Sunday, May 19, 2013

කලිසම් කතා.. (18+ වගේ)

     ඔන්න අදත් මං ආවා පෝස්ටුවක් අරගෙන.. කලින් පෝස්ටුවෙදි ඩූඩ් අයියා කියලා තිබ්බා ඒ කතාවට කෙහෙල් ගෙඩියත් ගැලපෙනවා කියලා.. ඒ වෙලාවෙ තමා මටත් කෙහෙල් ගැන කතාවක් මතක් වුනේ.. මේකත් මං අහපු කතාවක් කවුරුත් දොස් කියන්න නම් එපා අපි අහලා තියනවා කියලා.. ගිය පෝස්ටුව ගොඩ දෙනෙක් රසවින්ද බව මං දැක්කා.. ඒ නිසාමයි මේ කතාවත් මේවට කැමති අය වෙනුවෙන්මයි(ඔන්න පොඩි එවුන් නම් බලන්න එපා මං වගකියන්නෙ නෑ හරිද?)
හරි අපි කතාවට යමු එහෙනම්..
     මේ සිද්ධියට සම්බන්ධ ගෑනු ලමයා එයාගෙ නෑදෑ කෙනෙක්ගෙ මගුල් ගෙදරක ගියා.. ගිහිල්ලා ඉද්දි ඔන්න වෙඩිමෙ චාරිත්‍ර අංග ටික එහෙම ඉවර කොරලා කට්ටිය කෑම මේසෙට ගියා..
     දැන් අපේ ගෑනු ලමයත් කෑම කනවා.. කොහොමහරි කාල කාල මෙයාගෙ බඩ දැන් හොඳටම පිරිලා.. කාලා අතුරුපසත් කාලා මෙයා ගෙදර ගිහින් කන්න කියලා එයාට හම්බ වුන කෙහෙල් ගෙඩියකුත් සාක්කුවෙ දාගත්තා..
     ඔන්න වෙඩිමත් ඉවර වුනා.. හොඳටම හවස් වෙලත් එක්ක නිසා ගෑනු ලමයා ඉක්මනට ඉක්මනට දුවලා ගිහින් බස් එකක එල්ලුනා.. බස් එකේ කට කපලා සෙනග.. මෙයා ඉතින් අස්සෙන් රිංගලා රිංගලා කොහොමහරි මුල්ලකට වුනා.. තදබදේ වැඩි නිසා කෙසෙල් ගෙඩිය පොඩි වෙයි කියලා හිතුව මෙයා එක අතකින් බස් එකේ පොල්ලක් අල්ලගෙන පරිස්සමටත් එක්ක පිටිපස්සට අත දාලා කෙහෙල් ගෙඩිය අල්ලගත්තා..
     දැන් බස් එකේ එනවා.. මෙයාටත් දැන් ප්‍රශ්නයක් නෑ.. ඇයි කෙහෙල් ගෙඩිය සුරක්ශිතයි නේ.. ටික වෙලාවකින් මෙයාගෙ පිටට කව්ද තට්ටු කරනවා දැනුනා.. මෙයා පිටිපස්ස හැරිලා බලද්දි පිරිමි කෙනෙක්ගෙ කටහඬක් ඇහුනා..
"නංගි දැන් මගෙ කලිසමෙන් ටිකක් අත ගන්නවද?? මං ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්නයි යන්නෙ..."
.
.
.
