා.. අහන්නත් සතුටුයිනෙ..

      අපොයි ඔව් අයියෙ.. මං බ්ලොග් ලියන්න ආස නිසාම දානවා මිසක්.. මේකෙ සිංහල නම් නෑ.. ඇන්ඩ්‍රොයිඩ් එකක් තියෙන්නෙ.. සෝනි එක්ස්පීරියා එකක්.. සෝනි වල සිංහල සපෝට් නෑ.. ගැලැක්සි වල නම් අලුත් සොෆ්ට්වෙයාර් එකේ සිංහල තියනවා.. මේවට නෑ..

      මං සිංහල ටයිපින් ඇප් එකක් ගත්තා හෙලකුරු කියලා.. ඒකෙන් තමා ටයිප් කරන්නෙ.. බ්ලොගර් මොබයිල් එකෙන් පෝස්ට් ලියනවා.. සිංහල සපෝට් ඔපෙරා මිනි එකේ.. ඒකෙන් බ්ලොග් කියවනවා.. ඒත් ඒකෙන් කමෙන්ට් දාන්න බෑ.. ක්‍රෝම් මොබයිල් එකෙන් කමෙන්ට් දාන්නෙ.. ඉතින් අයියම හිතලා බලන්නකො මං කන කට්ට.. :ඩී

      Delete
    2. මලයෝ උඹට වෙනම තෑග්ගක් දෙන්න ඕනා මේ කන කට්ටට.. :D එල කොල්ලෙක් නොවෑ.. :D

      Delete
    3. අඩේ මාර සතුටුයි බං මට තෑග්ගක් දියංකො.. :ඩී මං කන කට්ට ගැනත් පෝස්ටුවක් දාන්න වටිනවා..

      Delete
    4. උඹට සීනි ගොඩක් දාල ප්ලේන් ටී එකක් අරන් දෙන්නම් සෙට් උන දවසක ලගම තේ කඩේකට ඇදන් ගිහින් :D

      Delete
    5. මාරයිනෙ.. එල ආ...

      Delete
  4. මං ඊයේ රැ දාපු කමෙන්ට් එක කෝ ස්පෑම් එකේ බලන්න.

    ReplyDelete
    Replies
    1. හරි අයියෙ මං ඒක හරිගැස්සුවා.. එල එල

      Delete
  5. මමෙදා සැරේ මට නම් දන්සැල් කන්න ලැබුනේ නෑ :/

    ReplyDelete
    Replies
    1. අයියෝ ඇයි ශම්මි ඒ?? අපරාදෙනෙ.... :/

      Delete
  6. එළ ට්‍රිප මචං. මට හොඳ පරිප්පුවක් සෙට් වුනා ගෙදර වැඩ කරන බාස්ලගෙන්. යන්ඩ තියා කෝල් එකක් දාන්ඩවත් හම්බුන් නෑ. ලබන සැරේ වත් ට්සෙට් වෙමු.

    ReplyDelete
    Replies
    1. අපරාදෙනෙ මචං.. එල එල ඊලඟ පාර සෙට් වෙමු..

      Delete
  7. අපේ පන්තියේ සෙට් එක දුන්නා බං පැණි කොමඩු දන්සලක් පෝය දවසට පස්සේ දවසේ. එළට නැගලා ගියා. අන්න දන්සල් :) දවස ම හි‍ටගෙන ඉඳලා කකුල් දෙකට හොඳ ගණන්. ඒ මදිව‍ට දන්සල් තියෙනව ද කියලා බලන්න නුගේගොඩ ඉඳලා මහරගමට ම පයින් ආවේ. කොහෙද අපි එනකොට දන්සල් ස්ටාර්ට් කරලා නැහැ. අන්තිමට යාළුවෝ සෙට් එකට අපේ ගෙදර තමයි දන්සල දුන්නේ . . . හී හී :D

    ReplyDelete
    Replies
    1. අඩේ ඇයි බං මට ඒ ගැන කලින් කිව්වෙ නැත්තෙ?? කිව්වනම් ඔය පැත්තටත් ඇවිත් ‍යන්න එනවනෙ.. අයියෝ...... කමක් නෑ. කමක් නෑ..

      Delete
  8. දන්සල් කීවහමත් ටිකක් පිස්සු වගේ බන් හී..........

    ReplyDelete
    Replies
    1. ඔව් බන් කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නෑනේ..

      Delete