Friday, May 17, 2013

ඒකෙ ඉතින් ඒ හැටි අමාරුවක් නෑ මහත්තයෝ.. (ලාවට 18+)

     අද මං කියන්න යන කතාව මට අහන්න ලැබුන එකක්.. ටිකක් පරණයි.. ඒත් අහල නැති අයට දැනගන්නයි අහල තියන අයට මතකෙ අලුත් කරගන්නයි තමා දාන්නෙ හොඳේ.. මේක ටිකක් 18+ වගේ නිසා පොඩි ලමයි නොබලා හිටියොත් හොඳයි (කොච්චර කිව්වත් උඹලා බලන බව මං දන්නවනේ..)

හරි කතාවට යමු එහෙනම්..

     එක පලාතක හිටියා ආච්චි කෙනෙකුයි මිනිබිරියෙකුයි.. මේ අය ටිකක් දුප්පත් අය.. එදා වේල පිරිමහ ගත්තෙ ආච්චි පොඩි කුලී වැඩ කරලා.. කොහොමහරි මේ අය එදාවේල කාල බීලා හිටියා කියමුකො..

     ඔන්න ටික කාලයක් යද්දි මේ දුවත් තරුණියක් වෙනවා.. එයත් රස්සාවක් කරන්න පටන් අරන් ආච්චිටත් උදව් කලා.. ඒත් එයා රස්සාව කලේ කොහෙද කියලා නම් ආච්චිට කිවුවෙ නෑ.. ආච්චිත් අහන්න ගියෙ නෑ ඕං..

     මිනිබිරී වැඩ කලේ ගමේ තිබ්බ ගණිකා නිවාසෙක.. එයාගෙ ඩියුටිය වුනේ එයා ළඟට එන පිරිමි අයව සතුටු කිරීම(දන්නෝ දනිති)

     දවසක් ඒ ගණිකා නිවාසෙට පොලීසියෙන් පැන්නා.. එතන අර කලින් කිව්ව ගෑනු ලමයත් හිටියා.. පොලීසියෙ අය කෙල්ලො ඔක්කොම එලියෙ පෝලිම් ගස්සලා තිබ්බා තොපිට අද දෙන්නම් සබ්බුව කියලා..

     දැන් ඔන්න ආච්චි එනවා කොහෙද ගිහිල්ලා.. එයා පෝලිම දැකලා මේ පැත්තට ආවා.. එයා දැක්කා එයාගෙ මිනිබිරිත් ඉන්නවා.. ටිකක් සැක හිතුනත් ආච්චි මිනිබිරීට කතා කරලා සිද්දිය ඇහුවා..

     අනේ අත්තම්මෙ අද පොලීසියෙන් දෙනවා දොඩං දන්සලක්.. මාත් මේ දොඩං ගන්න පෝලිමේ ඉන්නවා කියලා මිනිබිරී කිව්වා.. ආච්චිටත් දොඩං කන්න ආසාවක් ඇවිත් පෝලිමේ අන්තිමටම හිටගත්තා..

     ඔන්න දැන් පොලිස් නිලධාරීන් ආවා කෙල්ලො ටික අරන් යන්න.. දැන් අර ආච්චි දැක්කම මුන්ට මාර අව්ල්.. ඒ මදිවට මල.. එක පොලිස්කාරයෙක් ආච්චි ලඟට ආවා..

     හනේ හනේ මුන්ගෙ වයසටද වැඩ? ඇත්තට මේ වයසටත් තමාට මේ වැඩ කරන්න පුලුවන්ද කියලා පොලිස්කාරයා ඇහුවා.

     ඒකෙ ඉතින් ඒ හැටි අමාරුවක් නෑ මහත්තයො.. මං කරන්නෙ මගෙ මේ බොරු දත් සැට් එක පැත්තකින් තියලා පොත්ත ඇරලා පැණි ඔක්කොම ටික එලියට එනකල් සූප්පන එක තමයි.. ආච්චි ඇඟට නොදැනිම කියලා දැම්මා..

ප.ලි
කලින් අහලා තියන අය ඔන්න බනින්න එහෙම එපා.. මං කතාව මගෙ ශෛලියට ටිකක් වෙනස් කලා.. හිතට දැනුන ඕන දෙයක් කොමෙන්ටුවක් විදීහට දාලා යන්න.. ඒක මට ලොකු ශක්තියක්.. ජය ශ්‍රී!!!!!

30 comments:

  1. ආසයි හලෝ පොත්ත ඇරලා දෙන්න සුප්පුකරන්න..

