හ්ම්ම් අදත් මං අරගෙන ආවෙ මගේ පුංචි අත්දැකීමක්.. පුංචි වුනත් ලොකු පාඩමක් මට ඒ දේ ඉගැන්නුවා.. ඒ නිසාමයි මම මේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්නෙ.. අපි කවුරු අතරත් මේ වගේ අය ඉන්න පුලුවන්.. තමන් අවංකද නැද්ද කියලත් ටිකක් ඒ ගමන් හිතන්නකො :ඩී තමන්ගෙ හෘද සාක්ශියෙන් තමන්ම ටිකක් අහලා බැලුවා නම්(මාත් එක්ක මල පන්න ගන්න එපා හොඳේ මෙහෙම කිව්වට..
හරි.. වැඩි බයිලා ඕනෙ නෑ නේද?? කෙලින්ම යමු කතාවට..
මේ සිද්ධිය වුනේ මීට සතියකට කලින්.. හරිහමන් දිනයක් නම් නෑ ඕං.. මම උ/පෙ වලට ක්ලාස් යන්නෙ ගම්පහ ජා-ඇල පාරෙ.. අපි 2014 උ/පෙ බැච් එකේ.. ඉතින් මේ අතරෙ අපේ පන්තියට ආවා මේ අවුරුද්දෙ උ/පෙ කරන එකෙක්.. අපි ඌට බාචා කියමුකො(උගෙ කාඩ් එක) ඉතින් මූ හොඳට ඉගෙන ගන්නවා ඒ වගේම සෙට් එක අතර ඉද්දි විනෝදෙට බරයි.. ඒ වගේම කතාවෙන් මිනිස්සුන්ගෙ හිත් දිනාගන්නත් හපනෙක්.. ඒ නිසාම ටික දවසක් යද්දි ඌ අපේ ගොඩක් බැචාලගෙ වගේම මගෙත් සමීප මිතුරෙක් වුනා..
ක්ලාස් එකේ සර් වුනත් අපි එක්ක මාර ෆිට්.. හරියටම කියනවා නම් ගුරුවරයෙක්ටත් එහා ගිය ලෙන්ගතුකමක් අපි එක්ක තිබ්බා.. හරියට හොඳම යාලුවෙක්, තාත්තා කෙනෙක් වගේ(සර් ගැනත් වෙනම පෝස්ටුවක් දාන්නම්) :ඩී ඔන්න ඔය අතරෙ අපේ බැචාලා කතා වුනා ක්ලාස් එකේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න.. සර්ගෙනුත් අපිට අවසරය සහ සපෝට් එක ලැබුනා.. ගොඩක් හොඳට මහන්සි වෙලා අපිට පුලු පුලුවන් විදිහට මුදලුත් හොයාගෙන අපි නියමෙටම අවුරුදූ උත්සවේ තිබ්බා.. මහන්සියෙ උපරිම ඵලය නෙලාගන්න මට බැරි වුනා පොඩි සිද්දියක් හින්දා..
අයියෝ මෙයා කතාව නොකියා වටේ යනවනෙ කියලා හිතුනා නේද? නෑ කියන්න එපා..
මම මේ කතාවට පසුබිම සකසනවා බොලං..
ඔන්න දැන් මං අර කලින් කිවුව අවුරුදු උත්සවේදි තමා මං බාචා එක්ක ගොඩක් ෆිට් වුනේ.. ඌත් අපිත් එක්ක හරි හරියට වැඩ කරපු නිසා අනිත් උන්ටත් ඌව සැටිස් වුනා.. ඒ නිසා අපි අතර තරමක් ජනප්‍රිය චරිතයක් වුනා ඌ.. ඔහොම තව සතියක් ගියා..
