මේ ටිකේ ඉස්කෝලේ නිවාඩුව නිසා දවසම ගෙදර.. කරන්න දේකුත් නෑ යාලුවෝ දෙතුන් දෙනෙක් සා/පෙ ලියන්න ගිහින්.. ඉතින් හෙට ක්ලාස් එකේ විභාගයක් ඒකට උදේ පාඩම් කර කර ඉන්නකොට අම්මා කිව්වා මගේ කාමරේ ගොඩක් දේවල් ගොඩ ගැහිලා ඒ ටික අස්පස් කරලා දාමු කියලා.. මමත් රෙඩී වෙලා කාමරේ ගොඩගැහිලා තිබ්බ පොත්පත් ටික අයින් කරන්න ගත්තා.. එතකොට මට එතන තිබිලා හම්බ වුනා දෙයක්.. ඒක ප්‍රොජෙක්ට් එකක් ඔව් නිකන්ම නිකන් ඒලෙවල් ප්‍රොජෙක්ට් එකක්.. ඒත් ඒක දැක්ක ගමන් ගොඩක් දේවල් මතක් වුනා.. කෙලින්ම කියනවා නම් මතක මාවත දිගේ අතීතය කියන නැවතුම්පොළට මං ගියා නෙමෙයි යැවුනා..
සචින්, ඔයා ඒලෙවල් වලට මොකක්ද කරන ප්‍රොජෙක්ට් එක?? මගේ ප්‍රොජෙක්ට් එක දෙන්නම් ඔයා ඒක වෙනස් කරලා දෙන්න පාඩම් කරන්නත් එතකොට වෙලාව ඉතුරුයිනේ.. එයා එහෙම කිව්වා.. ඇත්තටම කිව්වොත් මං දෙන්න වෙනම පොඩි ප්‍රොජෙක්ට් එකක් හැදුවා.. මොකද එයාගෙයි මගෙයි අත් අකුරු ගොඩක් වෙනස් හින්දා.. ඒ වුනාට එයා ඒක දුන්න එක මට ලොකු උදව්වක් වුනා.. ඔව් කට්ටියට වැඩේ තේරිලා ඇති.. මම යාලු වෙලා හිටියේ අක්කා කෙනෙක් එක්ක තමා.. ගොඩක් අය හිතයි ඒක සම්මතේට පටහැනි දෙයක් කියලා.. ඒත් ඒක මගේ ජීවිතේට එච්චර බලපාන්නේ නෑ.. මට මෙච්චර කාලෙකට ඉදපු එකම පෙම්වතිය එයා නෙමෙයි කලින් තිබුනා නිකන්ම නිකන් බුකි ලව් එකක්.. ඒත් මම මුලින්ම කෙල්ලෙක් දැකලා ආශ්‍රය කරලා යාලු වුන පලවෙනි කෙල්ල එයා.. කරුමෙට වගේ එයා මට වඩා අවුරුද්දක් වැඩිමහල් වුනේ.. එහෙම නොවුනා නම් අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා..
කලින් දවසක මම දාලා තිබ්බා එයා මට අන්තිමට එව්ව ලියුම.. සමහරවිට එයාට කෙලින්ම කියන්න බැරි වෙන්න ඇති මගෙන් ඈත් වෙන්න ඕන කියලා.. සමහරවිට මගේ ආවේගශීලී කම ඒකට හේතුවක් වෙන්න ඇති.. මොනවා වුනත් මේ ගැන කිසිම දෙයක් කියලා නැති නිසයි අද මේක ගැන ලියන්න හිතුනේ.. පෝස්ට් එක ටිකක් දිග වෙයි අකමැති නම් කියෙව්වේ නෑ කියලා මම තරහා නෑ..
එයා අපේ ගමේම කෙල්ලෙක්.. මට එයාව හම්බ වුනේ මම ඕලෙවල් ක්ලාස් යද්දී.. එතකොට එයා ඒලෙවල් කරනවා.. ඒ කාලේ අපි දෙන්නා අතර එච්චර දැනහැඳුනුම්කමක් තිබ්බේ නෑ ඒ වුනාට මට එයාව දවසක අඳුනගන්න ලැබුනා.. ඒ අපේ පල්ලියෙන් සුපවත් අරණ කියන කතෝලික මධ්‍යස්ථානයේ තිබ්බ තරුණ මෙහෙයකට සෙට් වුන දවසේ.. දවස ඔහේ ගියා එයා ඉන්නවා දැක්කට මම එච්චර ගණන් ගත්තේ නෑ ඒ කාලේ එයා ගැන අනං මනං හිතේ තිබ්බෙත් නෑ.. ඉතින් ආයේ පල්ලියට එද්දී රෑ වුනා ඉතින් අරයට යන්න කෙනෙක් හිටියෙත් නෑ මාත් එක්ක සෙට් වෙලා එයා ආවේ එදා.. එදා එයා ගැන ගොඩක් විස්තර මට කිව්වා මගෙත් විස්තර එයාට කිව්වා.. එයා කිරිබත්ගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලක කියලත් කිව්වා.. කොහොමහරි එදා ඉදන් අපි දෙන්නා හොදම යාළුවො වුනා..