    ReplyDelete
    Replies
    1. අයියටත් ආස හිතිලා වගේනේ.. :පී

      Delete
  2. එල කතාවක්නේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ..

      සතුටුයි මගේ බ්ලොගියට ගොඩවැදුනට..

      Delete
  3. දන්සලේ තිබුනේ ඇඹුල් දොඩම්ද ? පැණි දොඩම්ද ?

    ReplyDelete
    Replies
    1. මං නම් හිතන්නෙ පැණි දොඩම් වෙන්න ඕනෙ අයියෙ.. ඇයි අයියට එහෙම හිතුනෙ දන්නෑ.. :ඩී

      Delete
  4. නොදැනෙන්න හොඳවයින් එකක් කියල තියෙන්නෙ.
    දිගටම ලියන්න. වෙලාව ලැබෙන හැටියට කියවල කොමෙන්ට් එකක් එහෙම් දාල යන්න එන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිමන්.. උඹටත් ආසද දොඩං කන්න??

      Delete
  5. කෙසෙල් දන්සැලක් දුන්නත් ඔය දේම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ ඒකත් ගැලපෙනවා තමා..

      ඒත් කෙසෙල් සූප්පනවද?????

      Delete
  6. ඩොඩම් රහටම ලියලා...
    මේවා දැනෙන්න නම් මේ රහට ලියන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මාතලන් අයියෙ.. සතුටුයි මේ පැත්තෙ ආව එක ගැන :ඩී

      Delete
  7. කිසීම සයිලි වෙනස් කිරීමක් කරලා නැත. පරණ කතාවම තමයි. මේ ඔයි ලියන්න දේවල් නැත්නම් කුස්සියට ගිහින් මැල්ලුමක් ලියනවා. නිකං ......ක් වෙන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ මේ ලිපි දාන්නෙ නොදන්න උන් ඉන්නවා නම් උන්ට දැනගන්න මිසක් උඹලා වගේ උන්ගෙ ආච්චිට හාල් ගරන්න නෙමෙයි.. ඒ නිසා බලන්න බැරි නම් නිකන් හිටහන්..

      Delete
    2. ඇනෝ සමග ඇරගන්නට යන්නේ අනුවනයෝය. බ්ලොග් ලොවේ ඔබට දෙන පළමු ඔවදන

      Delete
    3. අවවාදයට ස්තූතියි එහෙනම්..

      Delete
  8. හප්පටසිරි!! පොලොසිකාරයට තිබ්බ තරුත් එක්කම විසික් වෙන්න ඇති මේ මොන ඇන්නෑවක්ද කියලා! එල එල!!

    ReplyDelete
    Replies
    1. එල එල කරුවා.. හුඟ දවසකින් බං උඹව දැක්කෙ..

      Delete
  9. කහ පාට දොඩම් බික් වල ඇට දෙකකට වඩා නැති නිසා ආච්චිගෙ ලොබු කටට අවුලක් නැති වෙයි මගෙ හිතේ.
    වනචර අදහස් එන්නෙ නැති විදියට ලියල තිබෙන විදිය ඉතා හොදයි.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා කෙන්ජි..

      ස්තූතියි මේ පැත්තෙ ගොඩවැදුනට.. :ඩී

      Delete
  10. ඇත්තනේ වයසට නෙමේ ආච්චිගේ වැඩ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මචං රොබින්.. :ඩී

      ‍රොබින්වත් මතක මාවතට සාදරයෙන් පිලිගන්නවා..

      Delete
  11. මං මේක කියවලා තියෙනෝ :)

    ReplyDelete
    Replies
    1. එල එල.. උඹලත් ඉතින් ඔව්වම තමා නේද කියවන්නෙ බං??? :පී

      Delete
  12. පට්ට කතාව මචන්
    මම ඕක අහලා නැහැ බන්!

    ReplyDelete
    Replies
    1. අඩේ එල එල නිශානයා.. ඔබේ රසවින්දනය මාගේ පරම සතුටයි.. :ඩී

      මේ පැත්තෙ ආව එකට ටැන්කූ කොල්ලො.. ආයෙ වෙලා තිබුන වෙලාවක ඇවිත් ‍යන්න වරෙන්.. ජය ශ්‍රී..

      Delete
  13. මරු කතාව..මං අදමයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. එල එල මචං..

      හොද හොද සෙල්ලම් ඉදිරියට..

      Delete
  14. පට්ට යකෝ... හි හි

    ReplyDelete