දවසක් මමයි අපේ බැච් එකේ මලිඳු කියල කොල්ලෙකුයි(මෙයා ගැනත් කතා ගොඩක් තියනවා) බාචයි ක්ලාස් ඇරිල බස් හෝල්ට් එකේ ඉන්නකොට මලිඳුවා යෝජනාවක් ගෙනාව අද අපේ ගෙදර එන්නද කියලා.. මමත් ඉතින් ආගන්තුක සත්කාර දන්නා බුවා නිසා වගේම ලඟපාත උන් එක්ක වැඩි ආශ්‍රයක් අඩු හින්දම එන්න කීවා.. පස්සෙ උන් ඇවිල්ලා පැයක් විතර ඉඳලා ගියා.. ඒ ගමන් තමා බාචා මට උගේ ප්‍රශ්නයක් කිව්වෙ.. උගෙ පව්ලෙ ඌයි අයියයිලු.. අයියා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා.. ඒ අප්සට් එක නිසා ඌට ගෙදර ඉඳන් පාඩම් කරන්න අමාරුලු.. නිදහසේ පාඩම් කරන්න තැනක් හොයනවා කිව්වා.. මොනා වුනත් මගෙ යාලුවෙක්නෙ.. අනික මේ අවුරුද්දෙ උ/පෙත් එක්කනෙ.. ඒ නිසා මං අම්මගෙන් ඇහුව ඌට ටික දවසක් පාඩම් කරන්න මෙහෙ ඉන්න දෙන්නද කියලා.. ම්හු.. අම්මගෙ නම් අකමැත්තක් නෑ.. මොකද මං නිතරම තනියම හිටිය එකානෙ..
මං ඌට ඉරිද ක්ලාස් එකේදි සිද්දිය කිව්වා.. ඌ එවෙලෙ මුකුත් කිවුවෙ නෑ.. ඒත් ආයෙ ඌ අඟහරුවාදාද කොහෙද කෝල් කරල එන්නද ඇහුවා.. මං ඉතින් හා කිව්වා.. මූට හැපි.. මූ පහුවදා ආවෙ අම්මත් එක්කමයි.. අම්මත් පැය ගානක් විස්තර අහලා අහලා ඔන්න ඌව තියල යන්න කැමති වුනා.. ඒකත් නිකන් හරියට අපි ඌව බලෙන් තියාගන්න හැදුව වගේ තමා ඇහුවෙ.. මට ඉතින් ටිකක් කේන්ති ගියත් පව්නේ මේ ලමයා විතරක් දැන් ඉන්න නිසා ඕනවට වඩා ඌ ගැන හිතනව ඇති කියලා හිතාගත්තා..
ඔන්න අපි රෑ පාඩම් වැඩ කරලා කන්න ගියා.. බාචා හෙන දාර මහත පොරක්.. ඌට ලොරියක විතර කෑම කන්න පුලුවන් බව මට තේරුනේ අපෙ අම්මා ඌට දුන්න බත් පිඟාන ඌට මදි බව මූනෙන්ම පෙනුන නිසා.. ඉතින් අම්මා එයාගෙ බත් පංගුවද කොහෙද ආයෙ ඌට දාලා දුන්නා.. ඉතින් කෑම කාලා තව වැඩ මොනාද කරලා අපි නිදාගත්තා.. ආයෙ පාන්දරම නැගිටලා ඌ ලෑස්ති වුනා.. මං ඇහුවම ඌ කිවුවෙ ඌගෙ වෙසක් කූඩුවක් තියනවා ඒක කොලඹ වෙසක් කලාපෙට දෙන්න ඕනෙ ඒ වැඩේට යනවා කියලා මූ ගියා ගියාමයි ආයෙ දකින්නත් නෑ..
කෝල් ගත්තම මූ ආන්සර් කරනනෑ.. ඊයෙ අම්ම කෝල් කලාම මූ සද්ද නැතුව උගෙ අම්මට පෝන් එක දීලා තිබ්බා.. ඒ මදිවට මූ ගිහින් කියලා එහෙ හරි නෑ අම්මෙ ඒ මල්ලි හරියට වැඩ කරන්නෙත් නෑ.. ටිකක් වැඩ කරලා පෝන් එක ඔබ ඔබ ඉන්නවා ගගා.. මූට ඒවා වැඩක් නෑනෙ.. ඌ ආවෙ උගෙ වැඩ කරගන්න මිසක් මට උගන්නන්නයැ.. මට අහන්න හිතුනෙම ඇයි ඇන්ටි පුතාට කන්න මදි වුනා කියලා කිව්වෙ නැද්ද කියලා.. ඒත් මං ඒක ඇහුවෙ නෑ..
එච්චරයි.. කෙනෙක්ගෙ කරදරේකදි උදව් කරන එක හොඳ වැඩක්.. ඒත් මේ වගේ උන් නිසා ඒ දේත් එපා වෙනවා.. හිතන්න, මගෙ තිබ්බ මනුස්සකම නිසයි යාලුකම නිසයි මං ඌට උදව් කරන්න ඉදිරිපත් වුනේ.. ඒත් අඩුම තරමෙ ස්තූතියි කියලා කියන්න තරම්වත් මනුස්ස ගතියක් ඌට නොතිබ්බෙ ඇයිද මන්දා.. මට ඒ සිද්ධිය මතක් වෙන කොට මාත් එක්කම ලොකු තරහක් දුකක් හිතට එන්නෙ..
ප.ලි
කලින් පෝස්ටුවට ලැබුන ප්‍රතිචාර ගොඩක් අඩුයි.. පෙම් කතා කියවන්න කට්ටිය අකමැතිද දන්නෑනෙ.. හොඳ හෝ නරක හෝ ඕනෑම අදහසක් දාලා යන්න.. ඒක මට ලොකු ශක්තියක් මගේ වැරදි හදාගෙන.. පස්සෙ තවත් පෝස්ටුවකින් හමුවෙමු.. ජය ශ්‍රී!!!!!!!
පිස්සු පීකුදු කිව්වලු. උඹ අනූ නමයෙන්නෙ බේරුණේ. අපෙත් ඔහොම එකෙක් හිටියා මචං. යනකොට යන්නෙ අපේ නම්බුවත් කාලා, ගෙදරවත් ඉන්න බැරි තත්ත්වෙට පත්කරලා. ඔඹ බේරුණා කියලා හිතපං.
ReplyDeleteඒක නෙමේ. උඹේ බ්ලොග් එක සින්ඩිකේටර් කීපයක එල්ලපං. එතකොට ප්‍රසිද්ධියක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලම දාපං රික්වෙස්ට් එකක් මාතලංගෙ සින්ඩියට. ඌ සිරාවට අතදෙන පොරක්.
අනිවා මචෝ අනූනමයෙන් බේරුනා.. :ඩී
Deleteඔව් මචෝ මං සින්ඩි වගේකට රික්වෙස්ට් දැම්මා.. මාතලන්ගෙ සින්ඩියටත් එකක් දාන්නම්.. මං ඒක දැනන් හිටියෙ නෑ.. දැනුවත් කලාට ස්තූතියි සහෝ..
උඹට කීයක් හරි දෙන්න ඕනේ බං ෆෝන් එකෙන් මේවා ලියනවට :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එලනෙ බං හොඳ එකා වගේ ගානක් දියන්කො මට :ඩී
Deleteඔහොම තමයි බං ජීවිතේ. යාළුවෝ කියන්නේ හරි පුදුම ජාතියක්. සමහරු යාළුකම වෙනුවෙන් ජීවිතේ වුණත් දෙනවා. සමහරු අපිත් නැති කරගෙන යන්න යනවා. කවුරු වුණත් පරිස්සමින්. අපි හිතන අය නෙමෙයි බං ඇතුළෙන් ඉන්නේ. ඒක නෙමෙයි, හොඳ එකා වගේ දැන් ඉඳලා පාඩම් කරන්න පිළිවෙළකට. නැත්තං අන්තිම කාලෙට යාළුවෝ ලෝකේ නැති සෙල්ලං දානවා උඹ ව වට්ටන්න. මං මේ අත්දැකීමෙන් කියන්නේ.
ReplyDeleteඅනිවා ධාරා.. ඇයි උඹටත් මෙහෙම දෙයක් වුනාද?? :පී
Deleteනැතු ව බං! අනන්තවත් වෙලා තියෙනවා. මේ වගේ නෙමෙයි මීට වඩා අවුල් ගිහින් තියෙනවා. හිත හොඳ වැඩි වුණාමත් කරදරයිනේ. අනික බං කෙල්ලෝ කොල්ලෝ වගේ නෙමෙයිනේ. පොඩ්ඩ මිස් වුණත් දන්නවනේ.
Deleteඅපොයි ඔව් බං.. අර කතාවක් තියෙන්නෙ කොල්ලො 10 දෙනෙක්ට එකම පැදුරෙ නිදාගන්න පුලුවන් වුනාට කෙල්ලො දෙන්නෙක්ට අක්කරයක් ඇතුලෙවත් ජීවත් වෙන්න බෑ කියලා.. :ඩී
Deleteආගිය කතාවක් ලියනකොට අනවශ්‍ය වැල්වටාරම්(වටේ යෑම්)පුළුවන් තරම් අඩුකරන්න ඕන.නැත්නම් කිවන කෙනාට බෝරිං වෙන්න ඉඩ තියෙනවා.
ReplyDeleteහරියට කන්න දුන්නෙ නෑ කියලා ඌ,පොලීසියේ එන්ට්‍රියක් දැම්මෙ නැති එක ගැන සතුටු වෙන්න...!
අපොයි ඔව් අයියෙ.. මං හිතුවෙ මාව පොලීසියෙන් උස්සන් ගියා කියලා..
Deleteඑකඟයි.. වටේ යන එක පුලුවන් තරම් අඩු කරන්නම්.. :ඩී
ඔහොම තමයි. සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...අඩිකෝදුවක් ඔනේ කියනවනේ
ReplyDeleteඅනිවා අනිවා දිලිනි.. කතාව ඇත්ත..
Deleteඅදම නේද ආවෙ? ගොඩක් සතුටින් පිලිගන්නවා..
අපිත් ගොඩවැදුණෝ...ආයත් එන්නම්
ReplyDeleteස්තූතියි නලින් අයියෙ.. නැවත එන්න..
Deleteඋගත් පාඩම් හා ප්රතිසංවිධාන කමිටුවට බැඳෙන්න සචින්. :)
ReplyDeleteඅනිවා අනිවා අයියෙ.. හිතා බලන්න ඕනෙ..
Deleteමෙහෙමයි මල්ලි උඹ මොනා උනත් ඌට අත දෙන්නනේ ගියේ,උඹට පුළුවන් උඹ ගැන සතුටු වෙන්න.හොඳ හිත්වලට හැමදාම වරදින්නෙත් නෑ හරි යන්නෙත් නෑ. උඹ පාඩමක් ඉගෙනගන්න ඇති මේකෙන්,එකත් වටිනවා නොවෑ..මතක මාවතෙන් මේ වගේ මතකයන් බෙදාගන්න..බෙදනකොට අපිත් පිඟන් අරන් එන්නන්කෝ!ජය වේවා!!
ReplyDeleteඅනිවා අනිවා මචං.. ලොකු පාඩමක් ඉගෙන ගත්තා බං.. ඩී
Deleteඅඩෝ පිඟන් ගෙනල්ලා මදි බං.. කෝප්පෙකුත් අරන් වරෙන් බෙදලා දෙන එක කාලා වතුර ටිකක් බොන්න.. හික්ස්..