ඔහොම මාස 6ක් 7ක් ගියා.. ඒ කාලේ අපි දෙන්නා ඉඳහිට හම්බ වුනා පල්ලියේදී, පාරේදී වගේ.. ඒ කාලේ වෙද්දී මට නිකන් හිතුනා මම එයාට කැමතියි වගේදෝ කියලා.. දවසක් මැසේජ් කර කර ඉන්න ගමන් මම ඇහුවා දැන් කොහොමද කොල්ලට කියලා.. මෙයත් ඉතින් අනේ අපිට කොහෙද ඒ වගේ කිය කියා බයිලාවක් ගැහුවා.. පස්සේ ටිකකින් මම ඇහුවා ඔයා මට කැමති නැද්ද කියලා.. එයා මුලින්ම මට බැන බැන ඉදලා පොඩි පානියක් දාල කැමතියි කිව්වා.. ඒ අගෝස්තු 28 වෙනිදා..
එදා අපි හම්බ වුනා.. මම ඒ ගැන අපේ අම්මට කියලයි තිබ්බේ මම දන්නවා අපේ අම්මලා ගොඩක් විවෘතව වැඩ කරන අය හින්දා මට අවුලක් වුනේ නෑ.. ඒත් එයත් ගොන් කමටද අත්දැකීම් නැතිකමටද මන්දා එදාම ගෙදරින් අහලා තිබ්බා.. ඉතින් එහෙන් ලොකු කේස් එකක් දාලා ප්‍රශ්න ඇති කරලා තිබ්බා.. මෙයා එවෙලේ ඔක්කොම ශේප් කරන් තිබ්බා වුනාට එයාගේ ගෙදරින් අපේ සම්බන්ධෙට ගොඩක් විරුද්ධ වුනා.. ඒ අයට ලොකුම ප්‍රශ්නේ වුනේ මගේ වයස.. එදා තමා මට මං ගැනම ලොකු දුකක් ඇති වුන දවස.. ඇයි දෙයියනේ එයාට වඩා අවුරුද්දක් බාල වුන එකට මම මොනා කරන්නද???
අපි මුල් ටිකේ නිතරම හම්බ වුනා.. පාර දිගේ ඔහේ ඇවිදින එක අපේ විනෝදාංශයක් වුනා.. එයා ඉදලා හිටලා අපේ ගෙදරත් ආවා.. ඒත් ඒ හැම සිද්ධියටම පොල්ල වැටුනේ දවසක් එයා අපේ ගෙදර ආව එක මල්ලිට මාට්ටු වෙලා තිබ්බ එක.. එදා කෙල්ල ගොඩක් බය වෙලා හිටියේ.. මට බත් කව කව ඉදපු ගමන් හරියකට අතක් හෝදගන්නෙත් නැතුව අඩ අඩම ගෙදර ගියා..
මම දන්නේ නෑ මොනවා වුනාද කියලා.. අපි මුල් දවස් ටිකේ ගොඩක් ආදරෙන් හිටියා.. ඒත් පස්සේ පස්සේ අපි දෙන්නා ටික ටික ඈත් වෙනවා වගේ කියලා මට දැනුනා.. ඒත් ඒක නිකන් හිතුනා වෙන්න ඇති කියලා හිතුනත් පස්සේ ඒක ඇත්ත කියන එක මට තේරුණා.. එයා ටික ටික මාව හම්බ වෙන එක නැවැත්තුවා.. මං කතා කලොත් එයා මොනවා හරි කියලා මගහැරියා.. කෝල් වලින් කතා කරන එක අඩු වුනා.. මැසේජ් වලට විතරක් ආදරේ සීමා වුනා.. ඒක මගේ හිතට ලොකු වදයක්.. ඉදලා ඉදලා ආදරයක් පටන් ගත්තම මට ඒ ආදරේට ලොකු බාධා එන එක මගේ හිතට ලොකු ප්‍රශ්නයක් වුනා.. මට ඉක්මනට කේන්ති යන්න ගත්තා.. පොඩි දේත් ඇති මට තරහා යන්න.. මටවත් මාව පාලනය කරගන්න බැරි වුනා වෙලාවකට.. වෙලාවකට මම කාමරේට වෙලා ඔහේ අඩ අඩ හිටියා.. කොහොමින් කොහොමින් හරි වුනේ අපේ ගෙදරිනුත් තිබ්බ කැමැත්ත නැති වුන එක..
