හ්ම්ම්.. අද මමත් මගෙම කියලා බ්ලොගක් හදා ගත්තා.. ගොඩක් කල් ඉඳන් මම බ්ලොග් කරන ගොඩක් අයගෙ පෝස්ට් කියවල තියනවා.. මට බ්ලොගක් පටන් ගන්න අදහස හිතට ආවෙ ගොඩ කාලෙකට කලින්.. මීට කලින් පටන් ගත්ත එක බ්ලොගක් වත් කරගෙන යන්න මට වෙලාවක් තිබ්බෙ නෑ.. අනිත් එක මම මේවා ගැන දන්නේ නෑ වැඩිය.. මට ලොකුම ප්රශ්නෙ වෙලා තියෙන්නෙ ෆෝන් එකෙන් පෝස්ට් දාන්න වුන එක.. මට කොම්පීතර් එකක් තාමත් නෑ.. ඒත් පුලුවන් විදිහට මං පෝස්ට් දානවා.. ඒ වගේම මං කැමතී බ්ලොග් ගැන හොඳට දන්න කෙනෙක් මට උදවු කරනවා නම්.. හොඳයි.. පෝස්ට් එක දිග් කරලා කියවන අයට නීරස කරවන්න මං කැමති නෑ.. එහෙනම් "ආයුබෝවන්" කිවුවා.. කියන්න නම් ගොඩක් තියනවා.. මගේ අත්දැකීම් මම ඊලඟ පෝස්ට් එකේ ඉඳන් බෙදන්න පටන් ගන්නම්කෝ(කන් හැන්දෙන් තමා).. එහෙනම් ජය ශ්රී.....
එල බං...දිගටම ලියහන්. අපි එන්නං බලන්න :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එල එල බොහොම ස්තුතියි රජා අයියා මගෙ මංගල කොමෙන්ටුවට... :D
Deleteමමත් ඉතිං බ්ලොග් කියවනවා විතරයි. ලියන්නෙ නෑ.. රජාගේ බ්ලොගෙන් තමා මේ පැත්තට ආවෙ. දිගටම ලියමු මචෝ.. ජය ශ්රී
ReplyDeleteගොඩාක් ස්තූතියි රුක්ශාන් සහෝ මතක මාවතට ගොඩවැදුනට.. උබත් බ්ලොගක් පටන් ගනින්කො.. ;)
Deleteසචින්දගේ කමෙන්ට් එක හරහා තමයි මම ආවේ. ඉතින් සුභ පැතුම් මේ බ්ලොග් එක දිගටම ඇදගෙන යන්නට. දාලා තියෙන නමටත් මම කැමතියි. මොකද මතක මාවත දිගේ (Down the Memory Lane) කියන්නේ මම පෝස්ට් වලට පාවිච්චි කරන එක ටැග් එකක් නිසා.
ReplyDeleteඅපිත් එක්ස්පර්ට්ලා නම් නෙවෙයි, නමුත් ඇහුවොත් දන්න ඕනෙම දෙයක් කියා දෙන්නම්.
ගොඩක් ස්තූතියි හෙන්රි අයියෙ.. සතුටුයි අයියගෙ නිහතමානී කම ගැන.. මේ නම අහම්බෙන් මගෙ හිතට ආව එකක්.. දහසක් පැතුම්, සිහිනයකි ජීවිතේ, මගෙ හීනය කියන සේරගෙන්ම අන්තිමට ඉතුරු වුනෙ මේ බ්ලොගේ.. මමත් මේ නමට කැමතියි..
Delete(කවුද කියන්නෙ අයියා එක්ස්පර්ට් නෙමෙයි කියල?? මොනව වුනත් ඒ නිහතමානී කොමෙන්ටුවට තුති)
සාදරයෙන් පිලිගන්නවා මතක මාවතට.. ආයෙ ඇවිත් යන්න එන්න..
අනේ බං මගේ එහෙම විශේෂ නිහතමානී කමක් නම් මම දන්නේ නෑ. :)
Deleteමම එක රහසක් කියන්නම්. මේක සචින්ට කරන්න කියලා මම කියන්නේ නෑ.
නමුත් මම කරන්නේ තවත් බ්ලොග් එකක් අලුතෙන් අරිනවා. ඇරලා ඒක පාවිච්චි කරනවා පර්යේෂණාගාර මීයෙක් හැටියට.
මේ බ්ලොග් එකේ අත්හදා බලන්න බය හිතෙන දේවල බය නැතුව අර අලුත් එකේ කරලා බලලා තනියෙම ඉගෙන ගන්න පුලුවන්.
මේක මහා ගේමක් නෙවෙයි සචින්. ඉංග්රීසි කියවලා තේරුම් ගන්න පුලුවන් නම් මේකෙ බ්ලොග් එකේ ඩැෂ්බෝඩ් එකේ තියෙන ඕනෙ දෙයක් අත්හදා බලන්න පුලුවන්.
හැබැයි ඔය ෆෝන් එකෙන් බ්ලොග් කරන එක නම් සෑහෙන්න අමාරු ඇති නේද?
අපොයි ඔව් අයියෙ.. ආසාව නිසාම කරනවා මිසක්.. මොනව වුනත් ඔබේ අදහස ගැනත් සැලකිලිමත් වෙන්නම්.. ඔබට ජය හෙන්රි අයියෙ!!!
Deleteඑල ඇ ........ නවත්තන්නේ නැතුව කරපිය ......
ReplyDeleteඑල එල දිනෙල්කයා.. දිගටම ලියන්නම්..
Deleteසතුටුයි මේ පැත්තෙ ආපු එක ගැන..
දිගටම ලියන්න සචින් අපි හැරෙන්නම් මතක මාවත පැත්තටත්.. ජය වේවා කියල පතනවා.. මගේ බ්ලොගිය පැත්තෙත් ගොඩ වැදිලා යන්න එන්න..
ReplyDeleteබොහොම ස්තූතියි කරුණාරත්න අයිය.. සතුටුයි මේ පැත්තෙ ආව එක ගැන.. ඇත්තෙන්ම ඔබේ දිරි ගැන්වීම ලොකු හයියක්..
Deleteඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්කො.. ජය ශ්රී..
මේ වැඩේ නම් මාරයි මචං. ෆෝන් එකෙන් හරි මේක කරන්නෙ හිතේ තෙරපෙන හැඟීමෙන් නෙ. වැටෙන්න එපා. අපි ඉන්නව උඹත් එක්ක.
ReplyDeleteගොඩක් ස්තූතියි මචෝ.. ගොඩක් කැමති නිසාමයි පෝන් එකෙන් හරි බ්ලොග් ලියන්නේ..
Deleteසාදරයෙන් පිලිගන්නවා මතක මාවතට..
මචාන් නියමයි මචන්
ReplyDeleteටැන්කූ ටැන්කූ සහෝ..
Deleteබොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට..