Monday, May 13, 2013

බිඳුනු පෙම....

මේ ලෝකෙ ජීවත් වෙන හැම කෙනෙක්ටම සතුටුදායක වගේම දුක්ඛදායක අත්දැකීම් ලැබිලා තියනවා.. සමහර අයට ඒ දුක දරා ගන්න පුලුවන්, ඒත් තවත් සමහරෙක්ගෙ ජීවිතයම නැති කරලා දාන්න ඒ දුක ප්‍රමාණවත් වෙන්න පුලුවන්.. උදාහරණයක් විදිහට මාවම ගත්තොත් මගේ ජීවිතේ ගෙවුනු අවුරුදු 18ට මං ලබපු අත්දැකීම් ගැන හිතල බැලුවොත් මම සතුටට වඩා දුක් විඳපු කොල්ලෙක් කියලයි මට හිතෙන්නෙ.. ඒ ගෙවුන අත්දැකීම් අතරින් අද මං අරන් ආවෙ කාලයක් මගෙ ජීවිතේට වද දුන්න, තාමත් ඒ සිදුවීම නිසා පීඩා විඳින අත්දැකීමක්.. මේ කතාව කෙනෙක්ට විකාරයක් වගේ වෙන්න පුලුවන්.. නමුත් මට ප්‍රශ්නයක් නෑ.. මොකද මම හැම කෙනාගෙන්ම හොඳ අහන්න නෙමෙයි මේ දේවල් ලියන්නෙ.. ඔබේ ඕනම විවේචනයක්, යෝජනාවක් මම සතුටින් භාරගන්නවා.. එහෙනම් කතාවට යමු නේද?? :ඩී

    එයාව මම මුලින්ම දැක්කෙ බුකියෙ වෙන යාලුවෙක්ගෙ පොටෝවකට කමෙන්ට් කරද්දි.. මම නිකමට වගෙයි එයාට රික්වෙස්ට් කලේ.. පහුවදා එයා මාව අනුමත කරල තිබ්බම මට අමුතු හැඟීමක් දැනුනා.. එයාට මං හායි කියලා මැසේජ් එකක් දැම්මා.. එයත් මට පිලිතුරු එව්වා.. එදායින් පටන් ගත්ත චැට් එක ඉවර වෙද්දි එයා කාගෙ කවුද? අනං මනං සේරම දැනගෙන ඉවරයි.. එයා නංගි කෙනෙක්.. මට වඩා අවුරුදූ 3ක් බාලයි(මගෙ මල්ලිගෙ වයසෙ) ගම්පහ නගරෙ ප්‍රසිද්ද බාලිකා පාසලකයි එයා ඉගෙන ගත්තෙ(මගෙ ඉස්කෝලෙ ඉඳන් හූවයි බල්ටියයි :ඩී) තව එයාගෙ පවුලෙ විස්තර අනං මනං දැනගන්න ලැබුනා.. මේ විදිහට මාස 3ක් විතර ගෙවිලා ගියා.. දැන් ඒ නංගි මගෙ හොඳ යාලුවෙක්..

     මෙහෙම යද්දි මට ඒ නංගි ගැන එක එක දේවල් හිතෙන්න ගත්තා.. මං හිතං හිටියෙ මට ආදරේ පතන්න හොඳම තැන බුකිය කියලා.. මොකද මං සාමාන්‍ය ජීවිතේදි වැඩිය කෙල්ලො එක්ක කතාබහ කරලා නැති නිසා(මට වැරදුනේ එතනද මන්දා) වෙලාවකට එයා මොනා හිතයිද කියලා මට හිතුනත් අහලා දානවමයි කියලා මං හිතා ගත්තා..

     අන්තිමට මං එයාගෙන් කැමත්ත ඇහුවා.. එයාගෙන් උත්තර ලැබුනා.. හිතපු උත්තරේ නම් නෙමෙයි.. බැණුම් වැස්සක්..