එයාට ඕන වුනා ජොබ් එකකට යන්න.. ඒත් මගේ හිත බය වුනා මම කැමති වුනේ නෑ එයා ඒකට යනවට ඒත් එයා ගියා.. කෙනෙක්ව ඕනෑවට වඩා පරිස්සම් කරන්නත් අපිට බෑනේ.. මොනා කරන්නද?? එයා දවසෙන් දවස ටික ටික වෙනස් වුනා.. එයාට මං ගැන මහා හැගීමක් තිබ්බේ නෑ වගෙයි එයා වැඩ කලේ.. මාව එච්චර ගණන් ගත්තේ නෑ.. මගේ සැපදුක හොයලා බැලුවේ නෑ.. මම ඉස්කෝලේ ගියේ නැත්තේ, පාඩම් කලේ නැත්තේ ඇයි කියලා ඇහුවේ නෑ.. මට අසනීපයක් හැදුනමත් එයා මට හිනා වුනා.. මොන දේ වුනත් ඒ හැම දේකින්ම අපි ඈත් වුනා.. එයා හැමදාම රණ්ඩු කරන්න ගත්තා.. මාත් රණ්ඩු වුනා.. එයා මට රිද්දන්න වගේ මම අකමැති දේම කළා.. විකාර කළා, වෙන කොල්ලෝ එක්ක මැසේජ් කළා.. දවසක් අපි හම්බ වුනාමත් රණ්ඩු වුනා.. අන්තිමට එයා ලියුමක් එවලා තිබ්බා මේක නවත්තමු කියලා.. ඒක කලින් පෝස්ට් වල ඇති.. ඉවරායි..
ප.ලි
මම මේක ලියන්න හිටියේ මෙහෙම නෙමෙයි.. පුළුවන් තරම් කොටස් අඩු කළා.. ලිවුවට මට මේ ලිවිල්ල මදි වගේ.. පබ්ලිෂ් කරන්නෑ කියලා හිතලත් අන්තිමට පබ්ලිෂ් කරනවා මේක.. කොහොමත් මතක මාවතේ කලින් හිටිය තරම් අදහස් දක්වන අය නෑනේ.. කීප දෙනයි ඉන්නේ.. අනික සින්ඩි වලිනුත් මාව අයින් කරලද කොහෙද දුක තමා සංසාරේ..
ප.ප.ලි
මේ මතක මාවතේ අන්තිම ටිකේ ලියවුන ලිපි ගොඩක් අයට නොතේරෙන්න ඇති.. විශේෂයෙන් හෙන්රි අයියට නම් තේරුනේ නැද්ද මන්දා සමහර ඒවා.. ඒ ගොඩක් දේවල් වල ලියවුනේ මගේ ජීවිතේ.. මතක මාවතක මතකය දිගේ යද්දී මට හිතෙන දේ තමා ලියවෙන්නේ.. දැන් එයා හොදින් ඉන්නවාලු.. දැන් ප්‍රශ්න නැතුව ඇති ලොකුම ප්‍රශ්නේ වුනේ මමනේ.. දැන් වෙන කොල්ලෙකුත් ඇති සමහරවිට.. තරහා ගියාම මොනා කිව්වත් තාම මම එයාට ආදරෙයි ඒත් මගෙන් එක පාරක් ඈත් වුන කෙනෙක් ආයේ ජීවිතේට ලංකරගන්න මං ආස නෑ මොකද එක පාරක් ගිය කෙනා යනවාමයි.. ඉතින් ගොඩක් අයගේ ජීවිත මේ නත්තලේ ගොඩක් සරුසාරයි.. මේ සචින්ගේ ජීවිතේ පුරුදු විදිහටම දුක්බරයි..
Wednesday, December 11, 2013
Friday, November 29, 2013
ප්‍රේමය වනාහී......
ප්‍රේමය ලොව හැම තැනම ඇතී..
හැමදෙනටම හමු වෙලා ඇතී..
එනමුදු ප්‍රේමය කිමැයි කියා..
හඳුනාගත් කිසි කෙනෙකු නැතී..
විල්තෙර දිය යට දියබුං නගනා..