     ඔන්න කතාව නම් ඉවරයි.. කෙල්ලට මොනා හිතුනද කියන එක ඔයාලම තීරණය කරන්නකො.. මට නිකන් පෝස්ටුව දිග මදි වගේ.. ඒ නිසා තව කතාවක් දාන්න හිතුනා.. මේක කෙහෙල් වලට සම්බන්ද නෑ.. ඒත් කලිසම් වලට සම්බන්ධයි.. :ඩී
.
.
.
     ඔන්න වෙලාව දැන් 6ට විතර.. කට්ටිය වැඩ ඇරිලා යන වෙලාවනෙ.. මේ වෙලාවෙ කෝච්චියකට නගින්න තරුණ කෙල්ලෙක් ඉස්ටේශමට ආවා.. ඔන්න කෝච්චිය ඇවිත් නැවත්තුවා.. දැන් මිනිස්සු කෝච්චියට නගින්න පෝලිමේ ඉන්නවා(මං හිතන්නෙ ලංකාවෙ නෙමෙයිද කොහෙද.. :පී)
    ඔන්න දැන් අර ගෑල්ලමයත් කෝච්චියට නගින්න හදනවා.. මෙයා ඇඳලා හිටියෙ මාරම මාර ටයිට් ස්කර්ට් එකක්.. ඒකෙ හිර නිසා දැන් මෙයාට නැගගන්න බෑ..
     දැන් එයා එයාගෙ අත පිටිපස්සට දාලා ස්කර්ට් එකේ සිප් එක ටිකක් ඇරලා නගින්න හැදුවා.. ඒත් තාම බෑ.. ආයෙ තව ටිකක් පාත් කරලා බැලුවා.. ම්හු.. තාම බෑ.. ඔන්න ආයෙ පාරක් එයා සිප් එක පහලටම දැම්මා..
     ඒ වෙලාවෙ ටිකක් මැදි වයසෙ වගේ අංකල් කෙනක් මේ ලමයව උස්සල කෝච්චියෙ පඩිපෙල උඩින් තිබ්බා.. දැන් ගෑනු ලමයට මාර මල.. එයා අංකල්ට බනින්න ගත්ත..
"පල යන්න වනචරයා.. උඹ කවුරු කියලා හිතන්ද මගේ ඇගට අත තිබ්බෙ? ඔච්චර අමාරු නම් ගිහින් සල්ලි දීල ගෑනියෙක් එක්ක බුදියගනින්.. මුගෙ වයසටද වැඩ"
ඔන්න ඒ වෙලේ අර අංකලුත් කට ඇරියා..
"මං මොනා කරන්නද නංගි.. ඔයාමනෙ දැන් තුන් පාරක්ම මගෙ කලිසමේ සිප් එක ඇරියෙ.. මං හිතුවෙ ඔයාට මගෙන් මොනා හරි ඕන වෙලා කියලා" මිනිහත් කියපි.. :ඩී
ප.ලි
මෙතෙක් මගේ බ්ලොගේ බලපු, කොමෙන්ටු කරපු හෝ නැති සියලුම දෙනාට(ඇනෝලාද ඇතුලුව) මාගේ ස්තූතිය.. මගේ බ්ලොගේ බලපු අය ගණන දැන් 1200ටත් වැඩි වෙලා.. ගොඩක් සතුටුයි.. ඒ නිසා රජා, ඩ්‍රැකී, මාතලන්, ඩූඩ්, ධාරා,සෑමා, නිශාන්, කරූ ඇතුලු සියලුම දෙනාට මාගෙ ප්‍රණාමය.. නම් නොකියවුනු අයගෙන් සමාව අයදිනවා.. දිගටම මතක මාවතේ රස්තියාදු ගහන්න එන්න.. ජය ශ්‍රී!!!!!!!