  "තමුසෙ කවුරු කියල හිතාගෙනද මට මෙහෙම කියන්නෙ?? මොනාද තමුසෙට තියෙන්නෙ.. බලනවා තමුසෙගෙ කැත(මගෙ පොටෝ තිබ්බා) තමුසෙ වගේ රස්තියාදුකාරයෙක්ට මං කැමති නෑ"

     ඒ කෙල්ල එහෙම බනිද්දි මට තවත් පස්සෙන් යන්න හිතුනෙ ඇයි කියල මං දන්නෑ.. සමහරු බනීවි ඇයි උබ එහෙම කලේ කියලා.. ඒත් ඒ දේ ඒ විදිහටම වුනා..

     දවසක් මං ආයෙ ඇහුවම එයා මට කැමතී කිවුවා.. මට පුදූම සතුටක් දැනුනෙ.. එදා ඉඳන් අපි අතර 4න් එකෙන් වුන කතාවල් ඇරෙන්න බුකියෙ චැට් මැසේජ් ගාන 59900ත් පැනලා තිබ්බා.. ඒත් මට එයාව හම්බ වෙන්න ඕනෙ කිවුව හැම වෙලේම එයා මොකක් හරි කියලා ඒක මග ඇරියා.. ඒ නිසා මගේ හිතේ පොඩි අවුලක් තිබ්බත් මං ඒ ගැන එයාගෙන් ඇහුවෙ නෑ.. ඒ වගේම එයාට පොඩි දෙයක් වුනත් ඇති රණ්ඩු වෙන්න.. මොකක් හරි දේකට හැමදාම අපි අතරෙ රණ්ඩුවක් තිබ්බමයි.. ඒ අප්සට් එක අරවත් එක්ක එකතු වුනාම මට ලොකූ පීඩනයක් දැනුනෙ.. මං ඒ දේවල් වල දුක නැති කරගන්න නිතරම බුකියෙ ඉන්න පුරුදු වුනා.. ඒ දවස්වල මම සා/පෙ ඉවර වෙලා නිසා නිවාඩුවෙ ගෙදර හිටියෙ.. ඒ කාලෙ මං කොයි තරම් බුකියෙ හිටියද කිව්වොත් මං උදේට ඔන් කරපු ලැප පහුවදා උදේ වෙනකනුත් ඔන්.. මං දවස් ගානක් එක දිගටම නිදි මරල තියනවා.. හිතාගන්න බැරි දවස් ගානක්.. ඒ කාලෙදි තමා මට අහම්බෙන් බ්ලොග් එකක් කියවන්න ලැබුනෙ.. එදා ඉඳන් තාම බ්ලොග් කියවන්න මං පුරුදූ වුනා(එකම හොඳේ ඒකද මන්දා)

     ඔය කාලෙමයි මම අපේ ඉස්කෝලෙ ගුවන් හමුදා ශිශ්‍ය භට ඛන්ඩයට එකතු වුනේ.. 2011 ඔක්තෝම්බර් වල මං කෑම්ප් ගියා.. ඒත් එයා මාත් එක්ක ඒකට තරහ වෙලා හිටියෙ.. මං ගියේ ඒ අප්සට් එකෙන්මයි.. එහෙ ගිහිනුත් මට නිදහසේ ඉන්න බැරි වුනේ ඒ දේ හින්දමයි.. ආයෙ සති 2කින් මං එද්දි ගොඩක් දේ වෙනස් වෙලා.. මං පණ වගේ ආදරේ කරපු එයත්.. මාව සත 5කට එයා මායිම් කලේ නෑ.. ඒ අස්සෙ තමා මටත් එයාව එපා වෙන්න පටන් ගත්තෙ.. කාලයක් එයා නැතුව හිටිය නිසා මට එයා නැතුව ඉන්න පුලුවන් කියන දේ මට තේරුනා.. එයාගෙ පරන වැරදිත් අල්ලගෙන මං එයත් එක්ක රන්ඩු වුනා.. එහෙම දවසක එයාට කියවුනා එයා මාත් එක්ක යාලු වුනේ මාව පොඩි බයිට් එකකට ගන්න කියලා.. එතනින් මං තීරණයක් ගත්තා..