ප්‍රේමයේ දිය උල්පත නිසලයි..
සියපත විල මත පුබුදන මුත් යස..
උල්පත හැමදාමත් නිසලයි..
ප්‍රේමය හැමදාමත් නිසලයි..
සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන..
ප්‍රේමයේ මුල් පස යට සැඟවේ..
නන් ඵල මල් දළු පුබුදන මුත් ගස..
මුල් රැස කිසිකෙනෙකුට නොපෙනෙයි..
ප්‍රේමය කිසිකෙනෙකකුට නොපෙනෙයි..
......................
එකඟ වෙනවද??
......................
මට නෙට් එකේ සින්දු හොයද්දි මේ සින්දුව මට දකින්න ලැබුනේ.. මම ඒ කාලේ ගොඩක් ආසාවෙන් අහපු සින්දුවක්.. ඇත්තටම ලොකු තේරුමක් තියනවා..
අපි හැමෝම කවදාහරි කාටහරි ආදරේ කරනවා. කරලා ඇති.. ඒත් ඔයා ආදරය කියන අකුරු හතරේ නියම තේරුම කවදාහරි දැනගෙන ඉඳලා තියනවද?? කෙනෙක් කියන්න පුළුවන් අද කාලේ මෙහෙම ආදරේ කරන්නේ කවුද කියලා.. මම ඒ කෙනත් එක්ක 75%ක් එකඟ වෙනවා.. මොකද අද සමාජ රටාව අනුව ආදරේ කියන දේ තේරුම් අරන් ආදරේ කරන අය ගොඩක් අඩුයි.. ඒත් අවංකව ආදරේ කරන අය තාමත් මේ ලෝකේ ඉන්නවා.. එහෙම කෙනෙක් දැක්කම සමහරු ඒ අයට විහිලු කරනවා.. "අපෝ උඹ නම් උපාසකයෙක්.. තාම උඹ උඹේ කෙල්ලට මුකුත් කලේ නැද්ද?? ඔහොම නම් බෑ කොල්ලෝ ජීවිතේ ෆන් එකේ ගෙවන්න.." මේ මගේ කනට ඇහිලා තියන දෙයක්.. එහෙම දේවල් ගැන හිතන තරමට අද ලෝකේ ඉස්සරහට ගිහින්?? එහෙමද?? නෑ.. ලෝකේ දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ගේ අධ්‍යාත්මික දියුණුව අඩු වෙලා.. ඒකයි ඇත්ත..
ඒක ලෝක ස්වභාවය වෙන්න ඇති.. ඒක අද කාලේ කෙල්ලොන්ට වගේම කොල්ලොන්ටත් පොදු ධර්මතාවයක්.. කොල්ලෝ වගේම කෙල්ලොත් ඉන්නවා කොල්ලෙක්ගේ ඇඟේ එල්ලිලා ඌගේ ජීවිතේ අපායක් කරලා යන.. මට උදේ සින්දුව මතක් වුනාම හිතුනා මේක ස්ටේටස් එකක් විදිහට දාන්න ඕන කියලා.. ඒත් අද හවස වුන කතාවක් හින්දයි මෙහෙම දාන්න හිතුනේ..
අද මම යාලුවෙක් එක්ක පාරට ගියා රෙස්ලින් ඩීවීඩී එක ගන්න.. එන ගමන් ඌ උගේ කෙල්ලට කෝල් කරනවා කරනවා ඒකි ආන්සර් කරන්නේ නෑ.. මං කිව්වා මොකටද බන් ඔච්චර කෙල්ලොන්ගේ පන්දිතකම බලන්නේ උඹත් ගණන් උස්සපන් කියලා.. මූ මට කිව්වා මට වැඩක් නෑ බන් මං ඒකිගෙන් ගන්න ඕන හැම දෙයක්ම අරන් ඉවරයි කියලා.. මට හිතාගන්න බෑ එහෙම කෙල්ලෙක්ගෙ හෝ කොල්ලෙක්ගේ ජීවිතයක් විනාස කරලා දාල තව කෙනෙක් විඳින මානසික තෘප්තිය මොකක්ද කියලා.. කෙල්ලෙක්ට තමන්ගේ ජීවිතේ ගොඩක් වටිනවා පිරිසිදුකම කියන එක.. අද කාලේ ඒවා ගැන එච්චර හෙව්වේ නැති වුනාට.. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙනවා නම් ඉගෙන ගන්න ඕන තමන්ට ඒ කෙල්ලව ලබාගන්න බැරි වුනත් ඒ කෙල්ලගේ පිරිසිදුකම තියලා ඒ කෙල්ලගේ ජීවන සහකාරයාගේ අතට කවදාහරි දෙන්න.. මේ ලෝකේ ගොඩක් සැබෑ ආදරවන්තයන්ට එකතු වෙන්න ලැබෙන්නේ නෑ.. අනික අවුරුදු 22න් පහල වයසකදී පටන් ගන්න ලව් එකක් සාර්ථක වෙන්න තියන සම්භාවිතාව 0.01% වගේ.. ඒක මම ඉගෙන ගත්තේ මගේ සර් ගෙන්..
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි සහෝ.. මමත් ආදරේ කරපු කෙනෙක්.. ආදරේ නිසා විඳවපු තාමත් විඳවන කෙනෙක්.. මට මේක දාලා ඕන වුනේ මම සැබෑ ආදරවන්තයා මම පොර කියලා නෙමෙයි.. මාත් සාමාන්‍ය මිනිහෙක් මටත් හැගීම දැනීම් කියන දේවල් තියනවා.. ඒත් අපි දැනගන්න ඕන ඒ දේවල් පාලනය කරන් ජීවත් වෙන්න.. මචංලා මම කැමති නෑ මම ඉන්න තැනට තව කොල්ලෙක් ඇදන් වැටෙනවා දකින්න.. කෙල්ලෙක් අසරණ වෙනවටත් මම කැමති නෑ.. මොකද මටත් අම්මා කෙනෙක් ඉන්නවා මට සහෝදරියෝ නැති වුනාට මට නෑදෑ නංගිලා ඕන තරම් ඉන්නවා.. ඉතින් හිතලා බලන්න උඹලා කැමතිද උඹලගේ සහෝදර සහෝදරියෙක්ට මෙහෙම වෙනවා දකින්න?? විශේෂයෙන් නංගිලා ඉන්න අයියලා?? නෑ නේද?? ඒ වගේ තමා කවුරුත් එහෙම දේට අකමැතියි.. කවුරුත් ඒ වගේ දේවල් වල මිහිර විඳින්න කැමතියි ඒත් එකේ ප්‍රතිඵල මොන වගේ වෙයිද කියන්න බෑ.. අද කාලේ ඒ වගේ අසරණ වුන පවුල් ජීවිත කීයක් නම් මේ ලෝකේ ඉන්නවද?? ඒ නිසා මගේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මේක තේරුම් ගනින්.. ආදරේ කරන්න ඕන පිරිසිදුව අවංකව.. අති පාරිශුද්ධ ආදරේ ඒ අයගේ මරණයෙන් මතුවටත් දෝංකාර දෙනවයි කියලා මගේ ගුරුතුමා මට උගන්නල තියනවා.. මේ පෝස්ට් එක කියවලා කෙනෙක් ජීවිතේ තේරුම් ගත්තා නම් ඒක මටත් ලොකු පිනක් වෙයි.. හැමෝටම සුභ අනාගතයක්..
ලහිරු සචින්ද..
ප.ලි
මේක අද මම බුකියේ දැම්ම ස්ටේටස් එක.. හිතුනා බොගෙත් දාන්න.. මේ ගැන හිතෙන්නේ මොනාද??
Friday, November 15, 2013
හද හැඬුවා රත්තරනේ ඔබ හින්දා...
අවුරුදු 20ක් තිස්සේ මාව උස් මහත් කරලා හදපු වඩපු අම්මයි තාත්තයි වෙනුවෙන් විතරමයි මං මේ තීරණේ ගන්නේ. ඒ අයව රිද්දලා කවදාවත් මට සතුටු වෙන්න බෑ. ඒගොල්ලෝ මං වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. තිබුනු හැමදෙයින්ම හොදම දේ දුන්නේ මට. එහෙම කරපු අයව අතාරින්න බෑ මට කවදාවත්. ඔයාව මං තෝරගත්තොත් මං ඒ අයව අතාරින්න ඕනෙමයි. ඒ දේ කවදාවත් වෙනස් වෙන්නෙම නෑ. ඒ අයගේ තීරණයට පිටින් යන්න බෑ මට මෙච්චරකල් කලේ හැමදාම අඩ අඩ කවදාවත් සතුටක් නෑ. එහෙම ආදරය කරන්න බෑ. එහෙම ආදරය කරලා වැඩකුත් නෑ. මේ මං ඉන්න තත්ත්වය ඔයාට තේරුම් ගන්න බෑ මොකද ඔයාගේ ගෙදරින් කැමති නිසා.
අනිත් එක මං හවස කියපු දේ මං පවුලේ වැඩිමල් දරුවා විදිහට මට ලොකු වගකීමක් තියනවා මේ ටික කාලෙට මං ඒ හැමදෙයක්ම අමතක කරලා හිටියේ. ඒ වුනාට ඒක හැමදාම කරන්න බෑ. මේ හැමදේටම වඩා වටින්නේ අම්මයි තාත්තයි.... මගේ සතුටටත් වඩා...... මං මේ ඇත්ත හැමදාම දැනගෙන හිටියත් පුංචි හීනයක් හැමදාම තිබුනා අම්මලා දවසක කැමති වෙයි කියලා. ඒක හැමදාම හීනයක් විතරයි. ඒ හීනේ අපි දෙන්නම දැක්කා......
ඔයා සමහර විට මට සමාව දෙන එකක් නෑ..... ඒ වුනාට කමක් නෑ සචින් සමාව දෙන්න බැරිනම් වෛර කරන්න මට... ඒ වුනාට මං හින්දා නවත්තපු කිසිදෙයක් ආයෙමත් පටන් ගන්න එපා. ඒක අපි දෙන්නගේ ආදරේ වෙනුවෙන්වත් කරන්න. ඔයා ආයේ මං වෙනුවෙන් කවදාවත් බලන් ඉන්න එපා. මේ දේ අදින් ඉවර කරලා දාමු. ඒක කියන තරම් ලේසි නෑ තමයි. ඒ වුනත් කිහිපදෙනෙක්ම අඩවලා ඇවිත් අඩලා කරන ආදරේ කවදාවත් සාර්ථක වෙන්නේ නෑ. ඔයා ඊයේ ඇඩුවා. අද අඩන්න බැරිකමට හිනාවෙලා හිටියා. මං අද ඇඩුවා. මේ දවස් ටිකේම ඇඩුවා. ඉස්සරහටත් අඩයි. ඒත් ඔයා මගේ කදුළුත් අරන් හිනාවෙලා ඉන්න.
දවසක ඔයා ආසකරන ඔයාගේ ආදරේ ඔයාට ලැබෙයි. පන්ති ගිහින් හොදට පාඩම්කරලා විභාගේ ලියන්න. නරක වැඩකරන්න එපා.
ඔයාට ජේසු පිහිටයි! සුභ අනාගතයක්!
අදත් හෙටත් හැමදාමත් එදා වගේම ඔයාට ආදරෙයි!
මට සමාවෙන්න සචින්.
==============================
මේ ඔයාගේ පලවෙනි වගේම අන්තිම ලියුම.. මොන තරම් නපුරු දේවල් ඒකෙ තියනවද?? හ්ම්ම් ජීවිතේ මේ තරම් දුකයි කියලා මම කිසිම දවසක හිතුවේ නෑ. ඒත් මේ ආදරය කියන අකුරු 4 ඇතුලේ හැංගිලා තියන යතාර්ථය. මේ ඇත්ත මොන තරම් තිත්තද?? අපි අපේ ජීවිතේ කවුරුමහරි කෙනෙක්ට පණ වගේ ආදරේ කරනවා. ඒත් ඒ හැම කෙනෙක්ම අපිටත් ඒ වගේම ආදරේ කරනවද?? ගොඩක් අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේටත් එහා ගිය දේවල්.. ඔයාට මම පුළුවන් තරම් හොදට ආදරේ කළා. ඔයාව මම පුළුවන් තරම් පරිස්සම් කළා.. ඒත් මේ මාස 3දි ඔයා මගෙන් බලාපොරොත්තු වුන දේවල් මොනවද කියන්න මම දන්නේ නෑ.. කෙල්ලෝ කොහොමත් තේරුම් ගන්න අමාරු ජාතියක්.. ඔයාට මගෙන් ලැබුන දේවල් මදි වුනාද කියන්න මම දන්නේ නෑ.. ඒත් මම එකක් දන්නවා.. ඒ මම ඔයාට කිසිම අඩුපාඩුවක් කලේ නැහැයි කියන එක. ඒ මොනා වුනත් ඔයා මේ මාස 3ක ආදරේ නිසා අපේ අවුරුද්දක යාලුකමත් නැති කරලා දැම්මා.. මට ඒ ගැන ගොඩක් දුකයි..
ඔයා මට මොන තරම් බලාපොරොත්තු දුන්නද?? කවදාවත් මාව ඇත අරින්නේ නැහැයි කිව්වා.. මං නැතුව ඔයාට ජීවත් වෙන්න බැහැයි කිව්වා.. මොන බාධක තිබ්බත් ඔයා මගේම වෙනවයි කිව්වා.. තව හුගක් දේවල්.. ඒත් ඔයා මගේ ඇස් ඉස්සරහ මවලා පෙන්නපු ඒ ලස්සන හීන ඔයාම නැති කරලා දමාවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.. මම එපා කියද්දියි ඔයා රස්සාවක් කරන්න කියලා ගියේ.. ඒ ගිය මාසෙට ඔයා මොන තරම් වෙනස් වුනාද දේශි?? ඔයා දන්නවා මම විකාර විසිතුරු කැටයම් තියන කෙල්ලෙක්ට අකමැති බව.. මං ඔයාට කැමති වුනේ ඔයා ගෙවපු සරල ජීවිතේ නිසා.. ඒ හැමදේම අද වෙද්දී වෙනස් වෙලා.. එදා හිටපු දේශිනී නෙමෙයි අද ඉන්නේ සම්පුර්ණ වෙනස් කෙනෙක්.. ඔයා ඕන තරම් කොල්ලෝ යාළුවො විදිහට ආශ්‍රය කළා.. මම එකට අකමැති වුනත් ඔයාට මම වැඩි දෙයක් කිව්වේ නෑ.. දවසක් මට නින්ද ගිය වෙලාවක මං මැසේජ් නොකරපු නිසා ඔයා වෙන කොල්ලෙක් එක්ක මැසේජ් කළා කිව්වම මට පුදුම විදිහට තරහ ගියා.. ඔයාට මං කිව්වා මට ආදරේ නම් ආයේ යාලුවෝ කියලා හිතන් ඉන්න උන්ට මැසේජ් කරන්න එපා කියලා ඔයා මට කිව්වේ "ඔයා මොන දේ කලත් මට යාලුවෝ වටිනව" කියලා. ඇයි මම ඒ තරම්වත් ඔයාගේ ජීවිතේට ලං වෙලා නැද්ද??
අපේ අම්මා මගේ කැමැත්තට ඉඩ දුන්නට එයා ඔයාගේ හිතුවක්කාර පණ්ඩිත වැඩ වලට කැමති වුනේ නෑ.. මං නිසා එයා කටපියාගෙන හිටියා හැමවෙලේම.. කොහොමත් ඔයාගේ අම්මලා තාත්තලට වගේ මගේ අම්මලට පල්ලිය ඇතුලේ කෑගහන්න තරම් පිස්සුවක් නෑ. ඕන කෙනෙක් දන්නවා අපේ පවුල කාටවත් කරදරයක් නැතුව ජීවත් වුන අය කියලා. අම්මා අපිට මොන තරම් උදව් කලාද?? ඒත් ඔයා අන්තිමට එයාට කිව්වේ එයා මගේ ඔලුවට විෂබීජ දානවයි කියලා.. මං ඒ වෙලේ කටවහගෙන හිටියට ඔයා එහෙම ඉදීවිද?? ඔයාගේ අයට වචනයක් කියනවට ඔයා අකමැතියිනේ.. මට ඉක්මනට කේන්ති යනවා. ඒක දැන දැනම නිතරම මගේ කේන්තිය ඇවිස්සුවේ මොකද?? මගෙන් ඈත් වෙනන බලන්නද හේතුවක් හදන්??
ඔයා නිතරම අපේ ගෙදර ආවා. ඒත් අපේ අම්මා නිතරම ගෙදර ඉන්නවා.. ඒක නිසාද මට ඔයාලගේ ගෙදර එන්න කිව්වේ?? කවුරුත් නැති වෙලාවට?? කෙල්ලේ මම කිසි දවසක මම ආදරේ කරන කෙල්ලට අවැඩක් කරන්න කැමති නෑ.. මට මගේම කරගන්න බැරි වුනත් කවදාහරි ඔයා වෙනකෙනේක්ගේ හරි වෙනවනම් ඌට ඔයාගේ පිරිසිදුකම කියන දේ එක්කයි බාර දෙන්න ඕන.. තමන්ගේ චරිතේ නැතිකරගත්ත කෙල්ලෙක්ට සමාජයේ කිසිම පිළිගැනීමක් නෑ.. මම හැමවෙලේම ඔයා ගැන හිතලා මගේ සීමාවේ ඉදන් වැඩ කලේ.. ඒ හින්දමද මන්දා හැමදාම මට කෙලවුනෙත්.. හරිහමන් එකෙක්ට ඔයාව හම්බ වුනා නම් අද ඔයා ඉන්නේ ඔහොම නෙමෙයි බඩකුත් උස්සගෙන..