28 comments:

  1. ඔන්න වෙලාව දැන් 6ට විතර.. කට්ටිය වැඩ ඇරිලා යන වෙලාවනෙ.. මේ වෙලාවෙ කෝච්චියකට නගින්න තරුණ කෙල්ලෙක් ඉස්ටේශමට ආවා.. ඔන්න කෝච්චිය ඇවිත් නැවත්තුවා.. දැන් මිනිස්සු කෝච්චියට නගින්න පෝලිමේ ඉන්නවා(මං හිතන්නෙ ලංකාවෙ නෙමෙයිද කොහෙද.. :පී)


    පට්ට ටෝක මචං මේක තමා වැඩියෙන්ම හිතට අල්ලලා ගිය වාක්කිය! :D අපි වාගේ පොඩි ඈයන්ට කියවන්ට ඒවා දාන්නේ නැතෙයි? ;) ඔන්න ගොඩ නගා ගත්ත පාඨක පිරිස වෙනුවෙන් සුබ පතනවා,අපිත් ඉන්නවා දිගටම මචං.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. එල එල කරූ.. ටැංකූ කිව්වා එහෙනම්..

      මට හිතුනෙම නෑ මේක වුනේ ලංකාවෙ කියලා.. මොකද ලංකාවෙ උන් කවද්ද පෝලිමට ගිහින් වැඩක් කලේ? දන්සලක වුනත් මැදින් පැන පැන යනවනේ.. :ඩී

      බය වෙන්න එපා බං.. පොඩි උන්ට කියවන්න ඒවත් වෙලාවක දාන්නම්කො.. උඹලා පව්නෙ නැත්තං.. ජය ශ්‍රී..

      Delete
  2. මේ කතා බොහෝම රසවත්. නමුත් මේ වගේ ලස්සනට ලියන්න බොහෝ දෙනෙකුට බෑ. ඒ අතින් උඹ ඉස්තරන්....

    ReplyDelete
    Replies
    1. මේ වගේ ප්‍රශංසාවක් මට ලැබුනමයි.. ගොඩක් සතුටුයි සහෝ.. දිගටම රැඳිලා ඉන්න.. මේ වගේ කතා තව මග එනවා.. ටැන්කූ මාතලන් අයියෙ..

      Delete
  3. තැන්කූ බොල මාවත් මතක් කරාට. කතා ටික නං ඉතින් ටීක වගේ. අපි මුකුත් නොකියලා ඉමුකෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි බොල ඒ.. මොනාහරි කියහංකෝ :/

      Delete
  4. අපිට කියවන්න වෙන්නේ නෑ වගේ.ඔන්න මමනම් දැක්කෙත් නැහැ.අපි පොඩි ළමයි.

    ReplyDelete
    Replies
    1. අනේ පව් දෙයියනේ අපේ emo kella මුකුත්ම දැකලා නෑලු..(@තනි ඇහෙන් අඬමින්)

      මට දුකයි අනේ ඔයා ගැන.. තාම පොඩි උන් නෙ මෙයාලා.. :පී

      Delete
  5. පළවැනි කතාවේ මොනවත් දියරමය දෙයක් දැනිල නැද්ද කෙල්ලට.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ එහෙම නැද්ද කොහෙද නලින් අයියෙ.. නැත්තම් කෙල්ල වැඩේ දැනගෙනත් සද්ද නැතුව හිටියද දන්නෙත් නෑ.. :ඩී

      Delete
  6. LOL

    කතා දෙකක් අතර ලියන වාඛ්‍යය ඛණ්ඩයේ ෆොන්ට් කලර් වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ.. බ්ලොගේ තව වැඩ තියනවා.. ඒත් මේ 4න් එකෙන් බ්ලොග් ලියන නිසා මට ඒවා හදන්න විදිහක් නැතුවයිීඉන්නෙ..

      Delete
  7. හොඳයි සචින්...ඔයාට ලිවීමේ හැකියාව තියෙනවා...දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියෙ.. ඔයගොල්ලන්ගෙ වචන මට ලොකු හයියක්.. :ඩී

      Delete
  8. ස්පීඩ් එක හොඳයි සචින්. ඔය ගානටම පාගලා යං.
    ඔය උඩින් කමෙන්ට් එක දාලා තියෙන හැලප කඩේ අයිතිකාරයත් කෙසෙල් ගෙඩියක කතාවක් දාලා තිබ්බා දැක්කද?

    විවාහ රෙජිස්ට්‍රාර්තුමිය අහලා මනමාලයගෙන් නම. ඊ ලඟට තරාතිරම. අන්න එතකොට තමයි කෙසෙල් ගෙඩියේ සීන් එක ඇවිත් තියෙන්නේ.

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. නෑනෙ අයියෙ මට බලන්න බැරි වුනා.. බලන්න ඕන ඉක්මනටම.. නැතුව බෑනෙ.. :ඩී

      ස්පීඩ් එක මේ ගානටම තියාගන්න බලාපොරොත්තු වෙනවා.. එල එල අයියෙ..

      Delete
  9. කතා දෙකම අහලා තිබ්බට කියවනකොට අලුත් බවක් දැනුනා . අකුරු ටිකක් ලොකු කරානම් අගෙයි

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ජෝන් අයියෙ.. අකුරු ලොකු කරන්නෙ කොහොමද??