     මේක නවත්තල දාමු කියලා මං කිවුවම එයා බෑ කිවුවා.. ඒත් මං හිටියෙ කේන්තියෙන් නිසා මංම නැවත්තුවා එයාට හොඳටම බැනලා..

ප.ලි

එච්චරයි.. මං කියන්නෑ මං 100% හරි කියලා.. ඒත් මං එයාට ආදරේ කලා.. ඒක එයාට නොතේරුනේ ඇයි කියන්න මං දන්නෑ.. එදා ඉඳන් අද වෙනකල් ගෙවුන මේ මාස 7දි මං බලාපොරොත්තු වුන වෙන ආදරයක් හරි ගියෙ නෑ තාමත්..

       හැමදාමත් යාලුවේ..
       මං ඉන්නෙමි පාලුවේ..
       මගේ පාලු පැලට එන්න..
       කවුරුත් නෑ යාලුවේ..

26 comments:

  1. මේකයි සිද්ධිය..
    1. මුල්ම ආදරේ 99.999% ට වරදිනවා.. ඒක හොඳයි. එතකොට ආදරෙයි විරහවෙයි දෙකේම වෙනස දැන ගන්නවා.

    2.බුකි කෙල්ලො විස්වාස කරන්නෙපා.

    3. හිතේ අමාරුවට බ්ලොග් ලියන කියවන එක හොඳයි. මමත් බ්ලොග් ලියන්න ආවෙ මුල්ම ලව් එක කෙලවිලා ජීවිතේ කලකිරිල හිටපු කාලෙ.
    මොණර පෙම

    4.කාලය ඔක්කොම විසඳනවා.

    5.ජීවිතේ අපෙන් සමහර දේවල් උදුර ගන්නෙ ඊටත් වඩා හොඳ දෙයක් අපිට දෙන්න බලාගෙන
    මගේ සුරඟන

    ReplyDelete
  2. 1.එකඟයි

    2.අනිවා එකඟයි

    3.ඔව් මචං.. මං මොණර පෙම කි‍යෙව්වා.. ගොඩක් දුක හිතෙන සිද්දියක්.. සමාවෙන්න ඕනෙ කොමෙන්ටුවක් නොදැම්මට..

    4.ඒකටත් මං එකඟයි

    5.ඒ දේටත් එකඟයි සහෝ.. ඒත් ඒ දේ කවදා ලැබෙයිද කියන්න නම් මම දන්නෙ නෑ මචෝ.. :(

    ස්තූතියි යසිත්.. බොහොම හොඳ පැහැදිලි කිරීමක්.. අනිවා බිඳුනු ආදරේක දුක දන්නෙ ඒ දුක වින්ද කෙනෙක්මයි.. එල..

    ReplyDelete
  3. ඔයින් ගියා ඇති කියල හිතන්න සහෝ.. වැලි තලපේ වැලි හෙව්වත් බුකියෙන් ආදරේ නම් හොයන්න යන්න එපයි කියන්නේ නිකන් නෙවේ ඔන්න.. එක හුස්මට කියවන් යන්න පුළුවන් පොස්ටුවක්,තව තව ලියන්න ජය පතනවා... :D

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කරූ උබේ දිරි ගැන්වීම වෙනුවෙන්.. ඔව් මචෝ බුකියෙන් ආදරේ හොයන එක මට වුන ලොකුම අත්වැරදීමක් බං.. ඒත් සමහරුන්ට බුකියෙන් නෙමෙයි ඕනම තැනකින් සෙට් වෙන ලව් එකක් හරියන්න පුලුවන්.. අර වැලි තලපෙ වැලි හෙව්වත් බුකියෙන් ආදරේ හොයන්න එපා කියන වචනෙ නම් මගෙ හිතට පිහියෙන් ඇන්න වගේම දැනුනා බං..

      උබටත් ජය ප්‍රාර්ථනා කරනවා එක හිතින්ම..!!!!!!!!

      Delete
  4. යකෝ ෆලොව් ගැජට් එක කොහෙද තියෙන්නේ හෙව්වා හම්බ උනේ නෑ ඉස්සරහට බ්ලොග් ලිපිවලින් සෙට් වෙමු ජය

    ReplyDelete
    Replies
    1. හරි ඒක සෙට් නම් එල මචං.. ඉස්සරහට සෙට් වෙමුකො එහෙනම්.. ජය..

      සතුටුයි මේ පැත්තෙ ඇවිත් ගියාට සහෝ..

      Delete
  5. අපොයි මෙක පරක්කු වෙලා ලොඩ් උනේ දැන් හරි ජය...!!

    ReplyDelete
    Replies
    1. එල එල.. ජය වේවා!!!! :ඩී

      Delete
  6. යසිත් අයියා කියපු දේ ඇත්ත, සචින්. මම නං හැමදාමත් විශ්වාස කරන්නේ කිසිම කෙනෙක් ව රූපෙන් මනින්න බැහැ. මගේ යාළුවෙක් ඉන්නවා (කොල්ලෙක්) පිටින් බැලුව ම ෆුල් රස්තියාදුකාරයෙක් වගේ. කළු යි, අඳින්නේ පළඳින්නෙත් ඒ විදියට. ඒ වුණත් පුදුම යාළුකමක්. යාළුවෙක් වෙනුවෙන් පණ වුණත් දෙන්න ලෑස්ති කෙනෙක්. කොහොම වුණත් ඔයාට හොඳ කෙල්ලෙක් ලැබෙයි. අවංක ව ආදරේ කරන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා ධාරා.. සම්පූර්ණයෙන් එකඟයි ඔයත් එක්ක.. ඇත්තටම කෙනෙක්ගෙ බාහිර ලස්සනෙන් අපිට කිසිම වැඩක් නෑ.. අභ්‍යන්තර ලස්සනයි වැදගත්.. බාහිර ලස්සන හොඳයි පිටත ලෝකෙ ලස්සන කරන්න ඒත් අපේ ජීවිතේ ලස්සන කරන්න පුලුවන් හිත හොඳ අවංක කෙනෙක්ට විතරයි..

      ඔව් මටත් ඉන්නවා ඒ වගේ යාලුවො ගොඩක්.. අනිත් අය ලඟ නැති ලෙංගතු කමක් උන් ලඟ තියනවා..

      ඔව් කවදහරි මටත් මං බලාපොරොත්තු වුන ජාතියෙ අවංක ආදරයක් ලැබෙයි.. බොහොම ස්තූතියි ධාරා..

      Delete
  7. සවින් අය්යා ඔයා ගැන මට හරිම දුකයි අනේ. ඔය හැම කෙල්ලම එක වගේ නැහැ අනේ. හොඳ කෙල්ලෝ කොයි තරම් ඉන්නවද කොල්ලන්ගේ වැඩිපුර අවධානය හසු නොවී. අවංක ආදරය වෙනුවෙන් මමත් පණ වුනත් දෙන්න කැමති කෙල්ලෙක් අය්යේ. ඒත් ඉතින් අපි අවංක තරමට අපිට සමාජයෙන් ඒක ලැබෙන්නේ නැහැ. මමත් ඒ වේදනාව හොඳ හැටි දන්න අවංක කෙල්ලෙක් අය්යේ. කොහොම වුනත් ඔයාගේ පොස්ට් එක කියවලා ඔයා ගැන ඇත්තටම ලොකු අනුකම්පාවක් ලොකු දුකක් ඇති වුනා අය්යේ. මමත් පොඩියට හීනියට බ්ලොග් ලිපි ටිකක් මට පුලුවන් විදිහට ලියලා දාලා බ්ලොග් එකක් කරගෙන යනවා. ඒත් අය්යේ මට නම් බ්ලොග්කරණයට වැඩිය අත්දැකීම් නැහැ. මමත් ඉතින් පුංචි කෙල්ලෙක්නේ. මම හරිම ආසයි ඔයාලා වගේ ප්‍රවීණ, උගත්, බුද්ධිමත් අය ඇසුරු කරලා වටිනා කියන අදහස් සාරවත් සංකල්පනා උකහා ගන්න. ඔයාට පුලුවන් නම් හොඳ අය්යා වගේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා ලිපි කියවලා කමෙන්ට් කරන්න අය්යේ. අය්යට බුදු සරණයි..!! අය්යගේ හිත තේරුම් ගත්තු කෙල්ල තවම මඟ බලා ඉන්නවා කියලා හිතා හිත හදා ගන්න රත්තරන් අය්යේ.. ඔයා එනකල් මම මඟ බලා ඉන්නවා හොඳද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිස්නා නංගි.. ෆේස්බුක් එකෙන් ආදරේ හොයන්න ගිය ගොඩක් අයට මෙහෙම වෙනවා.. මං එහෙම වුන පලවෙනි කෙනත් නෙමෙයි.. අන්තිමයත් නෙමෙයිනෙ නංගො..

      මං පිලිගන්නවා හැම කෙල්ලම නරක නෑ කියල.. ඒ වගේම හැම කොල්ලමත් නරක නෑනෙ.. අපිට ලැබෙන්න නියමිත කෙනා කවදා හරි කොතන හරි අපි එනකල් බලන් ඉන්නවා ඇති.. කවදහරි ලැබෙයි නෙ..

      මම නම්ිි ඉතින් බ්ලොග්කරණයෙ මහා ලොකු ප්‍රවීනයෙක් නෙමෙයි.. එක එක අය පෝස්ට් දාන්නෙ තමන්ගෙ ශෛලිය අනුව.. ඉතින් ඒක කෙනෙක්ට රසවත් වෙන්න පුලුවන්.. තව කෙනෙක්ට එපා කරවන දෙයක් වෙන්න පුලුවන්..

      මොනා වුනත් දිගටම ලියන්න.. අපි එන්නම් ඔයාගෙ පෝස්ට් බලන්න.. ඒ ගමන් තව තව විධි වලට පෝස්ට් දාන්න.. කල් ‍යද්දි කාගෙත් ලිවීමේ හැකියාව ඔපමට්ටම් වෙනවානේ..

      ඔබට ජය!!!!

      Delete
  8. පිවිතුරුය පළමු පෙම
    බිහිසුණුය බිඳුන දින.. :(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ශම්මි.. ඒත් මේ මගෙ පලමු නෙමෙයි දෙවෙනි පෙම ගැනයි පෝස්ටුවෙන් කියවෙන්නෙ.. පලමු පෙම ගැනත් පෝස්ටුවක් පස්සෙ දාන්නම්කො :)

      Delete
  9. ඒ වගේ කෙල්ලෙක් හින්දා පිස්සු කෙලින්න එපා මචං.
    කරන්න තියෙන හොඳම දේ තමයි, පොඩ්ඩක් රිලැක්ස් වෙලා, තමන්ම තක්සේරු කරන්න, තමන්ගෙ වටිනාකම මොකද්ද, තිබුණ සම්බන්ධකම මොන වගේ ද, ඒ කෙල්ලද උඹට මේ ජීවිතේ දි ලැබෙන්න ඕනෙ හොඳ දේ කියලා. මම නම් කළේ ඒකයි. මට ඔයිට වඩා අමාරු වුණා. මේ ගැන දිගට කතා කරන්න ඕනෙ නම් මට මේල් එකක් දාපං, ‘drackey@gmail.com‘ මම මොබයිල් නම්බරේ දෙන්නම්. හිත හදාගෙන තමන්ට ලැබෙන්න ඕනෙ නියම දේ ගැන ෆෝකස් කරපං.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩ්‍රැකී.. මම උඹට ඊ‍යක් එවන්නම්කො..