අන්තිමට මම එක දෙයක් කියන්නම්.. මම අම්මට පස්සේ කෙල්ලෙක්ගෙ කියලා අතකින් ඇල්ලුවේ ඔයාගේ.. බත් කටක් කාල තියෙන්නේ ඔයාගෙන්.. අද කාලේ ආදරේ ගැන කතා කරලා වැඩක්ම නෑ.. අද කාලේ හැම එකාටම ඕන ලව් නෙමෙයි සෙක්ස්.. ආදරේ වගේ පස්සෙන් ඇවිත් බලාපොරොත්තු වෙන්නේ ආදරේට එහා ගිය දේවල්.. මම පොන්නයෙක් නෙමෙයි.. මටත් තිබුනා ඔය ඕනම දෙයක් ඔයාට කරලා අනාත කරලා දාල යන්න.. ඒත් මම උඹට ආදරේ කළා.. ඒ වගේ බලු වැඩක් කරන්න කවදාවත් මට හිත දුන්නේ නෑ.. එහෙම කරන එකෙක්ට කවදාවත් හරියන්නෙත් නෑ.. කාගේහරි ජීවිතයක් වලපල්ලට යවන්න මං කැමති නෑ.. මම මට පුළුවන් හැම තැනකදීම අනිත් අයගේ කරදරවලට උදව් කරපු ඉස්සරහටත් එහෙම කරන මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්.. මට කාගේවත් චරිත සහතික ඕන නෑ.. මාව ලගින් ආශ්‍රය කරන ඕන කෙනෙක් දන්නවා මම කවුද කියන එක.. ඒ විදිහට ජීවත් වෙන නිසාද මන්දා මගේ ජීවිතේට හැමදාම හෙනහුරා කඩාපාත් වෙලා තියෙන්නේ.. අවංකව ජීවත් වෙන කෙනාට කවදාවත් වරදින්නේ නෑ කියලා මිනිස්සු කිව්වට ඌටම තමයි පුළුවන් තරම් වරදින්නේ.. ජීවිතේ කියන්නේ මඩ වගුරක්.. ඒකෙ ගිලුනොත් කවදාවත් ගොඩ එන්න බෑ.. පිටින් පේන ලස්සන කිසිදේක ඇතුලේ නෑ.. ඒ දේවල් තේරුම් කරලා දුන්නට ඔයාට ගොඩක් පින්.. ඉන්න තැනක සතුටෙන් ජීවත් වෙන්න.. ආයේ යාලු වෙන කිසිකෙනෙක්ට පිටුපාන්න එපා.. අවංක ආදරයක් ලබන්න ඔයත් ඒ ආදරේට අවංක වෙන්න.. ඔයා අද නැති වුනත් කවදාහරි දවසක මාව නැතිකරගත්ත එක ගැන දුක් වෙයි.. ඒත් එතකොට ඔයා ගොඩාක් පරක්කුයි රත්තරන්.. මොකද සචින්ට දෙයක් එපා කියලා හිතුනොත් එපාම තමා.. ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න.. ඔයා අතින් මට මොකක්හරි වැරද්දක් සිද්දවුනා නම් අනිවාර්යයෙන්ම ඔයාට මගෙන් සමාව ලැබෙන බව දෙවියන් වහන්සේ දන්නවා.. ගොඩක් ආදරෙයි ඔයාට.. අද නැතත් කවදාහරි ඔයා මේක දකීවි.. එතකොට ඔයා ගොඩක් පරක්කුයි..
මම,
ඔයාගෙම සචින්(ලහිරු සචින්ද)
Wednesday, September 25, 2013
ආදරණීය සිතුවිලි සමග මොහොතක්.....
නොසිතුනු අයුරින්.. මේ දිවි ගමනේ.. ඔබ මා මුණගැසුනු දින.. මසිත සලිත විය.. ඔබ මා දිවියේ පණ නල වේ යයි.. සිහිනෙකිනුදු නොසිතුනද.. මා දිවියේ ඔබ.. මුල් බැස ගත්තාය.. නොකිලිටි පිවිතුරු පරම ප්‍රේමය මාගේ.. ඔබට පුදන්නෙමි.. ඔබගේ සෙවණැල්ල වෙමි.. ඔබට මා ආදරෙයි.. ඔබට මා ආදරෙයි..
ප.ලි
දැන් මතක මාවතට එන ඈයෝ ගොඩක් අඩු වෙලා නේද?? හැමදාම එන කිහිප දෙනා විතරනේ එන්නේ.. අනේ මන්දා.. මගේ පෝස්ට් මෙලෝ රහක් නැද්ද කියල?? :(
Subscribe to:
Posts (Atom)