      Delete
    2. ඇයි ඔය පෝස්ට් එක ලියනකොට හරි එඩිට් කරනකොට හරි අඩ උඩ තියෙන ටූල් බාර් එකේ උඩ වම් පැත්තේ තියෙනවා නේද T අකුරු දෙකක්. අන්න ඒකට කෙ‍ටුවාම smallest, small. normal large largest කියලා තියෙන්නේ බොල. ඉස්සෙල්ල පෝස්ට් එක සෙලෙක්ට් කරන්න ඕනෙ Ctrl+A ඔබලා. ඊට පස්සෙ අතනින් large වලට ක්ලික් කරන්න. මේ පෝස්ට් එක එඩිට් කරලා බැලුවනං හරිනෙ කොලුවො.

      Delete
    3. මේකනෙ අයියෙ ප්‍රශ්නෙ.. බ්ලොගර් මොබයිල් ඇප් එකේ පෝස්ට් දාන්න ගියාම ඔය මුකුත් පෙන්නන්නේ නෑ.. පොටෝ ඇඩ් කරන්න පුලුවන්, තව ලින්ක් දාන්න පුලුවන්.. එච්චර තමා.. මාර අවුල.. අකුරු ගොඩක් පොඩිද??

      Delete
    4. හුටා හුටා. එහෙම නම් ඒක කරන්න බෑනේ. මේ? ඔය මොබයිල් එකෙත් ස්ටෑන්ඩර්ඩ් වර්ෂන් එක සිලෙක්ට් කරන්න තැනක් ඇති පෝස්ට් එක අඩියේ මම හිතන්නේ. මම ෆෝන් එකෙන් පෝස්ට් දාන්නේ නැති නිසා මම ඕක දන්නේ නෑ.

      පොඩ්ඩක් හිටින් බලන්න.

      මෙහෙම කලෑකි. ඉස්සෙල්ලා මෝබයිල් එකකින් නැතුව කම්පියුටර් එකකින් යන්න බ්ලොග් එකට. sign in වෙලා ඊට පස්සෙ Design > Template යන්න. උඩම තියෙනවා standard desktop version එකයි mobile version එකයි පෙන්නලා. මෝබයිල් එක ලඟ තියෙන දැති රෝදෙ උඩ කොටලා ගියාම අහනවා මෝබයිල් වර්ෂන් එක ඩිසේබල් කරන්නද කියලා. අන්න ඒක සිලෙක්ට් කරලා සේව් කරලා වහලා දාන්න. පස්සෙ ඔයාගේ mobile එකෙන් ගියාම එන්නේ ස්ටෑන්ඩඩ් ඩෙස්ක්ටොප් වර්ෂන් එක. ඒකෙ ඔය ඕනෙ සෙල්ලමක් දාන්න පුලුවන්.

      මට දැනට මතක් වෙන්නේ ඕක තමයි විසඳුම හැටියට.

      Delete
    5. ටැන්කූ ඩූඩ් අයියෙ.. දැන් හරිද?

      Delete
    6. ඔව් නේ? මේ ලාජ් ද මීඩියම්ද?

      මේක කලේ කොහොමද? අර මම කියපු විදියටද?

      Delete
    7. ඔව් අයියෙ.. ඒත් බ්ලොගර් ඇප් එකෙන් ‍යන්න ගියාම අවුල.. පස්සෙ ඇන්ඩ්‍රොයිඩ් වලට තියන ක්‍රෝම් එකෙන් ගියා.. වැඩේ හරි..

      මට මතක විදිහට මං දැම්මෙ නෝමල් ද කොහෙද..

      Delete
  10. අනේ උඹේ කතා දෙක. පට්ටම පට්ටයි. මම කතා බර තොගයක් අහලා තිබ්බට මෙව්ව අහලා නෑනෙ බං.

    ReplyDelete
    Replies
    1. අප්පට එහෙමද මචෝ?? එහෙනම් එල ආ..

      Delete
  11. පලවෙනි කතාව නම් අහලා තියෙනවා දෙවෙනි එකනම් අද ඇහුවේ!
    මරු බන් පට්ට ජෝක් එක :)

    ReplyDelete
    Replies
    1. එල එල නිශාන් සහෝ.. ජය වේවා!!!

      Delete