      Delete
  10. පට්ට යකෝ.....ලෙසටම ලියලා ඈ! මගෙ කතාවම තමා ඉතින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ උඹෙත් කතාව මේකමද?? එහෙනම් අපි ලව් කරල තියෙන්නෙ එකම කෙල්ලටද මන්දා??

      Delete
  11. mamath oya wagema love akak kala. 6 yrs withara. aka thamai mage first love aka. api school akedi adura gatthe. aken passe 4yrs withara yanakan love epa wela thibune. den nam supiri kellek set wela innnawa. den ape love akata 2 yrs walatath wedi.api lagadi marry karanawa.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ඇනෝ අපිට කවදාහරි ලැබෙන්නෙ අපිට උරුම කෙනාව.. අනිත් අය අපෙන් වෙන් වෙනවා..

      ගොඩක් සතුටුයි උඹේ වෙඩින් එකට සුභ පතනවා!! (අපිටත් ඉන්වයිට් කලොත් නරකද??)

      Delete
  12. සචින්, ඔය වයසට මට හිතුනෙත් ඔය විදියටම තමයි. ඕනෙම ප්‍රශ්නෙකට මූණ දෙන වෙලාවට අපිට හිතෙන්න ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි කියලා. නමුත් ආපහු ජීවිතේ දිහා හැරිලා බලද්දි තමයි හිතෙන්නෙ මොන තරම් වැටකඩොලු පැනගෙනද මේ දුර ආවේ කියලා, ඒ වගේම පැනපු අනිත් කඩුලුත් එක්ක සංසන්දනය කලාම ඒකත් තවත් එක කඩුල්ලක් පමණයි කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා හෙන්‍‍රි අයියෙ.. අපිට ඒ වෙලාවට ඒක ලොකු ප්‍රශ්නයක් වගේ දැනුනට පස්සෙ බලද්දි ඒක ලේසියෙන්ම විසඳගන්න තිබ්බනෙ කියලා හිතෙනවා..

      වටිනා කොමෙන්ටුවක් මේක..

      Delete
  13. me vayasedi adare hoyanava nam harima kenekgen hoyanna.nethnam goda durata saarthaka venne ne.anith eka adaraya kala yuththe therum aragenai.buki premaya gena mage nam kisima vishvasayak ne.kalayak adarayakin thorava esuru kala kenekui hoindatama pehediliva anduraganna puluvan venne.avankava adare karanna.hadavathin adaraya karanna.thaman honda nam pethum itu venava vishvasai aiye.kohomath issella vibhage karaganna.campus eka thamai ugath buddimath kenek hoya ganna hondama thena.suba pethum!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. හොඳ අදහස් ටිකක්.. බොහොම ස්තූතියි කොමෙන්ටුවට.. :ඩී

      Delete
  14. මේ ටිකේ මං සයිබරයෙ බ්ලොග් හොය හොයා කියවනවා. සයිබරේ පාරවල් දිගේ ඇවිදිද්දි අහම්බෙන් වගේ මතක මාවතට වැටුනෙ. කියවගෙන යන අතරේ මට කොමෙන්ටුවක් කොටන්න හිතුන මේකට. මොකද මමත් පළවෙනි ආදරේ නිසා අම්බ වහක් කාපු එකෙක්.(අනන්ගයත් වෙලාවකට පිස්සු කෙලිනව බං මුලින්ම පතාගෙන ආපු කෙනාව ඔතාගෙන යන්න නොදී) ඉවසහන් උබටම වෙන් වෙච්ච කෙල්ලව ඉක්මනින්ම හම්බවෙයි. එතකන් දිගටම ලියහන්. ජය...!!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචං.. අපි බලාගෙන ඉමුකො..

      Delete